Sunday, August 31, 2008

Font Renamer

හිතන්න, ඔබට fonts ගොඩාක් ලැබුනා. දැන් ඒවා, ඒවගෙ ඇත්ත නම් වලට rename කරගන්න ඕන උනාය කියලා. ඉතින් දැන් එක එක ගොනුව විවෘත කරමින් නම බලමින් නැවත ඒවා rename කරනවා ද? ඒක බොහොම අමාරු කාලය කන වැඩක්. (කීවට ඉතින් මමත් කාලෙකට කලින් ඔය කට්ට කාලා තියෙනවා) ඒකට නියම විසඳුමක් තියෙනවා. නොමිලයේම ලබා ගන්නත් පුළුවන්. ඒකෙ නම Free Font Renamer. [ Download ] [ Home Page ]

Saturday, August 30, 2008

මලිදෙව් හඬ - 1944

අපේ ඉස්කෝලෙ පටන් ගත්තෙ 1888 දී. අපිට සෑහෙන්න ලොකු ඉතිහාසයක් තියෙනවා. බලන්නකො මේ සඟරාව, මේක ලියලා තියෙන්නෙ 1944 දී. සම්පූර්ණයෙන්ම අතින් තමයි ලියලා තියෙන්නෙ. ඒකාලෙ අකුරු එහෙම හරි වෙනස්. ලස්සන ලිපි ටිකකුත් තියෙනවා. සාහිත්‍යයට ලැදි කට්ටිය බොහොම ආසාවෙන් කියවයි෴
[ Flikckr Album set ]

Thursday, August 28, 2008

හැකිනම් විසඳන්න!!

මෙය මම උපුටා ගත්තෙ අද දුන්න උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂනය ප්‍රශ්න පත්‍රයෙන්. බලමු කව්ද ඉස්සෙල්ලාම මෙය විසදන්නෙ කියලා!!

බහුවරණ ප්‍රශ්න අංක 38
කුරුළු කැදැල්ල නම් පෙර පාසල, කාළගුණය යහපත් දවස්වල පමණක් පැවැත්වෙන අතර, කාලගුණය අයහපත් දවස්වල පවත්වනු නොලැබේ. වැසි සහිත දවස් හෝ තද සුළං සහිත දවස් හෝ පමණක් කාලගුණය අයහපත් දවස් ලෙස සලකණු ලැබේ. පෙර පාසලේ විදුහල්පතිනියගේ විවාහ මංගලෝත්සවය ජුලි මස අවසන් බ්‍රහස්පතින්දා පැවැත් විණි. එදින පෙර පාසල නොපැවැත් විණි. දී ඇති තොරතුරු අනුව, මෙයට හේතුව ලෙස නිගමනය කළ හැක්කේ
(1) විදුහල්පතිනියට දැක්වූ ගෞරවය යි.
(2) ගුරුවරුන් සියලුම දෙනා මෙම මංගල උත්සවයට සහභාගී වීමයි.
(3) සියලුම දෙමාපියන් මෙම උත්සවයට සහභාගී වූ බැවින් දරුවන් පාසලට නොපැමිණිමයි.
(4) පෙර පාසලේ සුළු සේවකයින් සියලු දෙනාම එදින නිවාඩු ලබා ගැනීම නිසා, පාසලේ දොරවල් විවෘත නොකිරීමයි.
(5) එදින තද සුළං සහිත දවසක් නොවූ නමුත් වැසි සහිත දවසක් වීමයි

බහුවරණ ප්‍රශ්න අංක 39
එක්තරා ධනවත් පියෙක් තම පුතා අ.පො.ස. උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණයට ලකුණු 90 කට වඩා වැඩියෙන් ලබා ගත හොත් පමණක් ඔහුට කුඩා මෝටර් රථයක් මිලට ගෙන දීමට පොරොන්දු විය. පුතා මෝටර් රථයෙන් සරසවියට යාමට බලාපොරොත්තු විය.එහෙත් පුතා ලබා පරීක්ෂණයට ලබා ගත්තේ ලකුණු 85 ක් පමණි. මෙ‍ම තොරතුරු පමණක් උපයෝගී කොට ගෙන, පහත සඳහන් ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.
(1) පියා, පුතාට මෝටර් රථයක් නුදුන්නේය.
(2) පියා, පුතාට පාපැදියක් මිලට ගෙන දුන්නේය.
(3) පියා, පුතාට මෝටර් රථයක් මිලට ගෙන දුන්නේය.
(4) පියා, සරසවියට ඇවිදගෙන යා හැකි දුරකින් පුතාට නිවසක් මිලට ගෙන දුන්නේය.
(5) සාමාන්‍ය පොදු පරීක්ෂණයට ලකුණු 85ක් ලැබීම පුතාට සරසවි යාමට ප්‍රමාණවත් නොවීය.

