ජාල ගත සිංහල අවකාශයේ මම වඩාත්ම අගය කරන මෙන්ම වඩාත් ආසා කරන වෙබ් අඩවිය තමයි සිංහල බ්ලොග් සින්ඩිකේටරය. එක අතකින් මෙය එකමුතුකමේ සංකේතයක්. සිංහල හාවිතාකර බ්ලොග් ලියන අති බහුතරයකගේ ලිපි මෙහි ක්ෂණිකව ප්රදර්ශනය කරන නිසා සිංහල බ්ලොග් කියවීමට සිතෙහි ඇතිවන ආශාව තවත් තීවෘර කරනවා. සිංහලෙන් ලියද් දී මට නම් අමුතුම හැඟීමක්, අමුතුම ගතියක් ඇගට දැනෙනවා. අනේ මන්දා ඒක මට වචනෙන් කියන්න බෑ. පහුගිය දවසු වල සින්ඩිකේටරය වැඩ කලේ නෑ. මලින්ත අයියා කීවෙ "DNS අප්ඩේට් උනාම හරියයි කියලා" කීවත් වගේ අද ගිහින් බලද්දි වැඩ. ඉතින් හිතේ ඇති වුන සතුටටයි මේක ලීවෙ. සින්ඩිකේටරයට මෙන්ම එහි නිර්මාපකයන්ට ද දිගාසිරි෴ [ සිංහල බ්ලොග් සින්ඩිකේටරය ]
2 comments:
ඔව් අයියේ මටත් ඔය හැඟීම හරියට දැනිල තියෙනවා.සින්ඩිගේටරය් නිර්මාපකයන්ට මගෙනුත් දිගාසිරි
මෙහි නිර්මාපක සොයුරන්ට මෙන්ම එහි ජීවය කවන සියලු සාමාජික සහෘදයන්ට මාගේ ගෞරව පූර්වක ප්රණාමය පුද කරමි.
"ඔබේ කුටියේ දොර කවුලු හැර තබන්න.නමුත් පිටතින් හමා එන සුළගට කුටියෙහි තිබෙන දෑ ගසාගෙන යන්නට ඉඩ නොතබන්න."
මහත්මා ගාන්ධි
මේ රුවන් වැකියත් සිතට ගන්න.
Post a Comment