Saturday, December 29, 2007

Lets Install softwares in pen drive

අපි යන යන තැන අපිටම හුරු මෘදුකාංග ඒවායේ settings, bookmarks, plugins, skins...... එක්කම ගෙනියන්න තියෙනවා නම් කොච්චර හොඳද!!! ඒවාගේම තමයි තවමත් dial up පාව්ච්චි කරන internet cafe යන අයට bookmarks එක්කම තමාගේ web browser එක internet cafe එකට ගෙනියන්න තියෙනවා නම් කොච්චර හොඳ ද!!!

දැන් portable apps වලට පින් සිද්ද වෙන්න ඒක කරන්න පුළුවන්. Pen එක U3 ‍එකක් වෙන්න ඕනා නෑ. ඕනම pen එකකට මේක දත හැකියි෴ පෙන් එක ගැහුවාට පස්සෙ රූපයේ පෙනෙන පරිදි මෙනුවක් system tray එක ලඟට එනවා. හරියටම U3 වල වගේමයි෴ පාවිච්චිය හා නඩත්තුවව හරිම පහසුයි. අවශ්‍ය විටෙක දී සියල්ල backup කළ හැකියි. Bookmarks පවා෴

මෙසේ භාවිතා කළ හැකි මෘදුකාංග විශාල ප්‍රමාණයක් මොවුන්ගේ මව් අඩවියේ ඇත. සෑම දෙයකටම ඔබින පරිදි මෘදුකාංග ද ඇත. ප්‍රති වෛරස මෘදුකාංග පවා෴ මෙය ඔබට නවමු අත්දැකීමක් වෙයි. අත්හදා බලන්න෴

[Portable Apps]

How to add shortcut to My Computer (Part 1)

අපේ පරිගනකයේ පාටිෂන් එකක් ඇතුලෙ තියෙන ෆෝල්ඩරයක Shortcut එකක් My Computer වලට දාගන්න ඇත්නම් කොච්චර අගෙයි ද? වැඩෙත් ඉක්මන්! ඇත්තටම ඒක කරන්න පුළුවන්. හොද කට්ටක් කාලා ඒක කරන්න ඕන නම් Registry එකට value ටිකක් එකතු කරලා කරන්න පුළුවන්. ඒත් මේ වැඩේටම හදපු මෘදුකාංග තියෙද්දි එච්චර ඔට්ටු වෙන්න ඕනා නෑනෙ! ඒ මෘදුකාංගය තමයි Folder2MyPC. සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන්නෙ෴ මේකෙන් Folder එකක් හරි Application එකක් හරි My Computer වලට මෙන්ම Control Panel එකටද එකතු කර ගතහැකි෴

[ Folder to My PC ]

