
මේක නම් හරි අපුරු වෙබ් අඩවියක්. මේ ගැන විස්තරය මුලින්ම දැක්කෙ විජය පරිගණක සඟරාවෙ. මමත් කාලෙක ඉදන් හොය හොය හිටියෙ මගෙ ඊ මේල් තැම්පතු සියල්ලේම ලිපි එක තැනකින් බලාගන්න පුළුවන් ක්‍රමයක්. මෙම වෙබ් අඩවිය නිසා එය හරි පහසුයි. Gmail, Yahoo, Hotmail, AOL Mail, මෙන්ම තවත් බොහොමයක පමණක් නොව MySpace, Flickr, Twitter,
FaceBook, YouTube, Del.Icio.us, Skype, LinkedIn, AmericanExpress, CitiBank........ ආදී බොහොමයක් මෙම අඩවිය තුල සිටම පරිශීලනය කළ හැකියි. ඔයාලත් ගිහිල්ලම බලන්න. මට නම් ගොඩක් හිත ගියා. (අලංකාර විදියට නිමවලත් තියෙනවා) හැබැයි ලෝඩ් වෙන්න නම් ගොඩක් වෙලා ගියා. මොකද මම ඩයල් අප් නෙ!! ඒ ලෝඩ් වෙන්න යන කාලයත් එක්ක ගත්තම Gmail, Yahoo, Hotmail (Classic View එකට) වලට වෙනම ම ගිහින් බලන එක මට නම් ලාබයි. හැබැයි තව එකක්, මේකේ ඊ මේල් බලන්න, මකන්න විතරයි පුළුවන්. යවන්න බෑ…… එකඅතකින් ඒක නම් මට ගැටළුවක් නෑ, මම පාවිච්චි කරන්නෙ ThunderBird!
[ PageOnce ]
1 comments:
මේං මේකටත් ගිහින් බලන්නකෝ http://www.mail2web.com/
pageonce තරම් පහසුකම් නම් නැහැ. mail check කරගන්න නම් හොඳයි
Post a Comment