Saturday, September 27, 2008
Babylon
Babylon කියන්නෙ ශබ්ද කෝෂ මෘදුකාංගයක්. ඇත්තෙන්ම මා මෙතෙක් කල් භාවිත් කරපු හොදම ශබ්ද කෝෂය කීවොත් වඩාත් නිවරදියි. මෙහි වඩාත්ම සිත් ගන්නා සුළු අංගය නම් වචනයක් මත ක්ලික් (Middle Mouse button) කල විගස ප්‍රතිඵල පෙන්වීමයි.මෙහි OCR reader එකක් වැන්නකින් වචනය කියවා එහි ප්‍රතිඵල පෙන්වනවා. ඒ කියන්නෙ පිංතූරයක ඇති චවනයක පවා තේරුම් ලබා ගත හැකියි. හොදම වැඩේ කියන්නෙ සිංහල යුනිකේත වචන පවා මෙමගින් හදුනා ගැනීමයි. ඉතින් සිංහල දත්ත ගබඩාවක් ඇති කෙනෙක් ඉන්නවා නම් ඔන්න Glossary එකක් හෙම නොමිලේම හදලා භාවිතා කළ හැකියි... අනෙක් වඩාත්ම සිත්ගන්නා සුළු අංගය නම් විවිධ විශය ධාරා ඔස්සේ තැණුන පාරිභාෂික ශබ්ද කෝෂ (Glossary) අතිවිශාල සංඛ්‍යාවක් නොමිලේ භාගත කර භාවිතා කිරීමේ හැකියාවයි. එසේම Oxford ශබ්ද කෝෂය පවා මෙයට ඇතුළු කල හැකියි (වෙනම භාගත කර ගත යුතුයි). තවත් අංග නම් බොහෝමයි.... Babylon main features: * Enables full text translation * The world's knowledge of Wikipedia already inside * Additional content from Oxford, Britannica, Merriam Webster, Larousse and other leading publishers * Spell check for Hotmail, Gmail, Blogs... * Auto completion feature, which completes words or phrases as you type හැබැයි අපි භාවිතා කරන්නෙ නීත්‍යානුකූල නොවන පිටපත් නිසා අන්තර්ජාලය භාවිතා කරන වෙලාවට මෙම මෘදුකාංගය ස්වයංක්‍රීයව අක්‍රීය වෙනවා. ඒක වලකන්න (මෙය සහ කැස්පර්ස්කි) මම නම් FireWall එකක් පාවිව්වි කරනවා :) සැ.යු - ඔය ScreenShot එකේ තියෙන්නෙ Babylone 6 වල අතුරු මුහුණත. දැන් නව සංස්කරණ බොහොමයක් නිකුත් වී තිබෙනවා..... [Babylon] [Glossaries] [Download]
Tuesday, September 23, 2008
E mail Settings
දැන් බොහෙමයක් ජංගම දුරකථන වල GPRS, 3G වැනි පහසුකම් තියෙනවා. එනිසාම mail box සේවාවද තියෙනවා. දැන් මම කියන්න යන්නෙ mail box සේවාව සක්‍රිය කර ගන්නා ආකාරය. එහෙමත් නැත්නම් e mail client එකක settings හදාගන්න විදිය. මාත් මේවා පාවිච්චි කරනවා. Gmail හාYahoo නම් හොදට වැඩ. Hot mail නම් වැඩ කලේ නෑ. Hot mail වල settings දන්නවා නම් මටත් කියන්න෴ Gmail Settings ඔබගේ මෘදුකාංගයේ සැකසුම් පහත පරිදි වෙනස් කරන්න Incoming - POP3
Incoming server - pop.gmail.com SSL - Enable Port - 995
Outgoing - SMTP
Outgoing server - smtp.gmail.com SSL - Enable Port - 465
