Monday, August 25, 2008

Good bye little fellow........

මේ කතාව පුංචි ලේනෙක් ගැන෴
දවසක් අම්මා මිදුල අතුගගා ඉද්දි ලේනෙක් බිම වැටිලා ඉන්නවා දැකලා මට කතා කලා. මමත් ඉතින් සත්තුන්ගෙ පින්තූර ගන්න කැමතිනෙ.... කැමරාවත් උස්සාගෙන දුවලා ගියා. සාමාන්යියෙන් ලේනුන් හරි විමසිලිමත්, ඒ වගේම හරිම දඟයි. ඒත් මෙයා නම් හරිම අමාරුවෙන් හිටියෙ. වැඩි කලබලයකුත් නෑ. මම ගිහින් එයාව අතට ගත්තා. හරියට පුළුන් ගොඩක් වගේ.(මම ගොඩක් ආසාවෙන් හිටියෙ ලේනෙක්ගෙ සමීප දර්ශනයක් ගන්න) එයා ගොඩක් දුක්බර විදියට මගෙ මුණ දිහා බැලුවා. හරියට "මට හරි අමාරුයි" කියනවා වගේ. ඉතින් අසරණ මම මොනවා කියලා කරන්නද? වතුර පෙව්වා, කිරි හදලා දුන්නා, ඒත් සෞඛ්යැ නම් හොද අතට හැරෙන පාටක් නෑ....... අනේ පව් අසරණයා කාත් කව්රුවත් නැති තැනක අවසන් ගමන් ගියා෴
පව් ඉතින්, අපිටත් හරි දුකයි.....

මේ තියෙන්නෙ එයාගෙ පින්තූර,


බලන්නකො ඉන්න ලස්සන.....??

ලේනුත් අපි වගේම කිරි බී වැඩෙන්නන්. එයාලව වර්ගීකරණය කරලා තියෙන්නෙ මෙහෙම,
Kingdom | රාජධානිය: Animalia - සත්ව රාජධානියට අයත්
Phylum | වංශය: Chordata - පෘෂ්ඨ රජ්ජුවක් සහිත
Class | වර්ගය: Mammalia - පැටවුන් කිරි දී පෝෂණය කරන
Order | ගෝත්‍රය: Rodentia - මූෂික වර්ගයේ
Family | කුලය: Sciuridae - ගොන්නක් ලෙස සැකසුන වල්ගයක් ඇති.....

ලේනුන් ලෝකය පුරා දැකිය හැකි සතුන් විශේෂයක්.නමුත් ආසියාව, යුරෝපය,ඇමරිකාව මහද්වීප වල සුලභයි. ලස්සනම කට්ටිය ඉන්නෙ යුරෝපයේ. දැනට විශේෂ 200 කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. නමුත් විශේෂත්වය වන්නෙ ඒ අතර පියාඹන ලේනුන්ද සිටීමයි. පියාඹනවා කීවාට පියාඹනවාම නෙමේ, එයාලගෙ අත් පා සහ ශරීරය යා කරමින් හම බැදී තිබෙනවා. ඉතින් එයාලා උස ගහක ඉදන් පනිද්දි අත් දික් කරනවා. පැරෂුට් එකක් දිගහැරියා වගේ එයාල ගිහින් වැටෙනවා. එතකොට පේන්නෙ පියාඹනවා වගේ තමයි. මෙයාලා අපේ රටෙත් ඉන්නවා. පොදුවේ හදුන්වන්නෙ "හම්බාවා" කියලා. අවාසනාවකට මෙයාලා හරිම දුර්ලභයි.

මෙයාලා විවිධ ආහාර ගන්නවා. වැඩියෙන්ම කන්නෙ පළතුරු, ධාන්‍ය, ඇට වර්ගක, එළවළු, වගේ දේවල්. හැබැයි සමහර අය කෘමිනුත් කනවලු. ගෙදර වත්තෙ පොල් ගස් හෙම තියෙනවා නම් දන්නවා ඇතිනෙ දඩු ලේනුන් කරන වැඩ. ලංකාවේ වාසය කරන ලේනුන් ගෙන් දඬු ලේනුන් විශේෂ යි. ඔවුන් සාමාන්‍ය ලේනුන්ට වඩා විශාලයි. ඒ වගේම හරිම ලස්සනයි. (මම නම් එයාලට හරි කැමතියි ) ලංකාවට ආවේනික වූ ලේනුන් කිහිප දෙනෙක්ද ඇත. ඔවුන් වෙනුවෙන් ම මුද්දර පවා නිකුත් කර ඇත.

සත්ව ලෝකය නම් හරිම චමත්කාරයි, මේ පහත තියෙන්නෙ එක එක රටවල් ටිකක ලස්සන ලේනුන් ටිකක්. හොයා ගත්තෙ විකීපීඩියාවෙන්.

Several species of squirrels have melanistic phases. The most common variety seen in urban areas is the melanistic form of the Eastern Grey Squirrel


ලංකාවෙත් ඉන්නවා අළු ලේනුන් විශේෂයක්. හෝර්ටන් පැත්තෙ තමයි ඉන්නෙ. ඒ පැත්තෙ ගියොත් ඔයාලත් ටිකක් විමසිලිමත්ව වටපිට බලන්න. අනිවාර්යෙන්ම ඔයාලටත් අළු ලේනුන් හම්බුවෙයි.


