Wednesday, August 27, 2008

Thank you MOBITEL (for errors)

මොබිටෙල් හා ටෙලිකොම් සමාගම් එක්වු පසු මොබිටෙල් පෙර ගෙවුම් සබඳතා හිමියනට තම දුරකථන අංකය user name එක ලෙස භාවිතාකර dial up අන්තර්ජාල සබදතා ලබාගත හැකි වුනා. ගිණුමේ මුදල් අවසන් වූ කෙටි පනිවිඩයකින් ගිණුම අළුත් කල හැකියි!! මාත් පාවිච්චි කරන්නෙ dial up නිසා හදිස්සියකට ප්‍රයොජනයට ගන්න මෙම සේවාව සක්‍රිය කර ගත්තා. සතියකට විකර උඩදි මම රුපියල් 50 දැම්මා. ඒ මුදලෙන් පැය 2 ක් විතර අන්තර්ජාලයේ සැරි සැරුව හැකි. හැබැයි වැඩේ කියන්නෙ දැනට මම පැය 14ක් තිස්සේ මේක භාවිතා කරනවා. තවමත් භාවිතා කරනවා :o . කොහොම හරි මොබිටෙල් ආයතනය ලොකු පිනක් මේ කරගන්නෙ. හැබැයි මේවටත් හිලව් වෙන්න පස්සෙ දවසක ගාන කපයි ද දන්න නෑ [SLT+Mobitel PrePaid] [SLTnet]

2 comments:

කාලිංග said...

පොඩක් බලන්න ඔයාගේ GPRS හැටියට මුදල් කැපෙන්න පුලුවන්, ඒක ගැන පැහැදිලි කර ගැනීමක් කරන්න :)

Supun Sudaraka said...

ඕක SLTNET Prepaid වල තියෙන අවුලක්. මාත් කලින් පාවිච්චි කරේ Dial-Up pre-paid ක්‍රමය. ටෙලිකොම්ලාගේ ඒ system එක තාම හරියට වැඩ කරන්නේ නැහැ. සමහර විට කවුරුහරි ඒක හදන්න හදන්න හැක් කරනවාද දන්නේත් නෑ :D