මම මීට කාලෙකට කලින් KeyMan යතුරු පුවරු කිහිපයක් වැඩිදියුණු කලා. ඒවා මම නම් තවත් පාවිච්චි කරනවා. මම ඒවාහි සංස්කරණ කිහිපයක්ම එලිදැක්වුවා. නවතම සංස්කරණය එලිදැක්වුයේ සිංහල යුනිකේත යතුරු පුවරුවේ ආකාරයට යි. මම මේක කලේ මගේ උසස් පෙළ ව්‍යාපෘතිය විදියට. සමහරවිට ඔයාලටත් ටිකක් විතර ප්‍රයෝජනවත් වෙයි෴ යතුරු පුවරු විස්තරය 1. Si-UNICODE - FMAbhaya type - අභය වැනි අකුරු යුනිකේත යතුරු පුවරුවේ ආකාරයට යතුරුලියනය කල හැක 2. Si-UNICODE - Amalee type - අමාලී වැනි අකුරු යුනිකේත යතුරු පුවරුවේ ආකාරයට යතුරුලියනය කල හැක 3. Madhura to UNICODE - මධුර වැනි අකුරු යුනිකේත යතුරු පුවරුවේ ආකාරයට යතුරුලියනය කල හැක. මධුර ශබ්ද කෝෂය සමඟ භාවිතා කිරීමට තැනූවකි. 4. Old Version Including FMAbhaya/Nidahasa/Amalee/Ranasuru to ANSII Sinhhala layout මේ සියල්ල සමගින් KeyMan 6 හි අවසන් සංස්කරණය මෙතනින් ලබා ගත හැක. [ My Live Space ]
4 comments:
හොඳ වැඩක්,මමත් ලබා ගන්නම්
නියමයි නියමයි. මම මේ කීමන් සහ සිංහල කිට් එක්ක පැටලෙන්න ඔන්න මෙන්න හිටියේ..
පුංචි පුරස්නයක්. අද උදේම මේක දාල පොඩ්ඩක් සෝදිසි කරල බැලුව. හරිම අගෙයි. නමුත් F අකුර shift එක්ක ගැහුවම වචින්නේ බැඳි ත යන්න. හරි නම් යුනිකෝඩ් එකේ එතන තියෙන්නෙ ෆ නේද. දැන් ඒක තියෙන්නෙ සාමාන්‍ය keyman layout එකේ තියෙන * කී එකෙයි. කොහොමත් මම දිගටම මේක භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. අහුවෙන ඒවා කියන්නම්.
මොනා වුණත් නියමයි...
වැරදි හරිගස්සලා අලුත් එක දාන්නම්..... (හරේෂ් අයියට නම් මේල් කලා)
තව වැරදි තිබ්බොත් කියන්න හොදේ!!!
Post a Comment