Monday, December 24, 2007

How to catch a VIRUS

මේ දවස් වල හරියට වෛරස්. වසංගතයක් වගේ. පෙන් එක කොහේවත් ගහන්න බෑ........ වෛරස් පුරවාගෙන තමයි ගේන්න වෙන්නෙ. ඒත් පෙන් එකේ කොච්චර වෛරස් තිබුනත් අපි ටිකක් සැලකිලිමත් උනොත් අපිට වෛරස් වලින් බේරුන හැකි. පෙන් එක ෆෝමැට් කරන්න වෙන්නෙත් නෑ෴ වෛරස් අපේ පරිගණකයට ඇතුලු වෙන්න නම් වෛරසය වැළඳී ඇති ගොනුවක් එක් වරක් වත් ධාවනය විය යුතුය. වෛරසය වැළඳී තිබෙන ගොනු ඇති ෆෝල්ඩරයට ගියාට වින්ඩෝස් XP වල දී නම් වෛරස ආසාදනයකට ලක්වීමේ කිසිම ඉඩක් නෑ. එනිසා අපට අවශ්‍ය නම් ආසාදිත ගොනු ඇති ස්ථානයටම ගොස් ඒවා මකා දැමිය හැකියි෴ නමුත් පරිස්සමෙන්! පෙන් ඩ්‍රයිව් එකෙහි අයිකනය මත click කළ විට එය ව්වෘත වුව ද ඔබට නොදැනීම වෛරස සහිත ගොනු autorun වී තිබෙන්නට පුළුවන. එනිසා පෙන් එක විවෘත කිරීමේ දී වඩා ආරක්ෂිත ක්‍රමයක් භාවිතා කළ යුතුව ඇත. එනම් Folder View එකෙන් Browse කිරීමයි෴ ඒත් ඉතින් මට නම් තියෙන තදියමට ඕක කරන්නත් කලින් ඉබේටම පෙන් එක Double click වෙනවා. ඒ නිසා මම කරේ පෙන් එකට Shortcut එකක් දාගත්තා. ටිකක් වෙනස් ක්‍රමයකට෴ ඒකෙන් කෙලින්ම Explore view එකම ඇරලා දෙනවා. මෙන්න ඒ Shortcut එක %windir%\explorer.exe /n,/e,L:\ මෙහි අවසානයට ඇති L යනු මාගේ පෙන් එකේ Drive letter එකයි. ඔබේ පරිගනකයට උචිත පරිදි එම Drive letter එක වෙනස් කර ඔබත් මෙම ක්‍රමය අත්හදා බලන්න. ඊට පස්සෙ එහි එන අයිකනය කැතයි ව‍ගේ නම් අයිකනයත් මාරු කර ගන්න෴ දැන් වැඩෙන් තුනෙන් එකක් හමාරය. බොහෝ වෛරස් ගොනු System Hidden ආකාරයෙන් එන නිසා මීලගට System Hidden ෆයිල් Show කර ගත යුතුය෴ මේ සඳහා

  1. Tools > Folder Options > View යන්න
  2. Show hidden files and folders තෝරන්න
  3. Hide protected operating system files න්නට දමා ඇති හරිය ඉවත්කර Apply කර OK කරන්න. මම නම් සාමාන්‍යයෙන් Hidden \ System Hidden ෆයිල් show කරලමයි තියෙන්නෙ!

දැන් වැඩෙන් තුනෙන් දෙකක් ඉවරයි. ඊලගට තියෙන්නෙ වෛරස් එක මකන්න. වෛරස් ගොනුව මොකක්ද කියලා හොයාගන්න ලේසිම ක්‍රමය තමයි autorun.inf ගොනුව ඇරලා බලන එක. ඒකෙ Open = ???? කියලා ඉදිරියෙන් තියෙන්න සාමාන්‍යයෙන් වෛරස ගොනුවයි෴

සමහර ප්‍රති වෛරස මෘදුකාංග සමහරක් වෛරස අල්ලන්නෙ නැති නිසා දැන් අපිට පුළුවන් වෙයි ඒ ‍ වෛරස අතින්ම අල්ලන්න෴ ඔබත් අත්හදා බලන්න෴

Sunday, December 23, 2007

High speed wireless Internet connection - Mobitel M3

දැන් මොබිටෙල් සමාගමත් 3.5G තාක්ෂණයෙන් සන්නද්ධ වෙලා. හැබැයි එකෙන් මේකෙන් Dial up අන්තර්ජාල සම්බන්ධතා පාවිච්චි කරන ගමේ අපිට නම් වාසි ගොඩයි. දකුණු ආසියාවේ ප්‍රථම වරට, ලෝකයේ සත් වන වරට ඔවුන් නවතම HSPA (High Speed Packet Access) තාක්ෂණය හඳුන්වා දුන්නා. මෙමගින් අපට අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා ලබාගත හැකියි.