Autorunning + Virus

ගොඩක් වෙලාවට අපේ පරිගණකයට වෛරස් ගෙනත් දා ගන්නෙ අපිමයි, වෛරස් ආසාදිත පරිගනකයකට පෙන් එක ගහපු ගමන්ම ඒකෙ Autorun එක වෙනස් කරලා වෛරස් එත ලියා ගන්නවා. මේ ලගදි මටත් හම්බ වුනා එහෙම ලියපු මරු autorun එකක්. හුගක් කට්ටිය කියන්නෙ වෛරස් එක ඇරෙන්නෙ නැතිව පෙන් එක ඇර ගන්න නම් Right click > Explore කරන්න කියලා. හැබැයි මෙහෙම කරත් වෛරස් එක ඇරෙන්න autorun එක ලීව හැකි. මේක බලන්නකො,

[AutoRun] open=ntde1ect.com ;shell\open=Open(&O) shell\open\Command=ntde1ect.com shell\open\Default=1 ;shell\explore=Manager(&X) shell\explore\Command=ntde1ect.com
මේ autorun එක තියෙද්දි Right click කලාට කිසිම වෙනසක් පෙන්නන්නෙ නෑ. කොහොම හරි සැකයටත් එක්ක Explore Click කරපු ගමන් වෛරස් එක ඇරෙනවා෴ [කොහොමද මේකෙන් බේරෙන්නෙ-මෙතන බලන්න] මෙහෙමයි CD/DVD autorun අක්‍රිය කරන්නෙ, Registry එකට ගිහින් මේවා වෙනස් කරන්න.
System Key: [HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\CDRom] Name: Autorun Type: REG_DWORD (DWORD Value) Value: (0=disable, 1=enable)

ජීවීන් වර්ගීකරණය හා නාමකරණය

ජීවීන් වර්ගීකරණය හා නාමකරණය යන්න වෙනම ම හැදෑරිය යුතු, ශාස්ත්‍රපති (PhD) උපාධිය දක්වා දිවෙන අති පුළුල් විෂයකි. එසේම ඉතා වැදගත් විෂයකි. මක්නිසාද, දැනට අප පෘතිවිය තුළ/මත ජීවි විශේෂ මිලියන 30 ක් වත් ඇති බව විද්‍යාඟ්්‍දයන් ඇස්තමේන්තු කරයි. නමුත් මේ වන විට සොයාගෙන අධ්‍යයනය කොට ඇත්තේ ඉතාමත් අතලොස්සකි. තවත් අති විශාල ජීවී විශේෂ ප්‍රමාණයක් හදුනා ගැනීමට ඉතිරිව ඇත.

මෙසේ ජීවීන් හදුනාගෙන වර්‍ගකරණය කොට නාමකරණය කිරීමේ වැදගත්කම කුමක්දැයි ඔබ සිතනවා ඇති! මෙය ලියන මම, කියවන ඔබ, අපි සැවොම මිනිසුන්, තවත් එක් ජීවී විශේෂයක්! නමුත් අප සැමට අනන්‍යය වු අන්‍යයන්ගෙන් ගෙන් වෙන් කොට හදුනාගත හැකිවූ නමක් හෝ හැදුනුම්පතක් අප සතුයි. ඒ හා සමානවම සෑම ජීවී විශේෂයකටම නමක්, අනන්‍යය වූ නමක් ලබා දීමෙන් ඔවුන්ව ඉතා පහසුවෙන් ලෝකයේ කොතැනකින් වුවත් හදුනාගත හැකියි. උදාහරණයක් ලෙස අපි වැටමාර ශාකය ගමු. විවිධ ප්‍රදේශවල වැටමාර ශාකය ගිනිසීරියා, ලාඩප්පා, වැටහිර ආදී විවිධ නම් වලින් හදුන්වනවා. එකම ශාකයට විවිධ ප්‍රදේශ වල විවිධ නම් තිබීම මහා ගැටළුක්. එය මඟහැර ගැනීමටයි විද්‍යාත්මක නාම භාවිතා කරන්නෙ! වැටමාර = Gliricidia sepium

