Saturday, October 18, 2008

Add Feeds to Blogger labels

rss.gifසමහර වෙලාවට සිංහල බ්ලොග් වල ඉංග්‍රීසියෙනුත් ලිපි ලියන වෙලාවල් තියෙනවා. හොදම උදාහරණය තමයි අරණ. එහෙම ලියද්දි ඒ ඉංග්‍රීසි ලිපිත් සින්ඩිකේටරයට යනවා. ඒක නවත්තන්න, එක එක ලේබල වලට වෙනම feed එකක් ලබා දීමෙන් කරන්න පුළුවන්. මේ කියන්න යන්නෙ එහෙම ලේබල වලට වෙනම feed දෙන හැටි.

ලේබල වලට feed තැනෙන ආකාරය
සාමාන්‍යයෙන් අපේ post feed එක මේ වගේ
http://YOURBLOG.blogspot.com/feeds/posts/default

ලේබල වලට අනුව label feeds මෙහෙම වෙනස් වෙනවා
http://YOURBLOG.blogspot.com/feeds/posts/default/-/ලේබලය

උදාහරණයකට මගේ බ්ලොග් එකේ Biology ලේබලයට අදාල feed එක මෙහෙම වෙන්න ඕනා
http://pvgm.blogspot.com/feeds/posts/default/-/Biology

අපේ ලේබල අසලට feed icon එක එකතු කරන විදිය

1. බ්ලොගර් වලට ඇතුලු වෙලා Layout > Edit HTML වලට යන්න
2. කෝකටත් එක්ක තියෙන තීම් එක BackUp
3. Expand the widgets කියලා තියෙන Check Box එකට Tick එකක් දාන්න
4. මෙම කේත කොටස හොයාගෙන තද පාටින් තියෙන කොටස හරියටම එතනටම දාන්න

<b:widget id='Label1' locked='false' title='Labels' type='Label'>
<b:includable id='main'>
<b:if cond='data:title'>
<h2><data:title/></h2>
</b:if>
<div class='widget-content'>
<ul>
<b:loop values='data:labels' var='label'>
<li>

<a expr:href='"http://YOURBLOG.blogspot.com/feeds/posts/default/-/" + data:label.name'><img src='http://img304.imageshack.us/img304/3518/rect18st2.png'/></a>

<b:if cond='data:blog.url == data:label.url'>
<data:label.name/>
<b:else/>
<a expr:href='data:label.url'><data:label.name/></a>
</b:if>
(<data:label.count/>)
</li>
</b:loop>
</ul>

<b:include name='quickedit'/>
</div>
</b:includable>
</b:widget>

http://YOURBLOG.blogspot.com කියන තැනට ඔයාගෙ බ්ලොග් ලිපිනය දාන්න.
දැන් Save කරලා වැඩේ අහවරක් කරලා දාන්න.

කරන්න කලින් සාම්පල් එකක් බලන්න ඕන නම් ඔහොම්ම ම දකුණු අත පැත්ත බලන්න ;) .

Friday, October 17, 2008

Recent Comments/Posts Widget for Blogger

Blogger වල Recent Comments, Recent Posts වගේ දේවල් ඇතුලත් කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මේකත් එක ක්‍රමයක්. මම පාවිච්චි කරලා තියෙන්නෙත් මේ ක්‍රමය. ඉස්සෙල්ලාම Blogger වලට ලොග් වෙලා Layout>PageElements වලට ගිහින් අපට අවශ්‍ය තැනට Gadget එකක් එකතු කරගන්න ඕනා. ඒ සඳහා Add a Gadget මත ක්ලික් කර මතුවන කවුලුවෙන් HTML/JavaScript යන්න තෝරන්න. ( + මත ක්ලික් කිරීමෙන්). එවිට මතුවන කවුලුවට පහත කේතය ඇතුලත් කරන්න.

rc-ps.gif

<script style="text/javascript" src="http://mail.pvgm.googlepages.com/widgetposts.js"></script><script style="text/javascript">var numposts = 20;var showpostdate = true;var showpostsummary = true;var numchars = 50;</script><script src="http://YOURBLOG.blogspot.com/feeds/comments/default?orderby=published&alt=json-in-script&callback=showrecentposts"></script>

දැන් මේකෙ සැකසුම් ටික හරියට හදන්න ඕනා.

1. numposts = 20 , මේකෙන් කරන්නෙ ලිපි කොච්චර ගණනක් සාරාංශ ගත කරලා පෙන්නනවාද කියන එක. මේ කේතයට අනුව නම් ලිපි විස්සක් පෙන්නනවා. "20" වෙනුවට වෙනත් ගානත් දාලා ඔයාලට ඕන විදියට සකස් කල හැකියි.

2. showpostdate = true , මේකෙන් කරන්නෙ ලිපියෙහි දිනය පෙන්වන එක. true ලෙස සකස් කල විට පෙන්වීමද, false ලෙස සකස් කල විට නොපෙන්වා තැබීමද සිදු කරයි.

3. showpostsummary = true , මේකෙන් කරන්නෙ ලිපියෙහි මාතෘකාවට අමතරව, ලිපියෙහි අන්තර්ගතයද සාරාංශගත කොට පෙන්වීමයි. true ලෙස සකස් කල විට පෙන්වීමද, false ලෙස සකස් කල විට නොපෙන්වා තැබීමද සිදු කරයි.

4. numchars = 50 , මේකෙන් කරන්නෙ අප මේ සකස් කරන ලිස්‍ට් එකේ එක් ලිපියකට අදාල සාරාංශගතයේ කොපමණ අකුරු ගණනක් පෙන්විය යුතුද යන්නයි. ඉලක්කම වෙනස් කිරීමෙන් අකුරු ලණන වෙනස් කල හැකියි.

5. ඊලගට කොල පැහැති කොටසෙහි සැකසුම් සිදුකල යුතුයි. එය ඔබ ඇතුලත් කරන Feed එකයි. ඔබ‍ට Recent Comments ඕනා නම් Comments Feed එකද Recent Posts ඕනා නම් Posts Feed එකද එහෙමත් නැත්නම් වෙනත් Feed එකක් ඕනා නම් ඒක හරි මෙතනට දාන්න පුළුවන්.

කොහොමද Comments Feed එක හොයාගන්නෙ?
මෙන්න මේකයි Comments Feed එක,
http://YOURBLOG.blogspot.com/feeds/comments/default

මේකෙ YOURBLOG කියන කොටස වෙනුවට ඔබගේ බ්ලොග් එකේ පෙන්වන කොටස දාන්න. උදාහරණයකට මගෙ බ්ලොග් එක ගමුකො.
ඒකෙ ලිපිනය : http://pvgm.blogspot.com
ඒක නිසා Comments Feed එක : http://pvgm.blogspot.com/feeds/comments/default

කොහොමද Posts Feed එක හොයාගන්නෙ?
ඒකත් ඉස්සෙල්ලා වගේම යි. URL එකේ comments කියන කොටස posts කියලා වෙනස් කරන්න. එතකොට ඔයාගෙ Posts Feed එක මේ වගේ,
http://YOURBLOG.blogspot.com/feeds/posts/default

දැන් save කරලා වැඩේ හමාර කරලා, ඔයාගෙ බ්ලොග් එක reload කරලා බලන්න ගැජට් එක වැඩද කියලා!!

ඔන්න ඉතින් පුළුවන් උපරිමයෙන් සරල කරලා කීවා. ආධුනිකයන්ටත් තේරෙන්ටම :) . මමත් දන්නවනෙ මම ඉස්සර කාපු කට්ට මෙහෙම එකක් කොරගන්ට ;) .

Wednesday, October 15, 2008

Google Blogger භාව්තයෙන් සිංහල බ්ලොග් ලිවීම

අන්තර්ගතය෴
1. Blogger හැදින්වීම
2. Blogger භාව්තයෙන් සිංහල බ්ලොග් ලිවීම සඳහා තිබිය යුතු පෙර සැකසුම් හා අවශ්‍යතා
3. Blogger භාව්තයෙන් බ්ලොග් එකක් ඇරඹීම
4. Blogger හි පසු සැකසුම්

1. Blogger හැදින්වීම

1999 දී Pyra Labs ආයතනය මගින් බ්ලොග් ලිවීම ප්‍රචලිත කිරීම සඳහා ප්‍රථමයෙන්ම Blogger සේවය ආරම්භ කලා. ඉන් පසු 2003 දී පමණ Google ආයතනය මගින් Pyra Labs සමඟ ගිවිසුමකින් පසු Blogger සේවය Google විසින් ලබා ගන්නා ලදී. එතැන් සිට මේ දක්වා Blogger ‍සේවය Google යටතේ සංවර්ධනය වෙයි. දැන් අප/ඔබ භාවිතා කරන නව Blogger නිකුතුව XML තාක්ෂණය මත තැනූවකි. මීට පෙර Blogger සේවය HTML තාක්ෂණය මත ලබාදුනි.

Blogger හි විශේෂතා

Blogger යනු ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් සාදාගත හැකි / භාවිතා කල හැකි බ්ලොග් සේවා සපයන්නෙක්. ආරක්ෂාව අතින්ද ඉහලයි. ඒ වගේම බ්ලොග් එකෙහි සිදුවන සෑම දෙයක්ම ඊ මේල් ලෙස ලබාදීම කරනවා. අපි අලුත් ලිපියක් ලීවත්, කවුරුන් හරි අලුත් comment එකක් දැම්මත්, සියල්ල අපට ඊ මේල් ලෙස ලබාගත හැකියි.

ඒ වගේම Gadget install කිරීම ස්වයංක්‍රියව සිදුකිරීම, Post scheduling, Multi-User Support, Blog by Email,Blog by SMS/MMS, ආදී සේවා ද විශේෂිතයි.... එසේම බ්ලොගර්හි විවිධ වෙනස්කම් ( Editing ) සිදුකරමින් වඩාත් නම්‍යශීලී ලෙස භාවිතා කල හැකියි.

2. Blogger භාව්තයෙන් සිංහල බ්ලොග් ලිවීම සඳහා තිබිය යුතු පෙර සැකසුම් හා අවශ්‍යතා

මේ සඳහා ඔබේ පරිගනකයේ සිංහල ස්ථාපනය කොට තිබිය යුතුය. නැතහොත් ඔබේ වෙබ් බ්‍රව්සරයේ සිංහල ස්ථාපනය කොට තිබිය යුතුය. උක්ත ක්‍රියා දෙක පැහැදිලිවම දෙකකි :o . එනම් ඔබ පරිගනකයේ සිංහල ස්ථාපනය කොට ඇත්නම් ඔබට පරිගණකයේ ඕනෑම ස්ථානයක සිංහල භාවිතා කල හැකි වේ. ඒ සම්බන්ද විස්තර මෙතනින් ලබාගත හැක. ඔබ Sinhala IE ස්ථාපනය කොට ඇත්නම් ඔබේ වෙබ් බ්‍රව්සරයේ පමණක් සිංහල පෙන්වන අතර කියවීම පමණක් සිදුකල හැකි වේ. එවිට සිංහල යතුරු ලියනය අන්තර්ජාලයේ සිට සිදුකල යුතු වේ. එවැනි වෙබ් අඩවි කිහිපයක්...
UCSC
Helabasa
SBU - List
Malinda

තවද Blogger හි ගිණුමක් ඇරඹීමට ඔබට Gmail ගිණුමක් තිබිය යුතුය :D . තවමත් ඔබට Gmail ගිණුමක් නැතිනම් මෙතනින් ගිණුමක් තනාගන්න.

3. Blogger භාව්තයෙන් බ්ලොග් එකක් ඇරඹීම

home.gifBlogger බ්ලොග් එකක් ඇරඹීම ඉතා සරල ය.
අදියර තුනකින් එය තනා ගැනීමට පහසුකම් ඔවුන් සපයා දී ඇත. පළමුවෙන්ම Blogger වෙබ් අඩවියට පිවිසෙන්න (http://www.blogger.com). ඉන්පසු Create your Blog NOW! යන බොත්තම එබීමෙන් ඔබේම බ්ලොග් එකක් තැනීමේ පළමු අදියරට පිවිසෙන්න.

අදියර 1: Create Account
රූපයේ දැක්වෙන පරිදි ඔබගේ Gmail ගිණුම භාවිතා කර ෆෝරමය පුරවා Continue බොත්තම ඔබා දෙවන අදිවරට පිවිසෙන්න.

create_account.gif

අදියර 2 : Name your Blog
මෙහිදී ඔබ තැනීමට අදහස් කරන බ්ලොග් එකෙහි නම ( Blog Tittle ) සහ එහි වෙබ් ලිපිනය ( Web Address / URL ) ඇතුලත් කිරීමට අවස්ථාව සපයයි. මේ දෙකම මින් පසු අවස්ථාවක වුවද වෙනස් කිරීමට පහසුකම් සපයා දී ඇත :f .

name_blog.gif

අදියර 3 : Choose a Template/Theme
මෙහිදී ඔබගේ බ්ලොග් එකට ඇඳුමක් ( Template එකක් ) තෝරා ගැනීමට අවස්ථාව ලබා දේ. මෙම ස්ථානයේදී Blogger විසින් ලබාදෙන Theme පමණක් ඇතුලත් කිරීම‍ට ඉඩ ලබා දේ. ඔබට වෙනත් Theme ඇතුලත් කිරීමට අවශ්‍යය නම් එය පසුව සිදුකර ගැනීමට අවකාශ ලබාදී ඇත :f .

choose_template.gif

සුභ පැතුම්... දැන් ඔබ, ඔබගේ බ්ලොග් එක තනා අවසන්... :z . දැන්ම ලියන්න පටන් ගන්න :$ .

4. Blogger හි පසු සැකසුම්

මම නැවත Blogger වලට පිවිසී ලිපි ලියන්නේ කෙසේද?

පෙර පරිදිම http://www.blogger.com වලට පිවිසී Log in වෙන්න. ඔබ නිවරදිව ඇතුල් වූයේ නම් ඔබගේ Blogger Dashboard එක පෙනෙන්නට තිබේවි. එහි සිට ඔබගේ බ්ලොග් එකෙහි සියළු පාලන කටයුතු සිදුකල හැකියි.

dashboard.gif

ගැජට් (Wedget / Gadget) එක් කිරීම

ඔබ කැමති වේවි විවිධ වර්ගයේ ගැජට් ඔබගේ බ්ලොග් එකට එක් කර ගන්නට!! ඒ කියන්නෙ "ටික කලකට පෙර ලියන ලද ලිපි වල විස්තර" , "ආසන්නතම අදහස් දැක්වීම් ටික" , "පිංතූර, වීඩියෝ ටිකක්" ... :d වගේ දේවල්
එක් කිරීම Layout > Page Elements වෙත පිවිස Add a Gadget යන්න තේරීමෙන් සිදුකර ගත හැකියි.

gadgets.gif

Theme වෙනස් කිරීම සහ නව Theme එක් කිරීම

තීම් වෙනස් කිරීම Layout > Choose New Template වෙත ගොස් පහසුවෙන් සිදුකර ගත හැකියි. නමුත් එහි ඇත්තේ සීමිත තීම් පුමාණයකි. එනිසා අනිවාර්‍යයෙන්ම ඔබ‍ වෙනත් තීම් සොයාවි. ගූගල් සෙවුමකින් පහසුවෙන් තීම් සොයාගත හැකියි. Blogger තීම් ඇති වෙබ් අඩවි කිහිපයක්...
3columntemplates
blogcrowds
blogflux
FREE THEMES
මෙම තීම් ලැබෙන්නේ XML ගොනුවක් ලෙස හෝ කේත ස‍ටහනක් ලෙසයි. එය Layout > Edit HTML වෙත ගොස් XML ගොනුව Up load කිරීමෙන් හෝ කේත ස‍ටහන Paste කිරීමෙන් සිදුකල හැකියි.

හැබැයි බොහෙම පරිස්සමෙන්!! තීම් වෙනස් කරද්දි / Edit කරද්දි හැමවෙලේම කලින් තිබ්බ තීම් එක Back up කරගන්න. ඒ සඳහා පහසුකමුත් Blogger වලම සපයා දීලා තියෙනවා. හදිස්සියෙ වැරදීමක් උනොත් ඒක බොහොම ප්‍රයෝජනවත් වේවි :) .

෴සිංහල වෙබ් අවකාශය‍ට පිවිසි සැමට තුති෴

Tuesday, October 14, 2008

Adding comments like Wordpress to Blogger

intensedebate-automattic.pngBlogger වල බ්ලොග් ලියන හුඟක් අය ආසාවෙන් ඉන්නෙ Wordpress වල වගේ comments දාන්න පුලුවන් විදියක් ගැන. එම පහසුකම නුදුරු අනාගතයේ ලබාදෙනවාලු. දැනට එම පහසුකම Blogger in Draft වලින් ලබාගත හැකියි. මම දැන් කියන්න යන්නෙ ඒක ගැන නෙවෙයි. එම සේවාවම ආකර්ශනීය ලෙස ලබාගත හැකි වෙනත් වෙබ් අඩවියක් ගැන. IntenseDebate නම් වෙබ් අඩවියෙන් මෙම සේවාව නොමිලේ ලබා දෙනවා. නිකම්ම නොවෙයි, තවත් ආකර්ශණීය සේවාවන් රැසකුත් එක්ක!!insd.jpgඔවුන් Latest comments widget එකක්, Popular blog posts widget එකක්, Top users widget එකක්, My Recent Comments Widget එකක් ද ලබා දෙනවා. මෙම සේවාව Blogger වලට පමණක් නොව WordPress, TypePad... ආදී වෙබ් අඩවි සදහාද සපයනවා!!

ආ... කියන්න අමතක උනානෙ... මේ වෙබ් අඩවියේ ලියාපදිංචිය OpenID වලිනුත් සිදුකළ හැකියි...!!

ඉතිරි සේවාවන් මෙතනින් බලන්න

[ IntenseDebate ] [ Features ]

Sunday, October 12, 2008

Get RSS feeds to your mobile

හුගාක් අයට හැම ලොවෙම අන්තර්ජාලයේම රැදී ඉන්න එක ටිකක් විතර අපහසු කාරණයක්. ඉතින් අපේ සින්ඩිකේරයට එන අළුත් ලිපි, ගූගල් සමූහයේ අලුත් සාකච්ඡා, අපේ RSS කියවනයට ලැබෙන අළුත් ලිපි, අපිට අළුතෙන් ලැබෙන ඊ මේල්,... වගේ දේවල් ජංගම දුරකථනයට ගන්න පුළුවන් නම් කොච්චර හොදද? ඇත්තටම ඒක කරන්න පුළුවන්. සමහර රට වලට නම් ගූගල් මගින් කෙටි පණිවිඩ මාර්ගයෙන් මෙම සේවාව ලබා දෙනවා. ඒත් තාම ලංකාවට නම් ඒ පහසුකම් ලබා දීලා නෑ :( . ඒ නිසා ඒ වැඩේ ටිකක් වෙනස් විදියකට අපිට කරගන්න පුළුවන්.

