දැන් බොහෙමයක් ජංගම දුරකථන වල GPRS, 3G වැනි පහසුකම් තියෙනවා. එනිසාම mail box සේවාවද තියෙනවා. දැන් මම කියන්න යන්නෙ mail box සේවාව සක්රිය කර ගන්නා ආකාරය. එහෙමත් නැත්නම් e mail client එකක settings හදාගන්න විදිය. මාත් මේවා පාවිච්චි කරනවා. Gmail හාYahoo නම් හොදට වැඩ. Hot mail නම් වැඩ කලේ නෑ. Hot mail වල settings දන්නවා නම් මටත් කියන්න෴ Gmail Settings ඔබගේ මෘදුකාංගයේ සැකසුම් පහත පරිදි වෙනස් කරන්න Incoming - POP3
Incoming server - pop.gmail.com
SSL - Enable
Port - 995
Outgoing - SMTP
Outgoing server - smtp.gmail.com
SSL - Enable
Port - 465
Yahoo Settings
ඔබගේ මෘදුකාංගයේ සැකසුම් පහත පරිදි වෙනස් කරන්න
Incoming - POP3
Incoming server - pop.mail.yahoo.com
Port - 110
Outgoing - SMTP
Outgoing server - smtp.mail.yahoo.com
Port - 25
6 comments:
මම දන්න තරනමට yahoo pop3 නොමිලේ දෙන්නේ නෑ, ඒ අයගේ yahoo mail plus මිලදී ගන්න ඕනේ.
ඒක ඇත්ත. yahoo! විතරක් නෙමේ. lycos mail පවා pop3 access වලට නොමිලේ සහය දෙන්නේ නැහැ. hotmail නම් දන්නේ නැහැ.
මම මීට ටික දවසකට කලින් 6600 එකක ProfMail මෘදුකාංගයේ Gmail වලයි Yahoo වලයි settings හැදුවා. account දෙකම අවුලක් නැතිව හැදුනා. හැබැයි මම ඒකෙන් මේල් යවලා බැලුවෙ Gmail account එකෙන් විතරයි. yahoo ත් වෙක් කරලා අද රෑට මේ ලිපිය යාවත් කාලීන කරන්නම්...
උපදෙස් වලට තුති!!
-මධුරංග~
UPDATE - මේ settings වලින් Gmail වල නම් මේල් බලන්නයි යවන්නයි දෙකම පුළුවන්. නමුත් Yahoo වල මේල් බලන්න විතරයි පුළුවන්. යවන්න බෑ :( .
කාලිංග අයියටයි කසුන් අයියටයි ස්තුතියි! වැරැද්ද පෙන්නලා දුන්නට. ඉස්සරහාටත් වැරදි / අඩුපාඩු තිබ්බොත් කියන්න....
POP3 වගේම් GMAIL වල IMAP ත් හොන්දට වැඩ. කරල බලන්න
මම ශානක
Gmail වැඩ
yahoo mail plus සල්ලි දිලා මම ලගදීම අරන්
වැඩද කියලා බලලා කියන්නම්
Post a Comment