එසේම විද්‍යාත්මක නාම යෙදීම හා වර්‍ගකරණය හිතුමතේට නොකරයි. අදාල සත්වයා/ශාකය ගැන මනා අධ්‍ය්‍යනය කින් පසු එම සත්වයා/ශාකය පෙන්වන පරිණාමික බන්ධුතා අනුව නම යෙදීම හා වර්ගීකරණය කරයි. උදාහරණ ඉදිරියේදී සලකා බලමු. ජීවීන් වර්ගීකරණය ජීවීන් වර්ගීකරණයද විවිධ ආකාර වලට සිදුකල හැක. පහසුවෙන් හදුනාගත හැකි බාහිර ලක්ෂණ උපයෝගී කොට ගෙන සිදු කරන වර්‍ගකරණය ඉන් එකකි. මෙය කෘතිම වර්‍ගකරණයක් ලෙස නම් කෙරේ. මෙහිදී වර්‍ගකරණ ක්‍රියාවලිය පහසු වුවත් ජීවීන් අතර පරීණාමික බන්ධූතා, ජීවීන්ගේ ව්‍යුහය, කළල විකසනය……. වැනි ලක්ෂණ පිලිබිඹු නොවේ. ජීවීන් ජලජ සතුන්, පියාඹන සතුන්, බඩගාන සතුන් ලෙස නම් කිරීම මෙයට උදාහරණ වේ. මාළුවෝ මෙන්ම ජල්ලියෝද ජලයේ වාසය කරති. නමුත් ජල්ලියන් ප්‍රාථමික ජීවීන් කොටසකි. මාළු ඉතා දියුණු ජීවී කොටසකි. අනෙක් ඛාණ්ඩද එසේම ය.

වඩාත් සුදුසු වර්‍ගකරණය වන්නේ ස්වභාවික වර්‍ගකරණයයි. මෙහිදී ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ, කායික විද්‍යාත්මක ලක්ෂණ, කළල විද්‍යාත්මක ලක්ෂණ, පොසිල වලින් ලැබෙන සාක්ෂි ආදිය විශ්ලේෂණය කර ජීවින් අතර පරිණාමික බන්ධුතා පැහැදිලි වන අයුරින් වර්ගීකරණය සිදු කරයි. මෙහිදී අදාල ලක්ෂණ වලට අනුව ජීවීන් කොටස් වලට බෙදා වෙන්කරයි. එම කොටස් හදුක්වන්නේ "තක්සෝන" යනුවෙනි. ප්‍රධාන තක්සෝන මෙසේය.

Species | විශේෂය - වර්‍ඝකරණයේ මුලික ඒකකයයි. බොහෝ ලක්ෂණ වලින් එකිනෙකාට සමාන එක් ලක්ෂණයකින් හෝ ලක්ෂණ කීපයකින් අනෙකුන්ගෙන් වෙනස් අන්තරාභිජනනයෙන් සරු ජීවින් බිහිකරන ජීවීන් ඛාණ්ඩය
Genus | ඝනය - සමාන ලක්ෂන සහිත විශේෂ වල එකතුව
Family | කුලය - සමාන ලක්ෂන සහිත ඝන වල එකතුව
Order | ගෝත්‍රය - සමාන ලක්ෂන සහිත කුල වල එකතුව
Class | වර්‍ගය - සමාන ලක්ෂන සහිත ගෝත්‍ර වල එකතුව
Phylum/Devision | වංශය/ඛාණ්ඩය - සමාන ලක්ෂන සහිත වර්‍ග වල එකතුව
Kingdom | රාජධානිය - සමාන ලක්ෂන සහිත වංශ/ඛාණ්ඩ වල එකතුව, ඉහලම තක්සෝනය රාජධානියයි.

