Wednesday, October 15, 2008

Google Blogger භාව්තයෙන් සිංහල බ්ලොග් ලිවීම

අන්තර්ගතය෴
1. Blogger හැදින්වීම
2. Blogger භාව්තයෙන් සිංහල බ්ලොග් ලිවීම සඳහා තිබිය යුතු පෙර සැකසුම් හා අවශ්‍යතා
3. Blogger භාව්තයෙන් බ්ලොග් එකක් ඇරඹීම
4. Blogger හි පසු සැකසුම්

1. Blogger හැදින්වීම

1999 දී Pyra Labs ආයතනය මගින් බ්ලොග් ලිවීම ප්‍රචලිත කිරීම සඳහා ප්‍රථමයෙන්ම Blogger සේවය ආරම්භ කලා. ඉන් පසු 2003 දී පමණ Google ආයතනය මගින් Pyra Labs සමඟ ගිවිසුමකින් පසු Blogger සේවය Google විසින් ලබා ගන්නා ලදී. එතැන් සිට මේ දක්වා Blogger ‍සේවය Google යටතේ සංවර්ධනය වෙයි. දැන් අප/ඔබ භාවිතා කරන නව Blogger නිකුතුව XML තාක්ෂණය මත තැනූවකි. මීට පෙර Blogger සේවය HTML තාක්ෂණය මත ලබාදුනි.

Blogger හි විශේෂතා

Blogger යනු ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් සාදාගත හැකි / භාවිතා කල හැකි බ්ලොග් සේවා සපයන්නෙක්. ආරක්ෂාව අතින්ද ඉහලයි. ඒ වගේම බ්ලොග් එකෙහි සිදුවන සෑම දෙයක්ම ඊ මේල් ලෙස ලබාදීම කරනවා. අපි අලුත් ලිපියක් ලීවත්, කවුරුන් හරි අලුත් comment එකක් දැම්මත්, සියල්ල අපට ඊ මේල් ලෙස ලබාගත හැකියි.

ඒ වගේම Gadget install කිරීම ස්වයංක්‍රියව සිදුකිරීම, Post scheduling, Multi-User Support, Blog by Email,Blog by SMS/MMS, ආදී සේවා ද විශේෂිතයි.... එසේම බ්ලොගර්හි විවිධ වෙනස්කම් ( Editing ) සිදුකරමින් වඩාත් නම්‍යශීලී ලෙස භාවිතා කල හැකියි.

2. Blogger භාව්තයෙන් සිංහල බ්ලොග් ලිවීම සඳහා තිබිය යුතු පෙර සැකසුම් හා අවශ්‍යතා

මේ සඳහා ඔබේ පරිගනකයේ සිංහල ස්ථාපනය කොට තිබිය යුතුය. නැතහොත් ඔබේ වෙබ් බ්‍රව්සරයේ සිංහල ස්ථාපනය කොට තිබිය යුතුය. උක්ත ක්‍රියා දෙක පැහැදිලිවම දෙකකි :o . එනම් ඔබ පරිගනකයේ සිංහල ස්ථාපනය කොට ඇත්නම් ඔබට පරිගණකයේ ඕනෑම ස්ථානයක සිංහල භාවිතා කල හැකි වේ. ඒ සම්බන්ද විස්තර මෙතනින් ලබාගත හැක. ඔබ Sinhala IE ස්ථාපනය කොට ඇත්නම් ඔබේ වෙබ් බ්‍රව්සරයේ පමණක් සිංහල පෙන්වන අතර කියවීම පමණක් සිදුකල හැකි වේ. එවිට සිංහල යතුරු ලියනය අන්තර්ජාලයේ සිට සිදුකල යුතු වේ. එවැනි වෙබ් අඩවි කිහිපයක්...
UCSC
Helabasa
SBU - List
Malinda

තවද Blogger හි ගිණුමක් ඇරඹීමට ඔබට Gmail ගිණුමක් තිබිය යුතුය :D . තවමත් ඔබට Gmail ගිණුමක් නැතිනම් මෙතනින් ගිණුමක් තනාගන්න.

