හුගාක් අයට හැම ලොවෙම අන්තර්ජාලයේම රැදී ඉන්න එක ටිකක් විතර අපහසු කාරණයක්. ඉතින් අපේ සින්ඩිකේරයට එන අළුත් ලිපි, ගූගල් සමූහයේ අලුත් සාකච්ඡා, අපේ RSS කියවනයට ලැබෙන අළුත් ලිපි, අපිට අළුතෙන් ලැබෙන ඊ මේල්,... වගේ දේවල් ජංගම දුරකථනයට ගන්න පුළුවන් නම් කොච්චර හොදද? ඇත්තටම ඒක කරන්න පුළුවන්. සමහර රට වලට නම් ගූගල් මගින් කෙටි පණිවිඩ මාර්ගයෙන් මෙම සේවාව ලබා දෙනවා. ඒත් තාම ලංකාවට නම් ඒ පහසුකම් ලබා දීලා නෑ :( . ඒ නිසා ඒ වැඩේ ටිකක් වෙනස් විදියකට අපිට කරගන්න පුළුවන්.
ඉස්සෙල්ලාම අපිට ඕනා කරන RSS feed සියල්ල තනි feed එකක් කර ගන්න ඕනා. ඒක http://www.rssmixer.com/ යන වෙබ් අඩවියෙන් පහසුවෙන්ම සිදුකර ගත හැකියි. ඉන්පසු එම සාදාගත් තනි feed එක අපේ දුරකථනයට forward කරන්න ඕනා. එය http://rssfwd.com/ වෙබ් අඩවියෙන් පහසුවෙන් සිදුකර ගත හැකියි!!
මොකක්ද අපේ දුරකථනයේ මේල් ලිපිනය? ඒක සකස් කරගන්නෙ මෙහෙම, ඩයලොග් - 94 <දුරකථන අංකය> @mms.dialog.lk Eg- 9477*******@mms.dialog.lk මොබිටෙල් - 94 <දුරකථන අංකය> @mms.mobitel.lk Eg - 9471*******@mms.mobitel.lk ටිගෝ - 94 <දුරකථන අංකය> @mms.tigo.lk Eg - 9472*******@mms.tigo.lk
මොකක්ද Gmail වල RSS feed එක? ඒක මේවගේ,
https://USERNAME:PASSWORD@gmail.google.com/gmail/feed/atom
ඔබත් උත්සාහ කරල බලන්න. මට මේ දවස් වල දුරකථනක් නැති නිසා මේක ටක්කටම වැඩද කියලා තාම බැලුවේ නෑ. පොතේ හැටියට නම් වැඩ කරන්න ඕනා... :) .
2 comments:
මරැනෙ.
වැඩේට බහින්න කලින් මේකත් බලන්න
http://malindaprasad.blogspot.com/2008/10/cheap-massage-sending-method.html
Post a Comment