Yahoo Settings ඔබගේ මෘදුකාංගයේ සැකසුම් පහත පරිදි වෙනස් කරන්න Incoming - POP3
Incoming server - pop.mail.yahoo.com Port - 110
Outgoing - SMTP
Outgoing server - smtp.mail.yahoo.com Port - 25
Monday, September 22, 2008
සිංහල බ්ලොග් සින්ඩිකේටරය
ජාල ගත සිංහල අවකාශයේ මම වඩාත්ම අගය කරන මෙන්ම වඩාත් ආසා කරන වෙබ් අඩවිය තමයි සිංහල බ්ලොග් සින්ඩිකේටරය. එක අතකින් මෙය එකමුතුකමේ සංකේතයක්. සිංහල හාවිතාකර බ්ලොග් ලියන අති බහුතරයකගේ ලිපි මෙහි ක්ෂණිකව ප්‍රදර්ශනය කරන නිසා සිංහල බ්ලොග් කියවීමට සිතෙහි ඇතිවන ආශාව තවත් තීවෘර කරනවා. සිංහලෙන් ලියද් දී මට නම් අමුතුම හැඟීමක්, අමුතුම ගතියක් ඇගට දැනෙනවා. අනේ මන්දා ඒක මට වචනෙන් කියන්න බෑ. පහුගිය දවසු වල සින්ඩිකේටරය වැඩ කලේ නෑ. මලින්ත අයියා කීවෙ "DNS අප්ඩේට් උනාම හරියයි කියලා" කීවත් වගේ අද ගිහින් බලද්දි වැඩ. ඉතින් හිතේ ඇති වුන සතුටටයි මේක ලීවෙ. සින්ඩිකේටරයට මෙන්ම එහි නිර්මාපකයන්ට ද දිගාසිරි෴ [ සිංහල බ්ලොග් සින්ඩිකේටරය ]
KeyMan
මම මීට කාලෙකට කලින් KeyMan යතුරු පුවරු කිහිපයක් වැඩිදියුණු කලා. ඒවා මම නම් තවත් පාවිච්චි කරනවා. මම ඒවාහි සංස්කරණ කිහිපයක්ම එලිදැක්වුවා. නවතම සංස්කරණය එලිදැක්වුයේ සිංහල යුනිකේත යතුරු පුවරුවේ ආකාරයට යි. මම මේක කලේ මගේ උසස් පෙළ ව්‍යාපෘතිය විදියට. සමහරවිට ඔයාලටත් ටිකක් විතර ප්‍රයෝජනවත් වෙයි෴ යතුරු පුවරු විස්තරය 1. Si-UNICODE - FMAbhaya type - අභය වැනි අකුරු යුනිකේත යතුරු පුවරුවේ ආකාරයට යතුරුලියනය කල හැක 2. Si-UNICODE - Amalee type - අමාලී වැනි අකුරු යුනිකේත යතුරු පුවරුවේ ආකාරයට යතුරුලියනය කල හැක 3. Madhura to UNICODE - මධුර වැනි අකුරු යුනිකේත යතුරු පුවරුවේ ආකාරයට යතුරුලියනය කල හැක. මධුර ශබ්ද කෝෂය සමඟ භාවිතා කිරීමට තැනූවකි. 4. Old Version Including FMAbhaya/Nidahasa/Amalee/Ranasuru to ANSII Sinhhala layout මේ සියල්ල සමගින් KeyMan 6 හි අවසන් සංස්කරණය මෙතනින් ලබා ගත හැක. [ My Live Space ]
Wednesday, September 17, 2008
දැන්වීම් ඉවත් කළ වගයි෴
මම කාලෙක ඉදන් .tk ඩොමේන් එකක් පාවිච්චි කලා. co.cc තරම්ම හොද නැති උනත් අවශ්‍යතාවය පිරිමහ ගන්න ඇති. ඔවුන් මෙච්චරකල් උඩින් දැන්වීම් ප්‍රදර්ශනය කලා. ඒවා අයින් කරන්න බෑ. ඒත් අද ලොග් වෙලා බලද්දි එයාලා ඇඩ් ඉවත් කරන්න පහසුකම් ලබා දීලා. කොහොම උනත් හොද වැඩක් :) . [ Dot TK ] [ MCGC ]
Search results for "Free WebHosting"