Squirrel eating a nut

ලේනුන් මොනා හරි කද්දි හොදට අත් දෙකෙන් අල්ලාගෙන, හරි බරි ගැහිලා ඉදගෙන, නිවාඩු පාඩුවෙ තමයි කන්නෙ. ඒත් ඉන්නෙ නම් හරිම අවදානයෙන්. අපේ ගෙදරත් තියෙනවා ලේනුන්ට බත් දාන ලෑල්ලක්. කෑම දාපුවාම බලන්න ඕනා මෙයාලගෙ වැඩ..... දවසක් උනත් බලන් හිටියහැකි.


Eastern Gray Squirrel, Sciurus carolinensis


Southern Flying Squirrel (Glaucomys volans) of the Pteromyini
හම්බාවා කියන එක්කෙනත් මේවගේ. බලන්නකො මෙයාගෙ ගමන......

5 comments:

fossurgeon said...

අගෙයි! අගෙයි!

මට අපොස උසස් පෙල කරන කාලයේ. ලේනෙක් ඇතිකලා. ලොකු කූඩුවක. මට හඹබවුනේ ඔය වගේ මයි. කාක්කෙක් ගෙවත්තට අතහැරිය. ටිකක් ලොකු උනාට පසු කූඩුව ඇරිය. ඌ හැම තැනම දුවනව. හදිසියේ මගේ ඇඟට පනිනව, මං ගැස්සෙන තරම්!. ඌ හිනා වෙනව - කොහොම හරි මට පෙනුනෙ එහෙම:-) මට හිටපු ඉබ්බගෙ පිට උඩත් යනව!

යඑක දවසක් ලොකු සද්දයක්, පිරිමි සත්තු ඌ පිටුපස එලවනව! දන්නවනෙ මොකට ද කියල ;-)

ටික දවසකින් ඌ කූඩුව ඇතුලෙ පොඩි කූඩුවක් හැදුව. පැටවුන් තිදෙනයි. පිරිමි සතෙක් දවසක් කූඩුවට එන්න හදනව, මගේ ලේන ඌව එලවනව. මං බය වෙලා ඌව පැටවුන් සමග කූඩුවට දමල දොර වැහැව්ව. මං ඌට කූඩුව තුලට කෑම දැම්ම. කොහොම හරි මං කල වැඩේ වැරදි බව මට තේරුන්ව, මගෙ ලේන ඌගෙ පැටව් හපා මරල දැම්මමයි!! මට හරි දුකයි. ඇයෙත් කුඩුව ඇරිය. කවදාවත් වැහාව්වෙ නෑ. දෙවරක් ආයෙත් පැටව් දැම්ම. උන් ලොකු වෙලා යනකං බලා ගත්ත. එක පැටියෙක් එක්ක කූඩුව මං යැඵවෙකුට දුන්න.

මට හිටිය "ගිනි පිග්" කියල සතෙකුත්. ඌ ලේන ට බයයි. ලේන ඌට බයයි. ගිනිපිග් වාරදිලා ලේන මාත් එක්ක ඉන්න කොට මං ලඟට ආවොත්, ලේන එකවිට උඩ පැනල ටිං ටිං ගගා දුවනවා!

මගෙ ඉබ්බා, ගොඩ යන එකෙක් (star tortoise). මං හිතුව ඌ කන්නෙ කොල ජැති විතරයි කියල. ඔන්න බොලේ දවසක් ඌ මගයන හැකරැල්ලෙක් පනපිටින් කා දැමුව!

මං සතුන් ගැන කොතරම් නොදන්නව ද?

PVGM said...

ෂහ් මාරයිනෙ!!!

අපේ ගෙදර සත්තු ඇතිකරන්න අම්ම දෙන්නෙ නෑ. හැබැයි බල්ලෙක්වත් නැති නිසා වත්තට ගොඩාක් සත්තු වර්ග එනවා. ඇයි ඉතින් එයාලට කරදරයක් නෑ නෙ!!! හාවො, මුගටි, කෑදැත්තො, සුදුරෙදි හොරු, එහෙමත් එනවා. මම ඉතින් හොරෙන් බලාන ඉන්නවා.....

තව හැමදාම එන මයිනො දෙන්නෙකුයි කපුටෙකුයි එනවා. මයිනො දෙන්නා අම්මා පිටිපස්සෙමයි. මිදුලට වෙලා කෑම හොයනවා. ඒක හින්දා ඒ දෙන්නට කියන්නෙ "අම්මගෙ මයිනො දෙන්නා" කියලා. කපුටා දවසක් තාත්ත ලග තිබ්බු මාළුවෙක් හොරෙන් අරන්..... එදා ඉදලා එයා "තාත්තගෙ කපුටා"........ ඔහොම ඔහොම කතන්දර ගොඩක් තියෙනවා......

කාංචන දිනූක said...

තවත් දුක හිතෙන කතාවක් :(

Madhuranga Rathnayake said...

@කාංචන දිනූක
හ්ම් හ්ම්... :(

මම comment moderation දාල තියෙන්නෙ spam එනවට. ඒක නිසා කමෙන්ට් එක approve කරනකන් පෙන්නන් නෑ :p

හපොයි මොකද මේ ලිපියට වෙලා තියෙන්නෙ. page brake එකේ අවුලක් තිබ්බ. හදන්න ඕනා :(

Madhuranga Rathnayake said...

හරි ඔන්න හැදුවා. දැන් පිලිවෙලට තියෙන්න ඔය :D