දැනට බහුලව භාවිතා වන 1969 රොබට් විටෙකර් විසින් ඉදිරිපත් කල වර්‍ගකරණයට අනුව නම් රාජධානි 5 කි. දැනට ඉදිරිපත් වී ඇති වර්ගීකරණය ජීවීන් වර්ගීකරණය ඈත ග්‍රීක යුගය තෙක් දිව යයි. සුප්‍රසිද්ධ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් මෙන්ම තියෝපැට්‍රිස්ද ජීවීන් වර්‍ගකරණය සිදු කළා යැයි සැලකේ. නමුත් වඩාත්ම සාර්ථක වර්ගීකරණය හා නාමකරණය ඉදිරිපත් 1735 කැරොලස් ලිනේයස් විසිනි. මොහු Vegetabilia හා Animalia ලෙස රාජධානි දෙක කට වර්‍ගකරණය සිදු කරන ලදී. ඉන්පසු වර්ගීකරණය කිහිපයක්ම අර්නස්ට් හේකල්, කෝප්ලන්ඩ් ආදීන් ඉදිරිපත් කළ ද වඩාත් සාර්ථක මෙන්ම දැනටද භාවිතා වන රාජධානි පහේ වර්‍ගකරණය 1969 රොබට් විටේකර් විසින් ඉදිරිපත් කරන ලදී.
ඉදිරියට…….
- විටේකර්ගේ වර්ගීකරණය
- ලිනේයස්ගේ ද්විපද නාමකරණය
- මිනිසා
- නාමකරණය
- වගීකරණය සිදු කල නොහැකි වෛරස
මතු සම්බන්ධයි........

Wednesday, August 27, 2008

Thank you MOBITEL (for errors)

මොබිටෙල් හා ටෙලිකොම් සමාගම් එක්වු පසු මොබිටෙල් පෙර ගෙවුම් සබඳතා හිමියනට තම දුරකථන අංකය user name එක ලෙස භාවිතාකර dial up අන්තර්ජාල සබදතා ලබාගත හැකි වුනා. ගිණුමේ මුදල් අවසන් වූ කෙටි පනිවිඩයකින් ගිණුම අළුත් කල හැකියි!! මාත් පාවිච්චි කරන්නෙ dial up නිසා හදිස්සියකට ප්‍රයොජනයට ගන්න මෙම සේවාව සක්‍රිය කර ගත්තා. සතියකට විකර උඩදි මම රුපියල් 50 දැම්මා. ඒ මුදලෙන් පැය 2 ක් විතර අන්තර්ජාලයේ සැරි සැරුව හැකි. හැබැයි වැඩේ කියන්නෙ දැනට මම පැය 14ක් තිස්සේ මේක භාවිතා කරනවා. තවමත් භාවිතා කරනවා :o . කොහොම හරි මොබිටෙල් ආයතනය ලොකු පිනක් මේ කරගන්නෙ. හැබැයි මේවටත් හිලව් වෙන්න පස්සෙ දවසක ගාන කපයි ද දන්න නෑ [SLT+Mobitel PrePaid] [SLTnet]

FotoBatch

මෙම මෘදුකාංගයත් කලින් සදහන් කල Batch Image Resizer වගේමයි. නමුත් ඊට වඩා ජව සම්පන්න, සංකීර්ණ (එහෙම්ම මත් තෑ) මෘදුකාංයක්. මෙම මෘදුකාංගයෙන් පින්තූරයක් Resize කිරීමේ පටන් Colour Balancing දක්වා විශාල පරාසයක් තුල වෙනස්කම් සිදුකල හැකියි. මෙම ක්‍රියාව වඩාත් ඉක්ම්න් කර ගැනීම සඳහා ඔවුන් වෙනමම Script වර්ගයක්ද තනා ඇත.

මෙහි ඇති පහසුකම් ස්වල්පයක් සැකෙවින් මෙසේය
1. Batch image converting (BMP,JPG,GIF,PNG,PCX,ICO…….)
2. Batch image resizing
3. Create Slideshow
4. Create PDF
5. Create ASCII pictures (like crackers do)
6. Add watermarks, Stamps
8. Color adjusting, Image effects…………………. and so on :z .

මෙම මෘදුකාංගයේ වැදගත්ම අංගය නම් Windows Explorer වල ඉද්දි අවශ්‍ය පින්තූර තෝරා right click කර මතුවන context මෙනුවෙන්ම විධාන ලබා දීමට ඇති හැකියාවයි.

ඒ වගේම මෙම මෘදුකාංගයෙන් EXIF දත්තද එලෙසම සුරකී.

