Friday, August 13, 2010

How to solve "Expired certificate" error in s60 setup (sis/sisx) files

ලගදි දවසක සිම්බියන් ෆෝන් එකකට තෙවන පාර්ශවීය මෘදුකාංග ටිකක් දාන්න හම්බුනා. අවශ්‍ය ජාතියෙ මෘදුකාංග අන්තර්ජාලයෙන් හොයා ගත්තා. නමුත් ඒවා සෙටප් කරන්න ගියාම එක එක ජාතියෙ ප්‍රශ්න. ඒවයින් තිබ්බ මූලිකම ප්‍රශ්නෙ වුනේ "Expired certificate error" එක. ඔය මෘදුකාංග එක් නිශ්චිත කාල පරාසයකින් පස්සෙ අපේ ‍දුරකථන වල ස්ථාපනය කරන්න දෙන්නෙ නෑ.

Saturday, July 17, 2010

E mail forward කරන්නෙ බලාගෙනයි!!

බොහෝ පිරිස් අතර විවිධාකාරයේ රසවත් ඊ මේල් හුවමාරු වනවා. බොහෝ විට ඒ සමඟම මෙතෙක් එම ඊ මේල් ලිපිය ලැබුනු සියළු දෙනාගේම පාහේ ලිපිනද අඩංගු වනවා. එයට හේතුව වන්නේ ඒ සියළු දෙනාම කිසිදු සෙවිල්ලක් බැලීමකින් තොරව ඒවා forward කිරීමයි. එසේම සමහර e mail වල ඒවා තවත් දස දෙනෙකුට හෝ කිසියම් ගණනකට forward නොකලොත් දරුණු ප්‍රති විපාක ලැබෙන බවද සඳහන් කොට තිබේ. තවත් සමහරක් හදවත කම්පා කරවන කතාන්දර අඩංගු කොට තිබේ. මෙවන් විවිධාකාරයේ e mail මගින් යම් පිරිසක් බලාපොරොත්තු වන්නේ E mail ලිපින විශාල ගණනක් කුමන හෝ ආකාරයකට එකතු කරගෙන ඒවා වෙළද ව්‍යාපාර කටයුතු වලට යොදා ගැනීමයි. (එය විස්වාස නොකරන්නේ නම් පහත තිර සටහන බලන්න.) එසේම අවසන් ප්‍රතිඵලය වන්නේ අපගේ e mail ගිනුමට ඉතා විශාල ප්‍රමාණයෙන් spam ලැබීමයි.

Friday, July 16, 2010

NOKIA චාජරෙන් වෙනත් ෆෝන් චාජ්කරමු

ලගදි දවසක චයිනීස් ෆෝන් එකකට පෝටබල් චාජරයක් (වාහන වලට ගහන එකක්) හදන්න කොන්තරාත්තුවක් හම්බ උනා. මම කිහිප විටක්ම මගෙ නොකියා ෆෝන් වලට චාජර් හදන්න හැදුවා. ඒත් හරිගියෙ නෑ. මට ඕන වෙලා තිබිබෙ බැටරිය බැස්සට පස්සෙ වෝල්ට් 9 බැටරියක් චාජර් සොකට් එකට ගහලා හදිසි කෝල් එහෙම ගන්න පුළුවන් ක්‍රමයක් හදන්න. ඉතින් මම කරේ සෙනර් එකකින් වෝල්ටියතාව ස්ථායි කරලා වොල්ට් 5.3ක් දුන්න එක. සාමාන්‍යයෙන් ෆෝන් එකට දෙන්නෙත් 5~5.7v /500~900mA වගේ ධාරාවක් සහිත සරල ධාරා විදුලියක්. හබැයි මම හදපු සර්කිට් එකෙන් කොච්චර ධාරාවක් එනවද කියල නම් බලන්න විදියක් තිබිබෙ නෑ (මගෙ මල්ටි මීටරේ මල්ටි කීවට මල්ටිමත් නෙමේ. 19xx බර ගනන් වල එකක්). කොහොමහරි මට තේරෙන සෛද්ධාන්තිකව නම් සියල්ල හරියට තිබිබා, නමුත් ෆෝන් එකට ගහපුවාම "Not charging" කියලා වැටෙනවා. (1100 කැඩිච්ච ෆෝන් එකක්) කොහොම හරි ඒ ගැටළුව එහෙමම තියෙන්න ඇරියා. ආයෙත් රෙගියුලේටර IC එකක් පාවිච්චි කරලා වැඩේ කරල බලන්න ඕනා.