පහුගිය දවස් වල අන්තර්ජාලය පීරලා PHP, MySQL සමඟ නොමිලේ ලබාදෙන වෙබ් ඉඩක් සෙව්වා. ගොඩක් තැන් වල දෙන්නෙ මෙගාබයිට් 200-300 විතර. ඔහොම හොයාන හොයාන යද්දි හම්බ උනා 20GB, 5GB,3GB,1GB නොමිලේ ලබාදෙන ස්ථාන. සමහරක MySQL දාන්න බෑ. සමහරක MySQL සල්ලි දීල වෙනම සක්‍රිය කරන්න ඕනා...... ඔහොම එක එක කතන්දර. ;) . 20GB දෙන එකේ BandWith එකත් 20GB!! ඉතින් වැඩක් තියේ යැ... ඒ මදිවට අත පුරෝලා ඇඩ් දානවා... ඔය අතරෙ එකක් තිබ්බා ඇඩ් දාන්නෙ නැති, නමුත් සියල්ල නොමිලේ කියාගත්තු. 3GB වෙබ් ඉඩකුත් දෙනවලු. මමත් ගිහින් දායකත්වය ලබා ගත්තා. WordPress ත් දැම්මා. ඔක්කොම හොදින් සිද්ද උනා. බ්ලොග් එකත් පෙන්නනවා. ඒත් අවුල උනේ මෙතන, WordPress වලට log වෙලා මුල් පිටුව ලොඩ් වෙලා ටික වෙලාවකින් මොකක්ද වෙනවා..... :( . ඊට පස්සෙ දිගටම "Loading...." කියලා වැටිලා තියෙනවා. මෙලෝ දෙයක් කරගන්න බෑ..... දැන් ඉතින් නරියා මිදි තිත්තයි කිව්වා වගේ කලින්ම සක්‍රිය කර ගත්තු AwardSpace පාවිච්චි කරනවා.... [ 5GB Free ] [ 3GB Free ] [ 20GB Free ]
Tuesday, September 09, 2008
Life without an Internet Accelerator
මට ඊයෙ රෑ හදිස්සියෙ වින්ඩෝස් ආපහු දාන්න වුනා. මගෙම මෝඩ පරීක්ෂණ නිසා. අවාසනාවට මම පාවිච්චි කරන Internet Accelerator එකේ Cache ගොනුවත් මට අහිමි වුනා. (දරා ගන්න බැරි පාඩුවක් ;) ) ඊට පස්සෙ තමයි මම අත්දැක්කෙ නියම Dial-Up සබදතාවක රඟ :# .
මම පාවිච්චි කරන මෘදුකාංග අතුරෙන් ගොඩක් වැදගත් එකක් තමයි SurfStream. මෙය මගින් මම එදිනෙදා ගමන් කරන වෙබ් අඩවි වල අන්තර්ගත බර අධික විවිධ ගොනු මතකයේ තබා ගෙන අපි නැවත එම වෙබ් අඩවියට ඇතුල් වන විට එම ගොනු අපේ පරිගණකයේ සිට ලෝඩ් කරනවා. ඒ නිසා ධාවනය හරි ඉක්මන්!! මේ සදහා මෙම මෘදුකාංගය වෙනම Proxy Server එකක් භාවිතා කරනවා. අපේ වෙබ් බ්‍රව්සරය මෙම Proxy Server එක හරහා ගමන් කරන ලෙස සැකසුම් සෑදිය යුතුයි. එය එතරම් අමාරු කාරියක් නොවෙයි. ඒ සදහා සියලු උපදෙස් මෙම මෘදුකාංගය සමග ලබාදේ.
සැකසුම්
ඔබේ බ්‍රව්සරයේ Network>Connection>Connection Settings වෙත ගොස් Manual Proxy Configuration යන්න තෝරන්න. ඉන්සපු මෙලෙස වෙනස්කම් කරන්න෴
• the HTTP host to be localhost.
• the HTTP port to be the HTTP port specified in the SurfStream Options dialog box. The default value is 1975.
• the HTTPS host to be localhost.
• the HTTP port to be the HTTP port specified in the SurfStream Options dialog box. The default value is 1976.