[ Home Page ] [ Download ] [ Features ]

Tuesday, August 26, 2008

Batch Image Resizer

හිතන්න, අපිට පින්තූර ලොකු ගානක් එකපාර resize කරගන්න ඕනා උනොත් මොකද කරන්නෙ? ෆොටෝ ෂොප් වලින් දුක් විදගෙන resize කරත හැකියැ :# . ඒක කරගන්න පහසු මෘදුකාංග තියෙනවා. ඉන් එකක් තමයි Batch Image Resizer කියන්නෙ. භාවිතය හරි පහසුයි. ඒවගේම ඉක්මන්. Stamp දාන්නත් පුළුවන් :O [ Home Page ]

Monday, August 25, 2008

Add Yahoo Smileys to Blogger Posts

හැමදාම වේලි වේලි තියෙන බ්ලොග් එක අළුත් කරන්න හිතාන ඔන්න මමත් Smileys දැම්මා. ගොඩක් අය මේවා දන්නවා ඇති. ඒත් ඉතින් නොදන්න අයත් ඇතිනෙ! (මම වගේ :$) මේක හරිම සරල වැඩක්. කරන්න තියෙන්නෙ මෙච්චරයි. ( හදපු කෙනා අපිට කරන්න දෙයක් ඉතුරු කරලාම නෑ)

1. Log in to Blogger > Layout > Edit HTML වෙත යන්න
2. මෙම කේතය ඇති තැන සොයාගන්න. ගොඩක් Browser වල Ctrl + F වලින් සෙවීමක් කල හැකියි.

]]></b:skin>

3. ඉන්පසු එම කේතයට යටින් මෙම කේතය Paste කරන්න

<script src='http://mail.pvgm.googlepages.com/smile.js'
type='text/javascript'/>

දැන් Save කරලා වැඩද කියලා බලන්න :)

[ Source ] - මොනාහරි අවුලක් උනොත් මම මෙය උපුටාගත් මව් අඩවියට යන්න

Tree of Life

"The affinities of all the beings of the same class have sometimes been represented by a great tree... As buds give rise by growth to fresh buds, and these if vigorous, branch out and overtop on all sides many a feebler branch, so by generation I believe it has been with the great Tree of Life, which fills with its dead and broken branches the crust of the earth, and covers the surface with its ever branching and beautiful ramifications."
Charles Darwin, 1859

Good bye little fellow........

මේ කතාව පුංචි ලේනෙක් ගැන෴
දවසක් අම්මා මිදුල අතුගගා ඉද්දි ලේනෙක් බිම වැටිලා ඉන්නවා දැකලා මට කතා කලා. මමත් ඉතින් සත්තුන්ගෙ පින්තූර ගන්න කැමතිනෙ.... කැමරාවත් උස්සාගෙන දුවලා ගියා. සාමාන්යියෙන් ලේනුන් හරි විමසිලිමත්, ඒ වගේම හරිම දඟයි. ඒත් මෙයා නම් හරිම අමාරුවෙන් හිටියෙ. වැඩි කලබලයකුත් නෑ. මම ගිහින් එයාව අතට ගත්තා. හරියට පුළුන් ගොඩක් වගේ.(මම ගොඩක් ආසාවෙන් හිටියෙ ලේනෙක්ගෙ සමීප දර්ශනයක් ගන්න) එයා ගොඩක් දුක්බර විදියට මගෙ මුණ දිහා බැලුවා. හරියට "මට හරි අමාරුයි" කියනවා වගේ. ඉතින් අසරණ මම මොනවා කියලා කරන්නද? වතුර පෙව්වා, කිරි හදලා දුන්නා, ඒත් සෞඛ්යැ නම් හොද අතට හැරෙන පාටක් නෑ....... අනේ පව් අසරණයා කාත් කව්රුවත් නැති තැනක අවසන් ගමන් ගියා෴
පව් ඉතින්, අපිටත් හරි දුකයි.....

මේ තියෙන්නෙ එයාගෙ පින්තූර,


බලන්නකො ඉන්න ලස්සන.....??

ලේනුත් අපි වගේම කිරි බී වැඩෙන්නන්. එයාලව වර්ගීකරණය කරලා තියෙන්නෙ මෙහෙම,
Kingdom | රාජධානිය: Animalia - සත්ව රාජධානියට අයත්
Phylum | වංශය: Chordata - පෘෂ්ඨ රජ්ජුවක් සහිත
Class | වර්ගය: Mammalia - පැටවුන් කිරි දී පෝෂණය කරන
Order | ගෝත්‍රය: Rodentia - මූෂික වර්ගයේ
Family | කුලය: Sciuridae - ගොන්නක් ලෙස සැකසුන වල්ගයක් ඇති.....

