Friday, November 28, 2008

Lets make Portable Softwares

මේ දවස් වල මම නම් තනිකරම පාවිව්චි කරන්නෙ ජංගම මෘදුකාංග. මම මේ බ්ලොග් එක ලියන මෘදුකාංගයත් ජංගම එකක්. මම කලිනුත් මේ ජංගම මෘදුකාංග ගැන කියලා ඇති. මේ ලගකදි මට හම්බ උනා ජංගම මෘදුකාංග හදන විදිය :o . ඒකත් මරු වැඩේ. අපි ජංගම කරන්න යන මෘදුකාංගය ස්ථාපනයට පෙර හා පසු තියෙන ගොනු හා රෙජිස්තර ආයිත්තම් සංසන්දනය කරලා එම මෘදුකාංගය‍ට අ‍වශ්‍යය අංග පමනක් තෝරාගෙන ඒ සියල්ල තනි ගොනුවකට අසුරලා තමයි ඔය කියන ජංගම මෘදුකාංග තනන්නෙ. ඊට පස්සෙ ඉතින් හිතේ හැටියට ඕන තැනක පාව්ච්චි කල හැකියි :z .
thinstall.gif

‍මේක නොමිලේ දෙන එකක් නම් නෙවෙයි. හැබැයි මේකෙන් පොටෝ ෂොප් වගේ වානිජ මෘදුකාංග ලියාපදිංවි සහතික සමගම අනික් අයටත් භුක්ති වින්ද හැකියි. ඒක නීති වි‍රෝධී නැත්ද දන්නෙ නෑ :p .

[ Home Page ]

ඉඟි : www.4shared.com වගේ තැනකින් ඉතින් පැච් කොරපු එකක්ම ගතහැකියි කියලා කියන්නෙ... ;) .

2 comments:

Danin said...

please write it in simple ENGLISH Language

Danin said...

Dont make things complicated