Max. Downlink speed – 7.2Mbps Max. Uplink speed - 1.98 Mbps

නමුත් මෙම පහසුකම ලබාගැනීමට නම් ඔබ ප්‍රදේශයේ අනිවාර්යයෙන් ම 3G සක්‍රිය කර තිබිය යුතුයි. එසේම වෙනම ම මොඩමයක්ද ලබාගත යුතුයි. මොඩම් වර්ග ද 2 ක් ඇත. එකක් අධිවේගී දත්ත හුවමාරුව ට සහ අනෙක මද වේගී දත්ත හුවමාරුව ට. මද වේගී මොඩමය uplink 1 Mbps දක්වා පමණක් සහාය දක්වන අතර මිලෙන්ද අඩුය. එනම් මට මතක විදියට රුපියල් 20 000 කට ආසන්න ගණනක්. අධි වේගී මොඩමය uplink 7.2Mbps දක්වා සහාය දක්වන අතර මි‍ල ආසන්නව රුපියල් 30 000 කට ආසන්නය.

නමුත් මොඩම භාවිතය වෙනුවට විකල්පයක් ද ඇත. එනම් අප සතු 3G ජංගම දුරකථනය ආධාර කරගෙන අන්තර්ජාල ගත වීමයි. එහිදී

N70 – 300Kbps N73 – 400Kbps දක්වා ද සහය වන බව සේවා නියෝජිතයෙක් පැවසුවා.

මේ සඳහා අප වෙනම ම සිම් කාඩ් පතක් ලබාගත යුතුය. එය රුපියල් 500 කි. ඉන් පසු අවශ්‍ය පරිදි තෝරා ගැනීමට පැකේජ 4ක් ලබා දෙයි.

පළමු පැකේජය මාසික වාරිකය - රුපියල් 400.00 අත්තිකාරම් මුදල - රුපියල් 1500.00 250MB දත්ත හුවමාරුවක් නොමිලේ ලබා දේ Downlink – 512Kbps Uplink – 384Kbps අමතර සෑම 1MB යකටම රුපියල් 1.00 බැගින් අය කරයි.

දෙවන පැකේජය මාසික වාරිකය - රුපියල් 1500.00 අත්තිකාරම් මුදල - රුපියල් 1500.00 1500MB දත්ත හුවමාරුවක් නොමිලේ ලබා දේ Downlink – 1Mbps Uplink – 384Kbps අමතර සෑම 1MB යකටම රුපියල් 1.00 බැගින් අය කරයි.

තෙවන පැකේජය මාසික වාරිකය - රුපියල් 5000.00 අත්තිකාරම් මුදල - රුපියල් 6000.00 5GB දත්ත හුවමාරුවක් නොමිලේ ලබා දේ Downlink – 3.6Mbps Uplink – 384Kbps අමතර සෑම 1MB යකටම රුපියල් 1.00 බැගින් අය කරයි.

සිව්වන පැකේජය මාසික වාරිකය - රුපියල් 15000.00 අත්තිකාරම් මුදල - රුපියල් 15000.00 15GB දත්ත හුවමාරුවක් නොමිලේ ලබා දේ Downlink – 7.2Mbps Uplink – 1.98Mbps අමතර සෑම 1MB යකටම රුපියල් 1.00 බැගින් අය කරයි.

ඒත් අසීමිත ලෙස දත්ත හුවමාරුවක් ලබාදෙන පැකේජයක් නම් දැනට හඳුන්වා දී නෑ. කෙසේ වෙතත් මෙම සම්බන්ධතාවයන් නම් ඉතා ප්‍රයේජනවත් එකක් වන බව නම් නිසැකයි෴

වැඩි විස්තර සදහා මොබිටෙල් අමතන්න 0712755777

ආ.......මේ connection එක ගන්න කලින් මතක් කරලම ඔය පැත්තට 3G තියෙනවද කියල බලන්න. නැත්තම් මට වෙච්ච දේ ඔයාලටත් වෙයි......!

Saturday, December 22, 2007

මේ ඇරඹුමයි....යා යුතු මග දුරයි..෴

මේ මාගේ නව බ්ලොග් එකේ ආරම්භයයි. ඔබ ව මාගේ අඩවියට සාදරයෙන් පිළිගන්නවා෴

ලංකාවෙ අපිට කියවන්න අපේ භාෂාවෙන්ම ලියන්නයි හිතුවෙ. මම හැමදාම ඔයාලගෙ අදහස් දැනගන්න කැමතියි. මට ලියන්න.....෴