ලේනුන් ලෝකය පුරා දැකිය හැකි සතුන් විශේෂයක්.නමුත් ආසියාව, යුරෝපය,ඇමරිකාව මහද්වීප වල සුලභයි. ලස්සනම කට්ටිය ඉන්නෙ යුරෝපයේ. දැනට විශේෂ 200 කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. නමුත් විශේෂත්වය වන්නෙ ඒ අතර පියාඹන ලේනුන්ද සිටීමයි. පියාඹනවා කීවාට පියාඹනවාම නෙමේ, එයාලගෙ අත් පා සහ ශරීරය යා කරමින් හම බැදී තිබෙනවා. ඉතින් එයාලා උස ගහක ඉදන් පනිද්දි අත් දික් කරනවා. පැරෂුට් එකක් දිගහැරියා වගේ එයාල ගිහින් වැටෙනවා. එතකොට පේන්නෙ පියාඹනවා වගේ තමයි. මෙයාලා අපේ රටෙත් ඉන්නවා. පොදුවේ හදුන්වන්නෙ "හම්බාවා" කියලා. අවාසනාවකට මෙයාලා හරිම දුර්ලභයි.

මෙයාලා විවිධ ආහාර ගන්නවා. වැඩියෙන්ම කන්නෙ පළතුරු, ධාන්‍ය, ඇට වර්ගක, එළවළු, වගේ දේවල්. හැබැයි සමහර අය කෘමිනුත් කනවලු. ගෙදර වත්තෙ පොල් ගස් හෙම තියෙනවා නම් දන්නවා ඇතිනෙ දඩු ලේනුන් කරන වැඩ. ලංකාවේ වාසය කරන ලේනුන් ගෙන් දඬු ලේනුන් විශේෂ යි. ඔවුන් සාමාන්‍ය ලේනුන්ට වඩා විශාලයි. ඒ වගේම හරිම ලස්සනයි. (මම නම් එයාලට හරි කැමතියි ) ලංකාවට ආවේනික වූ ලේනුන් කිහිප දෙනෙක්ද ඇත. ඔවුන් වෙනුවෙන් ම මුද්දර පවා නිකුත් කර ඇත.

සත්ව ලෝකය නම් හරිම චමත්කාරයි, මේ පහත තියෙන්නෙ එක එක රටවල් ටිකක ලස්සන ලේනුන් ටිකක්. හොයා ගත්තෙ විකීපීඩියාවෙන්.

Several species of squirrels have melanistic phases. The most common variety seen in urban areas is the melanistic form of the Eastern Grey Squirrel


ලංකාවෙත් ඉන්නවා අළු ලේනුන් විශේෂයක්. හෝර්ටන් පැත්තෙ තමයි ඉන්නෙ. ඒ පැත්තෙ ගියොත් ඔයාලත් ටිකක් විමසිලිමත්ව වටපිට බලන්න. අනිවාර්යෙන්ම ඔයාලටත් අළු ලේනුන් හම්බුවෙයි.


Squirrel eating a nut

ලේනුන් මොනා හරි කද්දි හොදට අත් දෙකෙන් අල්ලාගෙන, හරි බරි ගැහිලා ඉදගෙන, නිවාඩු පාඩුවෙ තමයි කන්නෙ. ඒත් ඉන්නෙ නම් හරිම අවදානයෙන්. අපේ ගෙදරත් තියෙනවා ලේනුන්ට බත් දාන ලෑල්ලක්. කෑම දාපුවාම බලන්න ඕනා මෙයාලගෙ වැඩ..... දවසක් උනත් බලන් හිටියහැකි.


Eastern Gray Squirrel, Sciurus carolinensis


Southern Flying Squirrel (Glaucomys volans) of the Pteromyini
හම්බාවා කියන එක්කෙනත් මේවගේ. බලන්නකො මෙයාගෙ ගමන......

Sunday, August 24, 2008

I’m back again!

මාස අටකට විතර පස්සෙ ඔන්න මම ආවා නැවතත් සිංහල බ්ලොග් අවකාශයට෴ මේ ආරාධනය ඔබ සැමට, කියවන්න එන්න මගේ බ්ලොග් අඩවියට෴ :)