Features
• Fully featured proxy server
• Banner ad blocker
• Popup window blocker
• TCP/IP settings optimizer
• Connection speed tester
• Favorites bookmark manager
• Internet time synchronizer
• Integrated in Internet Explorer
[ Home ] [ Download ] [ ScreenShots ] [ Features ]
Monday, September 08, 2008
DownLoad Images from Flickr
අන්තර්ජාලය තුල පින්තුර හුවමාරුවට Flickr කොහොමත් ප්‍රසිද්ධයිනෙ, ඉතින් මාත් ලගදි ලියාපදිංචි උනා. කලින් Picasa එහෙම පාවිච්චි කරලා තිබ්බ නිසා ඒතරම් හිතට අල්ලලා ගියෙත් නෑ. හැබැයි වරදක් කියන්නත් නෑ. හැම මාසෙම 100MB පාවිච්චි කරන්නත් දෙනවනෙ! මම දැක්ක ලොකුම අඩුව තමයි photo set තුන කට වඩා හදන්න නොදෙන එක. ඒ වගේ තමයි Download කරන්න තියෙන අපහසුව. Download කරන්න ලේසි ක්‍රම තියෙනවා නම් මටත් කියලා දෙන්න අමතක කරන්න එපා!!
මම නම් Download කරන්නෙ මෙහෙම. වෙබ් පිටුවෙ Right Click කරලා View page Info තෝරනවා. එතනින් එන කවුලුවෙන් Media තෝරනවා. එතන තියෙනවා එක එක ගොනු ගොඩක්. ඒවගෙන් අපට අවශ්‍ය ගොනුව තෝරගත හැකි. මේ පින්තූරය බලන්නකො,
Sunday, September 07, 2008
Banner Part II
පෙර ලිපිය හා බැදේ෴
ඉස්සෙල්ලා ලිපියෙ තිබුනෙ බැජ් තුනම එක විට පාවිච්චි කරන්න පුළුවන් කේතයක්නෙ. දැන් කියන්නෙ ඒ තුන වෙන වෙනම පාවිච්චි කරන විදිය. ගොඩක් කට්ටියට නම් මේක අරුමයක් නෙවේ. ඒත් ඉතින් ලියන්න හිතුන. ආ….. අනික් කාරනය මෙතනදි මම පාවිච්චි කරන්නෙ PNG. ඒක නිසා වටේට සුදුපාට තීරු ඉතිරි වෙන්නෙත් නෑ. මෙන්න කේත සටහන් ටික,
1. Another Blog by Sri Lankan
2. Keep our Country Green
3. Make them a Better Place
ඕන කෙනෙක් ඕන වෙනස්කමක් කරන්න. හිතේ හැටියට පාවිච්චි කරන්න. මගෙන් බාදාවක් නැහැ.
another_blog_by_sri lankan_copy_S.pngkeep_our_country_green_copy_S.pngmake_them_a_better_place_copy_S.png
Banner
නිකං ඉන්න ගමන් පොඩි වැඩක් කරන්න හිතුනා. දකුණු පැත්ත බලන්නකො, හොදයි නේද? ඕන කෙනෙකුට ඒ ලොගෝ පාවිච්චි කළ හැකි!!
1. Make them a better place
2. Keep our country green
3. Another blog by Sri Lankan
මේ ලින්ක් වලින් original images ගත හැකියි :) . ඒ වගේම මම දාලා තියෙන බැනර් එක ඔයාලගෙ වෙබ් පිටුවකටත් දාන්න ඕනා නම් මෙම කේතය භාවිතා කරන්න. (Blogger වල නම් Layout>Page Elements>add HTML/Java Script වෙත ගොස් මෙම කේතය paste කරන්න)
add this to your blog
මොනවා හරි හරියට වැඩකලේ නැත්නම් මට දන්වන්න!! එකින් එක වෙන වෙනම භාවිතා කරන අන්දම
Saturday, September 06, 2008
PageOnce
මේක නම් හරි අපුරු වෙබ් අඩවියක්. මේ ගැන විස්තරය මුලින්ම දැක්කෙ විජය පරිගණක සඟරාවෙ. මමත් කාලෙක ඉදන් හොය හොය හිටියෙ මගෙ ඊ මේල් තැම්පතු සියල්ලේම ලිපි එක තැනකින් බලාගන්න පුළුවන් ක්‍රමයක්. මෙම වෙබ් අඩවිය නිසා එය හරි පහසුයි. Gmail, Yahoo, Hotmail, AOL Mail, මෙන්ම තවත් බොහොමයක පමණක් නොව MySpace, Flickr, Twitter, FaceBook, YouTube, Del.Icio.us, Skype, LinkedIn, AmericanExpress, CitiBank........ ආදී බොහොමයක් මෙම අඩවිය තුල සිටම පරිශීලනය කළ හැකියි. ඔයාලත් ගිහිල්ලම බලන්න. මට නම් ගොඩක් හිත ගියා. (අලංකාර විදියට නිමවලත් තියෙනවා) හැබැයි ලෝඩ් වෙන්න නම් ගොඩක් වෙලා ගියා. මොකද මම ඩයල් අප් නෙ!! ඒ ලෝඩ් වෙන්න යන කාලයත් එක්ක ගත්තම Gmail, Yahoo, Hotmail (Classic View එකට) වලට වෙනම ම ගිහින් බලන එක මට නම් ලාබයි. හැබැයි තව එකක්, මේකේ ඊ මේල් බලන්න, මකන්න විතරයි පුළුවන්. යවන්න බෑ…… එකඅතකින් ඒක නම් මට ගැටළුවක් නෑ, මම පාවිච්චි කරන්නෙ ThunderBird!