ඉස්සෙල්ලාම අපිට ඕනා කරන RSS feed සියල්ල තනි feed එකක් කර ගන්න ඕනා. ඒක http://www.rssmixer.com/ යන වෙබ් අඩවියෙන් පහසුවෙන්ම සිදුකර ගත හැකියි. ඉන්පසු එම සාදාගත් තනි feed එක අපේ දුරකථනයට forward කරන්න ඕනා. එය http://rssfwd.com/ වෙබ් අඩවියෙන් පහසුවෙන් සිදුකර ගත හැකියි!!

මොකක්ද අපේ දුරකථනයේ මේල් ලිපිනය? ඒක සකස් කරගන්නෙ මෙහෙම, ඩයලොග් - 94 <දුරකථන අංකය> @mms.dialog.lk Eg- 9477*******@mms.dialog.lk මොබිටෙල් - 94 <දුරකථන අංකය> @mms.mobitel.lk Eg - 9471*******@mms.mobitel.lk ටිගෝ - 94 <දුරකථන අංකය> @mms.tigo.lk Eg - 9472*******@mms.tigo.lk

මොකක්ද Gmail වල RSS feed එක? ඒක මේවගේ,

https://USERNAME:PASSWORD@gmail.google.com/gmail/feed/atom

ඔබත් උත්සාහ කරල බලන්න. මට මේ දවස් වල දුරකථනක් නැති නිසා මේක ටක්කටම වැඩද කියලා තාම බැලුවේ නෑ. පොතේ හැටියට නම් වැඩ කරන්න ඕනා... :) .

Portable World

අදහන්නත් බැරි තරමේ ජංගම මෘදුකාංග ප්‍රමාණයක් තියෙන තැනක් හමු වුණා. හුගාක් ඒවා තියෙන්නෙ ටොරන්ට් විදියටනෙ. ටොරන්ට් භාගත කරන එක හරි කරදරයිනෙ!! ඒක නිසා මෙතන තියෙනවා අතිවිශාල සංඛ්‍යාවක්. ගිහින්ම බලන්නකො...... ඒ වගේම ජංගම මෘදුකාංග හදන ආකාරය අඩංගු විස්තරද තියෙනවා.....

Wednesday, October 01, 2008

Portable Office 2007 / PS CS3

සමහර විට කීවට විශ්වාස නොකරයි. මාත් දකිනකල් විශ්වාස කලේ නෑ. මටත් මේ ගැන කීවෙ අජිත් (UthMax) අයියා. දැන් තියෙනවා Office 2007, Adobe Photoshop CS3, Adobe Illustrator CS3, Corel X4,.... වගේ ගොඩක් මෘදුකාංග ජංගම ලෙස!! :o . Crack කරලමයි තියෙන්නෙ. කිසි අවුලක් නැතිව සියල්ල වැඩ... ඔයාලත් ඒවගෙ වැඩ කරලම බලන්නකො කොහොමද කියලා...

[ Office 2007 - Torrent] [ Office 2007 - Direct Download ] [ PS CS3 ]

අනික්වා ගැන ගූගල් සෙව්මක් දාල බලන්න. හම්බුවෙයි... :) .

AdBlock Plus

AdBlock.jpgබොහෝ වෙබ් අඩවි වල නානාප්‍රකාර දැන්වීම් තියයෙනවා. හැබැයි දරුණුම ඇඩ් ටික හම්බු වෙවන්නෙ Crack හොයන්න ගියාමයි Torrent හොයන්න ගියාමයි. පොදු ස්ථානයකදී එහෙම සෑහෙන්න අපහසු තාවයකට පත් වෙනවා. ඒ වගේ වෙලාවට මේ ඇඩෝනයෙන් ගොඩක් ප්‍රයෝජන ගතහැකියි. මේකෙන් පුළුවන් පින්තූරයක් හරි ෆ්රේම් එකක් හරි Hide කරලම දාන්න. නැවත ඒ පිටුවට එද්දි වත් ඒවා පෙන්නන්නෙ නෑ. ඒ වගේම තමයි ඩයල් අප් පාවිචි කරන අයට traffic එක අඩුකර ගත හැකියි. Download] [HomePage]