කියන්න ආපු කතාව චයිනීස් ෆෝන් එක ගැනනෙ. ඒකෙ ඩේටා කේබල් එහෙම තිබිබා (Etel එකක්). USB කේබල් එක සම්බන්ධ කලාම ෆෝන් එක චාර්ජ් වෙනවා. ඒ කියන්නෙ 5v වලටත් චාජ් වෙනවා කියන එකනෙ. ඊට පස්සෙ මම කල්පනා කලේ නොකියා පෝටබල් චාජර් එකෙන් කෙලින්ම කන්වර්ටර් කේබල් එකක් හදලා මේ ෆෝන් එකට දෙන්න. මොකද නොකියා චාජරයෙත් ආසන්නව 5v තියෙනවනෙ.

Friday, July 09, 2010

Atlas of the Biosphere

Screen shot 2010-06-19 at 10.37.07 AM.pngThe Atlas of the Biosphere is a series of maps about land use, human impacts on the environment, eco systems, and water resources. Click on any of the four map categories to see a series of maps related to each topic. You will find maps depicting data for the whole world as well as maps depicting data by continent. In addition to the maps, you can also download the data sets from which the maps were created.

Here's a sample of some of the maps and data sets you will find on the Atlas of the Biosphere; infant mortality, suitability for agriculture, growing degree days, and snow depth.

Wednesday, June 23, 2010

How to add RSS feed to facebook group or to fan page

n45439413586_7150.jpgfacebook වෙබ් අඩවිය මේ වන විට ලබා ඇති ජනප්‍රියතාව නිසාම විවිද සංගම්, සමාජ, සංසදයන් ආදියද facebook හි group තනාගෙන තම වැඩකටයුතු සිදුකරන අයුරු දැකිය හැකියි. මෙහිදී ඇති ප්‍රධාන වාසිය ලෙස මා දුටුවේ සාමාජිකයන් ක්ෂණිකයකින් එක් කර ගත හැකි වීමත් දුරස්ථව කටයුතු සිදුකර ගත හැකිවීමත් ය. ඒ සඳහා facebook අඩවිය මගින් ලබාදී ඇති ජංගම සේවාද සෘජුවම බලපාන බව මගේ හැගීමයි. කේසේ නමුත් මා හට කීප දිනකට පෙරාතුව, පෙර කී facebook group එකකට, වෙබ් අඩවියක feed ටික ස්වයංක්‍රීයව post වීමට සැලැස්වීමට අවශ්‍යය වුනා. අන්තර්ජාලය තුල බොහෝ වෙලාවක් සෙවූවත් මා හට දක්නට ලැබුනේ මාගේ ප්‍රශ්නයම සහිත වෙබ් අඩවි මිස එයට පිලිතුරක් නොවේ. නමුත් facebook වෙබ් අඩවියේම තිබී අහම්බෙන් මෙන් ඉතා නම්‍යශීලී ලෙස මාගේ අවශ්‍යතාවන් සපුරන facebook application එකක් හමුවිය.

Tuesday, June 22, 2010

Enable GPRS in 3rd party application on S40 Mobile phones

නොකියා series 40 ජංගම දුරකථන වල WAP සැකසුම් නිසිලෙස සැකසුවද අන්තර්ජාලයේ සැරිසැරීම සිදුකල හැක්කේ දුරකථනයේ පෙරනිමි බ්‍රව්සරයෙන් පමණි. තෙවන පාර්ශවීය ජාවා මෘදුකාංග මගින් අන්තර්ජාලයට පිවිසීමට තැත් කරන විට අන්තර්ජාල සබඳතාවේ දෝශයක් ඇති බව පෙන්වයි.

