Thursday, August 28, 2008

හැකිනම් විසඳන්න!!

මෙය මම උපුටා ගත්තෙ අද දුන්න උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂනය ප්‍රශ්න පත්‍රයෙන්. බලමු කව්ද ඉස්සෙල්ලාම මෙය විසදන්නෙ කියලා!!

බහුවරණ ප්‍රශ්න අංක 38
කුරුළු කැදැල්ල නම් පෙර පාසල, කාළගුණය යහපත් දවස්වල පමණක් පැවැත්වෙන අතර, කාලගුණය අයහපත් දවස්වල පවත්වනු නොලැබේ. වැසි සහිත දවස් හෝ තද සුළං සහිත දවස් හෝ පමණක් කාලගුණය අයහපත් දවස් ලෙස සලකණු ලැබේ. පෙර පාසලේ විදුහල්පතිනියගේ විවාහ මංගලෝත්සවය ජුලි මස අවසන් බ්‍රහස්පතින්දා පැවැත් විණි. එදින පෙර පාසල නොපැවැත් විණි. දී ඇති තොරතුරු අනුව, මෙයට හේතුව ලෙස නිගමනය කළ හැක්කේ
(1) විදුහල්පතිනියට දැක්වූ ගෞරවය යි.
(2) ගුරුවරුන් සියලුම දෙනා මෙම මංගල උත්සවයට සහභාගී වීමයි.
(3) සියලුම දෙමාපියන් මෙම උත්සවයට සහභාගී වූ බැවින් දරුවන් පාසලට නොපැමිණිමයි.
(4) පෙර පාසලේ සුළු සේවකයින් සියලු දෙනාම එදින නිවාඩු ලබා ගැනීම නිසා, පාසලේ දොරවල් විවෘත නොකිරීමයි.
(5) එදින තද සුළං සහිත දවසක් නොවූ නමුත් වැසි සහිත දවසක් වීමයි

බහුවරණ ප්‍රශ්න අංක 39
එක්තරා ධනවත් පියෙක් තම පුතා අ.පො.ස. උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණයට ලකුණු 90 කට වඩා වැඩියෙන් ලබා ගත හොත් පමණක් ඔහුට කුඩා මෝටර් රථයක් මිලට ගෙන දීමට පොරොන්දු විය. පුතා මෝටර් රථයෙන් සරසවියට යාමට බලාපොරොත්තු විය.එහෙත් පුතා ලබා පරීක්ෂණයට ලබා ගත්තේ ලකුණු 85 ක් පමණි. මෙ‍ම තොරතුරු පමණක් උපයෝගී කොට ගෙන, පහත සඳහන් ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.
(1) පියා, පුතාට මෝටර් රථයක් නුදුන්නේය.
(2) පියා, පුතාට පාපැදියක් මිලට ගෙන දුන්නේය.
(3) පියා, පුතාට මෝටර් රථයක් මිලට ගෙන දුන්නේය.
(4) පියා, සරසවියට ඇවිදගෙන යා හැකි දුරකින් පුතාට නිවසක් මිලට ගෙන දුන්නේය.
(5) සාමාන්‍ය පොදු පරීක්ෂණයට ලකුණු 85ක් ලැබීම පුතාට සරසවි යාමට ප්‍රමාණවත් නොවීය.

3 comments:

Gayan Madhuranga Rathnayake said...

තවත් මරු ප්‍රශ්න ටිකක් තියෙනවා, දැක්කොත් හිනා කාලා මැරෙයි!!! පස්සෙ දාන්නම් කො.....

MDJ said...

බහුවරණ ප්‍රශ්න අංක 38 - පිළිතුර 5

බහුවරණ ප්‍රශ්න අංක 39 - පිළිතුර 5

Gayan Madhuranga Rathnayake said...

මම හිතුවෙ ගොඩක් කට්ටිය මේකට උත්තර දෙයි කියලා :( . ප්‍රශ්න වල මෝඩ බව වැඩි නිසාදෝ මන්ද කව්රුවත් උත්තර දීලා නෑ.....

මම නම් හිතන්නෙ 38ට 5.
39ට 3 කියලා :# .