[ PageOnce ]
New Photos @ Nature~
විනෝදාංශයක් වශයෙන් මම කරන එක දෙයක් තමයි ඡායාරූප ගැනීම. ඡායාරූප ශිල්පය ගැන කිසිම හැදෑරීමක් නම් සිදු කරලා නෑ. හිතේ හැටියට, ලස්සනයි කියලා හිතෙන විදියට ඡායාරූප ගන්නවා. මේ තියෙන්නෙ එහෙම ගත්තු ඡායාරූප ටිකක්. මේවා බලලා අඩුපාඩු වගේ දේවල් තියෙනවා නම් මටත් ඉගෙනගන්න කියලා දෙන්න!! [ Nature PhotoSet ]
Friday, September 05, 2008
File Extensions.org
අපි නොදන්නා File Extensions එකක් සහිත ගොනුවක් අපට ලැබුනොත් මොකද කරන්නෙ? මට ඔය වැඩේ වෙන්නෙ Torrents වලින් හම්බෙන සමහර ගොනු වලින්. ඒවා මට ගොඩක් වැදගත් ඒත් විවෘත කර ගන්න බෑ. මේ වගේ වෙලාවට අපට උදව් වන වෙබ් අඩවියක් ගැනයි මේ සටහන. මෙම අඩවිය මගින් එම ගොනුව විවෘත කර ගත හැකි මෘදුකාංගයෙ ද එම මෘදුකාංගය ගැන සවිස්තරාත්මක විස්තරයක් ද මෙන්ම මව් අඩවියට ලින්ක් එකද සපයයි. ඒ වගේම ලිනක්ස් එම ගොනුව විවෘත කරගත හැකි ආකාරය වැනි ආශ්‍රිත ලිපි ද සපයයි. ඇත්තෙන්ම වැදගත් වෙබ් අඩවියක්...... [ Home ]
පැරණි මුදල් නෝට්ටු
මට ලැබුණා පැරණි මුදල් නෝට්ටු ටිකක ෆොටෝ ටිකක්. මම නම් පරණ මුදල් නෝට්ටු වලටයි, ඒවගෙ තියෙන රටා වලට හරිම ආසයි. ඔන්න ඔයාලටත් බලාගන්න මම ඒවා Upload කලා. [ Flickr PhotoSet ~2MB ]
Wednesday, September 03, 2008
Operator Codes
ජංගම දුරකථන දැන් ගොඩක් කට්ටියට නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. ඉතින් මේවගේ දේවලුත් එදිනෙදා ජීවිතේදි ටිකක් වැදගත් වේවි. මෙතන තියෙන ඔක්කොම කේත මම පරීක්ෂා කරලා බලලා නම් නෑ. ඒවයින්, බලපුවා එක්කොම නම් වැඩ. මම බහුලවම භාවිකා කරන්නෙ Automatic divert all calls කේතය. call එන එක කරදරයක් වුනාම කපපු අංකයකට divert කරනවා. එතකොට කවුරු හරි මට call කලොත් "ඇමතුම සම්පූර්ණ කළ නොහැක" කියලා කියනව. @ කියන්නෙ "Send" නෙහොත් "Call" බොත්තමයි.
