Friday, October 17, 2008

Recent Comments/Posts Widget for Blogger

Blogger වල Recent Comments, Recent Posts වගේ දේවල් ඇතුලත් කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මේකත් එක ක්‍රමයක්. මම පාවිච්චි කරලා තියෙන්නෙත් මේ ක්‍රමය. ඉස්සෙල්ලාම Blogger වලට ලොග් වෙලා Layout>PageElements වලට ගිහින් අපට අවශ්‍ය තැනට Gadget එකක් එකතු කරගන්න ඕනා. ඒ සඳහා Add a Gadget මත ක්ලික් කර මතුවන කවුලුවෙන් HTML/JavaScript යන්න තෝරන්න. ( + මත ක්ලික් කිරීමෙන්). එවිට මතුවන කවුලුවට පහත කේතය ඇතුලත් කරන්න.

rc-ps.gif

<script style="text/javascript" src="http://mail.pvgm.googlepages.com/widgetposts.js"></script><script style="text/javascript">var numposts = 20;var showpostdate = true;var showpostsummary = true;var numchars = 50;</script><script src="http://YOURBLOG.blogspot.com/feeds/comments/default?orderby=published&alt=json-in-script&callback=showrecentposts"></script>

දැන් මේකෙ සැකසුම් ටික හරියට හදන්න ඕනා.

1. numposts = 20 , මේකෙන් කරන්නෙ ලිපි කොච්චර ගණනක් සාරාංශ ගත කරලා පෙන්නනවාද කියන එක. මේ කේතයට අනුව නම් ලිපි විස්සක් පෙන්නනවා. "20" වෙනුවට වෙනත් ගානත් දාලා ඔයාලට ඕන විදියට සකස් කල හැකියි.

2. showpostdate = true , මේකෙන් කරන්නෙ ලිපියෙහි දිනය පෙන්වන එක. true ලෙස සකස් කල විට පෙන්වීමද, false ලෙස සකස් කල විට නොපෙන්වා තැබීමද සිදු කරයි.

3. showpostsummary = true , මේකෙන් කරන්නෙ ලිපියෙහි මාතෘකාවට අමතරව, ලිපියෙහි අන්තර්ගතයද සාරාංශගත කොට පෙන්වීමයි. true ලෙස සකස් කල විට පෙන්වීමද, false ලෙස සකස් කල විට නොපෙන්වා තැබීමද සිදු කරයි.

4. numchars = 50 , මේකෙන් කරන්නෙ අප මේ සකස් කරන ලිස්‍ට් එකේ එක් ලිපියකට අදාල සාරාංශගතයේ කොපමණ අකුරු ගණනක් පෙන්විය යුතුද යන්නයි. ඉලක්කම වෙනස් කිරීමෙන් අකුරු ලණන වෙනස් කල හැකියි.

5. ඊලගට කොල පැහැති කොටසෙහි සැකසුම් සිදුකල යුතුයි. එය ඔබ ඇතුලත් කරන Feed එකයි. ඔබ‍ට Recent Comments ඕනා නම් Comments Feed එකද Recent Posts ඕනා නම් Posts Feed එකද එහෙමත් නැත්නම් වෙනත් Feed එකක් ඕනා නම් ඒක හරි මෙතනට දාන්න පුළුවන්.

කොහොමද Comments Feed එක හොයාගන්නෙ?
මෙන්න මේකයි Comments Feed එක,
http://YOURBLOG.blogspot.com/feeds/comments/default

මේකෙ YOURBLOG කියන කොටස වෙනුවට ඔබගේ බ්ලොග් එකේ පෙන්වන කොටස දාන්න. උදාහරණයකට මගෙ බ්ලොග් එක ගමුකො.
ඒකෙ ලිපිනය : http://pvgm.blogspot.com
ඒක නිසා Comments Feed එක : http://pvgm.blogspot.com/feeds/comments/default

කොහොමද Posts Feed එක හොයාගන්නෙ?
ඒකත් ඉස්සෙල්ලා වගේම යි. URL එකේ comments කියන කොටස posts කියලා වෙනස් කරන්න. එතකොට ඔයාගෙ Posts Feed එක මේ වගේ,
http://YOURBLOG.blogspot.com/feeds/posts/default

දැන් save කරලා වැඩේ හමාර කරලා, ඔයාගෙ බ්ලොග් එක reload කරලා බලන්න ගැජට් එක වැඩද කියලා!!

ඔන්න ඉතින් පුළුවන් උපරිමයෙන් සරල කරලා කීවා. ආධුනිකයන්ටත් තේරෙන්ටම :) . මමත් දන්නවනෙ මම ඉස්සර කාපු කට්ට මෙහෙම එකක් කොරගන්ට ;) .

5 comments:

චරිත said...

මම Feed එක භාවිතා කිරිමෙනුයි මේ දේ කරන්නෙ
Recent Posts වල ෆීඩ් එක අවසානයට? යෙදුවේ නැත්නම් එය Invalid URL එකක් යැයි පෙන්වනවා. මේ "?" යෙදීම අවශ්‍ය වන්නේ ඇයි?

PVGM - Madhuranga said...

දන්න කවුරු හරි ඉන්නවා නම් කියලා දෙන්නකො ඒ ඇයි කියලා... මම නම් ඕවා ගැන මෙලෝහසරක් දන්නෑ... :( .

චතුරංග රූපසිංහ said...

මදුරංග මම මේ වැඩේ කලා වැඩේ ගොඩ මගේ "ඔබ දන්වාද" එකට ගිහින් බලන්න. ඔයාට ස්තුතියි

චමිල said...

@චරිත
මෙතනදි ? සලකුණ භාවිතයේ තේරුම URL parameter එකක් පාස් කිරීම. ඒ කියන්නේ
http://YOURBLOG.blogspot.com/feeds/comments/default?orderby=published&alt=json-in-script&callback=showrecentposts

කියන පේලියේ
orderby
alt
callback
කියන්නේ URL parameters. එවාගෙන් මෙම URL එකෙන් ක්‍රියාත්මක කරන script එකේ ක්‍රියාකාරීත්වය වෙනස් කරගන්න පුලුවන්. උදාහරනයක් විදියට orderby=published කොටසින් මෙම feed එකේ feeds එවා පලකරපු දවසට අනුව ලබාගන්න පුලුවන්

චරිත said...

@චමිල - පැහැදිලි කිරිමට තුති