Monday, September 01, 2008

බ්ලොගර් හි කේත යතුරු ලියනය

බ්ලොගර් හි හෝ වෙනත් වෙබ් පිටුවකට හෝ java/HTML ආදී කේත ඇතුලත් කිරීමේදී අපට විවිධ අපහසුතා වලට මුහුණ පෑමට සිදු වෙනවා. “Less-than” සහ “Greater-than” සංකේක යතුරු ලියනයේදී එය text එකක් ලෙස දිස් වීමට නම් Less-than නොහොත් “<” යන්න &lt; ලෙස ද Greater-than නොහොත් “>” යන්න &gt; ලෙසද යතුරු ලියනය කිරීමට සිදුවෙනවා. නැත්නම් එම පද වෙබ් පිටුවේ කේත සමඟ පටලාගෙන මහත් කරදරයක් බවට පත්වෙනවා. (අත්දැකීමෙන් ම….) නමුත් අපගේ මුළු කේත සටහනේම ඇති මෙවැනිවු සියල්ල අපට අතින්ම වෙනස් කිරීම අපහසුයි. දිගු වෙලාවක් ගතවන ක්‍රියාවක්. කේත සටහන ලබා දුන් විට එය වෙබ් පිටුවකට ඔබින ලෙස ස්වයංක්‍රීයව සකස් වන ලෙස ඇත්නම් කෙතරම් අගේද? ඔව්, මෙය බොහෝ බ්ලොග් ලියන (ofline) මෘදුකාංග සමග සැපයේ. දැන් මම භාවිතා කරන BlogJet මෘදුකාංගයේද එම පහසුකම පවතී. නමුත් මම කියන්න යන්නේ එය නොවේ. අන්තර්ජාලයේ සිටම ක්ෂණිකව නොමිලේම මෙම ක්‍රියාව ඉටු කර ගැනීමට අවස්ථාව centricle වෙබ් අඩවිය ඉඩ සලසා දී ඇත. [ Encode/decode HTML entities ] මෙවැනි තවත් සේවා බොහොමයක් ඔවුන් නොමිලේ හාවිතා කිරීමට ඉඩ ලබාදේ

No comments: