Sunday, December 23, 2007

High speed wireless Internet connection - Mobitel M3

දැන් මොබිටෙල් සමාගමත් 3.5G තාක්ෂණයෙන් සන්නද්ධ වෙලා. හැබැයි එකෙන් මේකෙන් Dial up අන්තර්ජාල සම්බන්ධතා පාවිච්චි කරන ගමේ අපිට නම් වාසි ගොඩයි. දකුණු ආසියාවේ ප්‍රථම වරට, ලෝකයේ සත් වන වරට ඔවුන් නවතම HSPA (High Speed Packet Access) තාක්ෂණය හඳුන්වා දුන්නා. මෙමගින් අපට අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා ලබාගත හැකියි.

Max. Downlink speed – 7.2Mbps Max. Uplink speed - 1.98 Mbps

නමුත් මෙම පහසුකම ලබාගැනීමට නම් ඔබ ප්‍රදේශයේ අනිවාර්යයෙන් ම 3G සක්‍රිය කර තිබිය යුතුයි. එසේම වෙනම ම මොඩමයක්ද ලබාගත යුතුයි. මොඩම් වර්ග ද 2 ක් ඇත. එකක් අධිවේගී දත්ත හුවමාරුව ට සහ අනෙක මද වේගී දත්ත හුවමාරුව ට. මද වේගී මොඩමය uplink 1 Mbps දක්වා පමණක් සහාය දක්වන අතර මිලෙන්ද අඩුය. එනම් මට මතක විදියට රුපියල් 20 000 කට ආසන්න ගණනක්. අධි වේගී මොඩමය uplink 7.2Mbps දක්වා සහාය දක්වන අතර මි‍ල ආසන්නව රුපියල් 30 000 කට ආසන්නය.

නමුත් මොඩම භාවිතය වෙනුවට විකල්පයක් ද ඇත. එනම් අප සතු 3G ජංගම දුරකථනය ආධාර කරගෙන අන්තර්ජාල ගත වීමයි. එහිදී

N70 – 300Kbps N73 – 400Kbps දක්වා ද සහය වන බව සේවා නියෝජිතයෙක් පැවසුවා.

මේ සඳහා අප වෙනම ම සිම් කාඩ් පතක් ලබාගත යුතුය. එය රුපියල් 500 කි. ඉන් පසු අවශ්‍ය පරිදි තෝරා ගැනීමට පැකේජ 4ක් ලබා දෙයි.

පළමු පැකේජය මාසික වාරිකය - රුපියල් 400.00 අත්තිකාරම් මුදල - රුපියල් 1500.00 250MB දත්ත හුවමාරුවක් නොමිලේ ලබා දේ Downlink – 512Kbps Uplink – 384Kbps අමතර සෑම 1MB යකටම රුපියල් 1.00 බැගින් අය කරයි.

දෙවන පැකේජය මාසික වාරිකය - රුපියල් 1500.00 අත්තිකාරම් මුදල - රුපියල් 1500.00 1500MB දත්ත හුවමාරුවක් නොමිලේ ලබා දේ Downlink – 1Mbps Uplink – 384Kbps අමතර සෑම 1MB යකටම රුපියල් 1.00 බැගින් අය කරයි.

තෙවන පැකේජය මාසික වාරිකය - රුපියල් 5000.00 අත්තිකාරම් මුදල - රුපියල් 6000.00 5GB දත්ත හුවමාරුවක් නොමිලේ ලබා දේ Downlink – 3.6Mbps Uplink – 384Kbps අමතර සෑම 1MB යකටම රුපියල් 1.00 බැගින් අය කරයි.

සිව්වන පැකේජය මාසික වාරිකය - රුපියල් 15000.00 අත්තිකාරම් මුදල - රුපියල් 15000.00 15GB දත්ත හුවමාරුවක් නොමිලේ ලබා දේ Downlink – 7.2Mbps Uplink – 1.98Mbps අමතර සෑම 1MB යකටම රුපියල් 1.00 බැගින් අය කරයි.

ඒත් අසීමිත ලෙස දත්ත හුවමාරුවක් ලබාදෙන පැකේජයක් නම් දැනට හඳුන්වා දී නෑ. කෙසේ වෙතත් මෙම සම්බන්ධතාවයන් නම් ඉතා ප්‍රයේජනවත් එකක් වන බව නම් නිසැකයි෴

වැඩි විස්තර සදහා මොබිටෙල් අමතන්න 0712755777

ආ.......මේ connection එක ගන්න කලින් මතක් කරලම ඔය පැත්තට 3G තියෙනවද කියල බලන්න. නැත්තම් මට වෙච්ච දේ ඔයාලටත් වෙයි......!

2 comments:

මලින්ත සමරකෝන් | Malinthe Samarakoon said...

මමත් ආසාවෙන් මේ වගේ සම්බන්ධතාවයකට. ඒත් මේ හැම පැකේජ් එකකම download limits තියෙන නිසා අවාසියි කියලයි මට හිතෙන්නේ.

ප.ලි.: නියම බ්ලොග් එකක්. දිගටම ලියන්න. සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහයට එකතුවෙන්න. http://groups.google.com/group/sinhala-bloggers/

චෑම් said...

නියමයි,

නාරමිමල කොල්ලෙක් වීම ගොඩක් සතුටුයි. මම කටුපොත. නා. මමවි කොල්ලෙක්. ජයවේවා

--
චෑම්