3. Blogger භාව්තයෙන් බ්ලොග් එකක් ඇරඹීම

home.gifBlogger බ්ලොග් එකක් ඇරඹීම ඉතා සරල ය.
අදියර තුනකින් එය තනා ගැනීමට පහසුකම් ඔවුන් සපයා දී ඇත. පළමුවෙන්ම Blogger වෙබ් අඩවියට පිවිසෙන්න (http://www.blogger.com). ඉන්පසු Create your Blog NOW! යන බොත්තම එබීමෙන් ඔබේම බ්ලොග් එකක් තැනීමේ පළමු අදියරට පිවිසෙන්න.

අදියර 1: Create Account
රූපයේ දැක්වෙන පරිදි ඔබගේ Gmail ගිණුම භාවිතා කර ෆෝරමය පුරවා Continue බොත්තම ඔබා දෙවන අදිවරට පිවිසෙන්න.

create_account.gif

අදියර 2 : Name your Blog
මෙහිදී ඔබ තැනීමට අදහස් කරන බ්ලොග් එකෙහි නම ( Blog Tittle ) සහ එහි වෙබ් ලිපිනය ( Web Address / URL ) ඇතුලත් කිරීමට අවස්ථාව සපයයි. මේ දෙකම මින් පසු අවස්ථාවක වුවද වෙනස් කිරීමට පහසුකම් සපයා දී ඇත :f .

name_blog.gif

අදියර 3 : Choose a Template/Theme
මෙහිදී ඔබගේ බ්ලොග් එකට ඇඳුමක් ( Template එකක් ) තෝරා ගැනීමට අවස්ථාව ලබා දේ. මෙම ස්ථානයේදී Blogger විසින් ලබාදෙන Theme පමණක් ඇතුලත් කිරීම‍ට ඉඩ ලබා දේ. ඔබට වෙනත් Theme ඇතුලත් කිරීමට අවශ්‍යය නම් එය පසුව සිදුකර ගැනීමට අවකාශ ලබාදී ඇත :f .

choose_template.gif

සුභ පැතුම්... දැන් ඔබ, ඔබගේ බ්ලොග් එක තනා අවසන්... :z . දැන්ම ලියන්න පටන් ගන්න :$ .

4. Blogger හි පසු සැකසුම්

මම නැවත Blogger වලට පිවිසී ලිපි ලියන්නේ කෙසේද?

පෙර පරිදිම http://www.blogger.com වලට පිවිසී Log in වෙන්න. ඔබ නිවරදිව ඇතුල් වූයේ නම් ඔබගේ Blogger Dashboard එක පෙනෙන්නට තිබේවි. එහි සිට ඔබගේ බ්ලොග් එකෙහි සියළු පාලන කටයුතු සිදුකල හැකියි.

dashboard.gif

ගැජට් (Wedget / Gadget) එක් කිරීම

ඔබ කැමති වේවි විවිධ වර්ගයේ ගැජට් ඔබගේ බ්ලොග් එකට එක් කර ගන්නට!! ඒ කියන්නෙ "ටික කලකට පෙර ලියන ලද ලිපි වල විස්තර" , "ආසන්නතම අදහස් දැක්වීම් ටික" , "පිංතූර, වීඩියෝ ටිකක්" ... :d වගේ දේවල්
එක් කිරීම Layout > Page Elements වෙත පිවිස Add a Gadget යන්න තේරීමෙන් සිදුකර ගත හැකියි.

gadgets.gif

Theme වෙනස් කිරීම සහ නව Theme එක් කිරීම

තීම් වෙනස් කිරීම Layout > Choose New Template වෙත ගොස් පහසුවෙන් සිදුකර ගත හැකියි. නමුත් එහි ඇත්තේ සීමිත තීම් පුමාණයකි. එනිසා අනිවාර්‍යයෙන්ම ඔබ‍ වෙනත් තීම් සොයාවි. ගූගල් සෙවුමකින් පහසුවෙන් තීම් සොයාගත හැකියි. Blogger තීම් ඇති වෙබ් අඩවි කිහිපයක්...
3columntemplates
blogcrowds
blogflux
FREE THEMES
මෙම තීම් ලැබෙන්නේ XML ගොනුවක් ලෙස හෝ කේත ස‍ටහනක් ලෙසයි. එය Layout > Edit HTML වෙත ගොස් XML ගොනුව Up load කිරීමෙන් හෝ කේත ස‍ටහන Paste කිරීමෙන් සිදුකල හැකියි.