*04*oldPIN*newPIN*newPIN#@ changing the PIN-code
**042*oldPIN2*newPIN2*newPIN2#@ changing the PIN2-code
**05*PUK*newPIN*newPIN#@ unlock a card with PIN locked
**052*PUK2*newPIN2*newPIN2#@ PIN2 decoding (after 3x wrong input)
*#06# IMEI Number showing
##002#@ all call diverts off
**004*DestNo#@ set all conditioned call diverts to DestNo on and active
##004#@ all conditioned call diverts (busy, not reachable, no answer) off
**21*DestNo#@ Automatic divert all calls to DestNo on and active
*21#@ Automatic divert all call DestNo activate
##21#@ Automatic divert all calls to DestNo off and inactive
#21#@ Automatic divert all calls to DestNo deactivate
*#21#@ Automatic divert all calls to DestNo status
**61*DestNo#@ Call divert when not answered on and active
*61#@ Call divert activate
##61#@ Call divert when not answered off and inactive
#61#@ Call divert deactivate
*#61#@ Call divert when not answered status
**62*DestNo#@ Call divert if not reachable on and active
*62#@ Call divert activate
##62#@ Call divert if not reachable off and inactive
#62#@ Call divert deactivate
*#62#@ Call divert if not reachable status
**67*DestNo#@ Call divert when busy on and activate
*67#@ Call divert activate
##67#@ Call divert when busy off and inactive
#67# Call divert deactivate
*#67#@ Call divert when busy status
**03*330*oldPW*newPW*newPW#@ Changing the password for call barrng*
*33*PW#@ Barring all outgoing calls on (PW one row before)
*43*#@ Call waiting on
#43##@ Call waiting off
*#43#@ Call waiting status
වෙනත් කේත
*#0000#Displays your phones software version, 1st Line : Software Version, 2nd Line : Software Release Date, 3rd Line : Compression Type.
*#06#For checking the International Mobile Equipment Identity (IMEI Number).
*#21# and press the green keyAllows you to check the number that "All Calls" are diverted to
*#30# and then the green key Lets you see the private number.
*#43# and press the green keyAllows you to check the "Call Waiting" status of your phone.
*#61# and press the green keyAllows you to check the number that "On No Reply" calls are diverted to.
*#62# and press the green keyAllows you to check the number that "Divert If Unreachable (no service)" calls are diverted to.
*#67# and press the green keyAllows you to check the number that "On Busy Calls" are diverted to.
**21*number#Turn on "All Calls" diverting to the phone number entered.
**61*number#Turn on "No Reply" diverting to the phone number entered.
**67*number#Turn on "On Busy" diverting to the phone number entered.
*#7780#Restore factory settings. (Nokia Only)
*#7370#Total Phone memory format (Nokia Only)
Press *,3,Green Buttontogether and switch off n on ur phone,hold those three keys untill u see as formating or asked to enter date and time this will remove al the thrid party s/w installed in ur phone along s/w's installed in memory card becareful while using this (Nokia S60 Only)
Remember - 12345This is the default security code.
හිස් අවකාශයට දෙඩීම
දෙනෝ දහක් දෙනා මෙහි එති යති, ඇති දේ ගෙන යති, මට කිසිත් නොතබා ම යන්ට යති, මෙහි ඇතිදේ අරුත් සුන්ද??? දැනගනු රිසියෙමි!!! :p .
Explorer++
මෙම මෘදුකාංගය windows explorer වැනිම නමුත් ඊට වඩා මදක් වෙනස්, පහසුකම් වලින් වැඩි මෘදුකාංගයකි. වඩාත්ම සිත් ගන්නා සුළු අංගය නම් ටැබ් භාව්තා කර කවුළු විවෘත කිරීමේ හැකියාවයි. එසේම මෙම මෘදුකාංගය සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාගත හැක්කකි. මෙහි ඇති තවත් අංග නම්,
Feature list:
• Browse both real and virtual folders.
• Tabbed browsing for easy management of multiple folders.
• Display window shows previews of images as they are selected.
• Easy-to-remember keyboard shortcuts for quick navigation.
