Blogger වල බ්ලොග් ලියන හුඟක් අය ආසාවෙන් ඉන්නෙ Wordpress වල වගේ comments දාන්න පුලුවන් විදියක් ගැන. එම පහසුකම නුදුරු අනාගතයේ ලබාදෙනවාලු. දැනට එම පහසුකම Blogger in Draft වලින් ලබාගත හැකියි. මම දැන් කියන්න යන්නෙ ඒක ගැන නෙවෙයි. එම සේවාවම ආකර්ශනීය ලෙස ලබාගත හැකි වෙනත් වෙබ් අඩවියක් ගැන. IntenseDebate නම් වෙබ් අඩවියෙන් මෙම සේවාව නොමිලේ ලබා දෙනවා. නිකම්ම නොවෙයි, තවත් ආකර්ශණීය සේවාවන් රැසකුත් එක්ක!!
ඔවුන් Latest comments widget එකක්, Popular blog posts widget එකක්, Top users widget එකක්, My Recent Comments Widget එකක් ද ලබා දෙනවා. මෙම සේවාව Blogger වලට පමණක් නොව WordPress, TypePad... ආදී වෙබ් අඩවි සදහාද සපයනවා!!
ආ... කියන්න අමතක උනානෙ... මේ වෙබ් අඩවියේ ලියාපදිංචිය OpenID වලිනුත් සිදුකළ හැකියි...!!
ඉතිරි සේවාවන් මෙතනින් බලන්න
[ IntenseDebate ] [ Features ]
2 comments:
මට එකපාරක් හම්බවුනා blogger 2.0 theam එකක්. එකේ මේ විදියට comments දාන්න පුළුවන්.
@කසුන් අයියා
මොකක්ද ඒ තීම් එක?? මට එවන්න පුලුවනිද??
Post a Comment