හැබැයි බොහෙම පරිස්සමෙන්!! තීම් වෙනස් කරද්දි / Edit කරද්දි හැමවෙලේම කලින් තිබ්බ තීම් එක Back up කරගන්න. ඒ සඳහා පහසුකමුත් Blogger වලම සපයා දීලා තියෙනවා. හදිස්සියෙ වැරදීමක් උනොත් ඒක බොහොම ප්‍රයෝජනවත් වේවි :) .

෴සිංහල වෙබ් අවකාශය‍ට පිවිසි සැමට තුති෴

11 comments:

kasun said...

නියමයි මලයා

පුන්චි එකා said...

URL කියන එක මොකක්ද එතන කොහොමද පුරවන්නෙ

පුන්චි එකා said...

ඔයා මේ කරලා තියෙන්නෙ බොහාම හොන්ද වැඩක් ඔයාට ගොඩක් ස්තූතියි

PVGM - Madhuranga said...

@පුන්චි එකා
"URL (Uniform Resource Locator)=
n. (Computers) string of characters which defines the location of a file or program on the Internet"

හැම වෙබ් අඩවියකටම ලිපිනයක් තියෙනවනෙ... උදාහරණයකට මගේ බ්ලොග් එකේ ලිපිනය ගමුකො, www.pvgm.blogspot.com
ඔන්න ඕක තමයි මල්ලි URL කියන්නෙ!! pvgm කියන කෑල්ල විතරක් අපට වෙනස් කරන්න ඉඩ දීලා තියෙනවා... එතනට ඔයාගෙ නම/බ්ලොග් එකේ නම වගේ දෙයක් දාලා ඔයාගෙ ලිපිනය හදා ගන්න...

ඔයා දාල තියෙන එක වෙනස් කරන්න ඕන නම් Blogger වලට ගිහින් Settings>Publishing වලට ගිහින් වෙනස් කල හැකියි :) .

මම ඔයාගෙ බ්ලොග් එක බැලුවා... දිගටම ලියන්න...

http://blogs.sinhalabloggers.com/
මේක ගැන දන්නවා නේද?? ගිහින් බලන්නකො..

@කසුන් අයියා
එළ... :) .

W චතුරංග රූපසිංහ said...

මම ඔයාගෙ පිහිටෙන් බ්ලොග් එකක් ලිව්වා දන්නවාද? යන මාතෘකාව යටතේ එත් තාම එක අලුත් ලිසට් එකෙ නෑ

W චතුරංග රූපසිංහ said...

කලින් පුංචි එකා

PVGM - Madhuranga said...

@චතුරංග
එළ... ඔහොම යං....
බ්ලොග් ගැන ඕන දෙයක් අහන්න පැකිලෙන්න එපා!!

බ්ලොග් එක හොදින් කරගෙන යන්න සුභ පැතුම්...

Malinda said...

මරැනෙ

Harshana Weerasinghe said...

මරු මරු , ඔහොම කරගෙන යං

shirantha said...

ඹයා ලග තියනවනම් මට Unicode typing guide ඒකක් ඒවනටද......

Madhuranga Rathnayake said...

@shirantha
මේක බලන්න http://www.google.lk/url?sa=t&source=web&ct=res&cd=3&ved=0CA0QFjAC&url=http%3A%2F%2Fsiyabas.lk%2Fdocs%2Fsin-kbd-layout5.pdf&ei=IQu_S5LPMeWiOKLA2NcJ&usg=AFQjCNHvMImv5_03BT0v915VMoBT5FT3mw