• Customizable user interface.
• Full drag-and-drop support with other applications, including Windows Explorer.
• Advanced file operations such as merging and splitting supported.
[Home] [Download] [ScreenShots]
Tuesday, September 02, 2008
Why people hate SLT
නැතුවත් බැරි තිබුනත් කම් නැති සබඳතාවකි SLT අන්තර්ජාල සබඳතාවය. බලන්නකො මේ පින්තූරය දිහා, මොකද හිතෙන්නෙ?? මට නම් හිතෙන ටික මෙතන ලියන්න යන්නෙ නෑ…… :x ගිය අවුරුද්දෙ නොවැම්බර් වල මම ගියා කුරුණෑගල ටෙලිකොම් කාර්යාලයට. ඔවුන් කීවා “මල්ලී, අපි ලබන ජූනි (2008, මේ පහුවුනේ…..) වල WiMax දෙනවා. එක කුළුණක ඉදක් කිලෝ මීටර 40 දුර දෙතහැකි, මරු නේද?” කියලා….. මටත් ඉතින් ඉහේ මලක් පිපුනා වගේ. දැන් මගේ හිතේ තියෙන ඒවා ටික ඔයාලටත් හිතා ගන්න පුළුවන්නෙ…!! අනේ අපිට කවදා කලක් යයිද?? :c .
Safely Remove A Device In One Click
අප බොහෝදෙනා නිතරම ජංගම දෘඩාංග හාවිතා කරනවා. එකවිට USB එකට උපාංග කිහිපයක් සවිකර ඇති විට අපට අවශ්‍ය උපාංගය ඉවත් කර ගැනීමේදී මදක් අසීරු තත්වය කට මුහුණ පෑමට සිදු වෙනවා. ඉතින් මේ ක්‍රියාව පහසු කර ගැනීම තකාම නිපද වූවකි USB Safely Remove මෘදුකාංය. මීට අමතරව මෙමගින් තවත් සේවා බොහොමයක් ද ලබාගත හැක. එනම්,
• "Return device back!" feature (v.4.00)
• Stops any kind of hot-swap devices./devices like PCMCIA (v.4.00)
• Hiding drives of empty card reader slots!
• Ability to eject card reader memory cards
• Drive letters management
• Exploring a device drive in an alternative file manager
• Mount point support
[ Download v.3.3 | v.4.0Beta ] [ Home ] [ Features ] [ ScreenShots ]
Monday, September 01, 2008
FaceBook Booster
FaceBook වෙබ් අඩවිය සාමාන්‍යයෙන් ලෝඩ් වීමට මඳ කාලයන් ගනී. Dial up වල නම් සැලකිය යුතු කාලයක් ගනී. මෙසේ ලෝඩ් වීමට ගතවන කාලය අඩුකර ගැනීමට අනර්ඝ ඇඩෝනයක් ඇත. ක්‍රියාත්මක වන්නේ FireFox සමඟ පමණි. මෙය මගින් FaceBook හි Layout එක මෙන්ම Album Ptotos පවා මතකයේ තබාගෙන අවශ්‍ය විටෙක කඩිනමින්, භාගත වීමකින් තොරව ඒවා පෙන්වයි. :) .
Current features include:
• Toolbar with notificatications and status update box
• Album downloader
• Popup Notifications
• Custom Designed School Skins
• Options to change your page layouts
• Ability to load all album images in one page
• Selectable Features - Use only what you want!
• Rollover full profile pic thumbnails
• Autologin with saved password
• One-click pokes
• Keyboard controlled album
• Zoom for pictures
• Notifications for pokes, messages and more
• Load all your friends in a convenient sidebar
• Get updates on your account from other pages [ Home ] [ Download ]
ගණිත විනෝදය
පරිගණකයේ ගණක යන්ත්‍රය විවෘත කරන්න. ඉන්පසු මෙම ගණනය කිරීම කරන්න. (13837) x (ඔබේ වයස) x (73) = ????? පිළිතුර කුමක් වෙයිද?? බලාපොරොත්තු නොවන යමක් ලැබේවි!. ඔබත් උත්සාහ කොට බලන්න :d .
බ්ලොගර් හි කේත යතුරු ලියනය