මෙය මා හට මහත් ගැටළුවක් විය. පසුව ඒ සඳහා අහම්බෙන් මෙන් සැකසුම් සාදාගත හැකි විය. මෙහිදී පහත ලෙස සැකසුම් සාදා ගත යුතුය.

Settings > Configuration > Presonal config. sett වෙත ගොස් එහි Options > Add new වෙත ගොස් වෙනනම Access point එකක් සාදා ගත යුතුය.

Sunday, June 20, 2010

240x320 Animated Wallpaper for mobile phones

මීට ටික කාලයකට පෙර මා හට මිතුරෙකුගේ ජංගම දුරකථනයක තිබී ඉකා අලංකාර තීමයක් ලැබුණි. එහි ඉතා අලංකාර Wallpaper එකක් තිබුණ අතර අනෙක් අංග නම් මා සිත ගත්තේ නැත. එනිසා එම Wallpaperය පමණක් තීමයෙන් ඉවත් කොට ගතිමි. එහි අලංකාරබව නිසා පාඨකයන් සමඟ බෙදා ගන්නට සිත්විය.

එය flash ගොනුවක් වන අතර දවසේ වෙලාව අනුව විවිධ වෙනස් කම් සිදුවේ. මාසය අනුව සම්පූර්ණ පසුබිමම වෙනස් වේ. පහත තිර සටහන බලන්න.

Friday, June 18, 2010

Booklet Printing

booklets-printing.jpg

මෙය බොහෝවිට ගුරුවරුන්ට හා විශ්ව විද්‍යාල සිසුනට වැදගත් වේවි. මම ලැබූ මෙම අත්දැකීම අන් අයටත් වැදගත් වේවි යැයි සිතුන නිසා බ්ලොගයේ සටහන් කිරීමට සිතුවෙමි.

මීට දින කීපයකට කලින් මට PDF ලෙස තිබූ eBook කීපයක් මුද්‍රණය කිරීමට අවශ්‍ය විණි. නමුත් එය ඉතා අවම මුදලකින් සිදු කර ගැනීමේ අවශ්‍යතාවක්ද විය. එනිසා ඒ සඳහා සුදුසුම ක්‍රමයක් කල්පනා කරමින් සිටින විට මගේ සිහියට පැමිණියේ පිටු 4ක් තනි A4 කොලයකට ගෙන පොතක් ලෙස මුද්‍රණය කිරීමයි. නමුත් එය මාහට සිතූ තරම් පහසු නොවිණි. එයට හේතුව වූයේ පිටු සැකසීමේ ක්‍රියාවලියයි. සාමාන්‍ය eBook එකක ඇත්තේ පිටු අංක 1,2,3,4,... ආදී ලෙසයි. නමුත් මා සිතූ ආකාරයෙන් මුද්‍රණය කිරීමට නම් A4 කොලය දෙකට නමා ගත් විට (පොතේ පිටු 4ක් ඇතැයි සැලකූ විට) පිටු අංක 1 හා 4 එක් පසෙකද 2 හා 3 අනෙක් පසටද වන්නට මුද්‍රණය කල යුතුය. පහත පින්තූරය එය ඔබට තේරුම් කර දේවි.

Wednesday, June 16, 2010

නුවරදී ලෝක පරිසර දිනය සැමරුවෙමු

wedlogo.gif

"ජෛව විවිධත්වය, පරිසර පද්ධති කලමණාකරණය සහ හරිත ආර්ථිකය" යන්න පදනම් කොට ගෙන මෙම වසරේ (2010) ජූනි 5 වන දින ජාත්‍යන්තර පරිසර දිනය විවිධ රට වල විවිධ ප්‍රදේශ වල සැමරීමට කටයුතු යෙදින. එසේම 2010 වසර "ජාත්‍යයන්තර ජෛව විවිධත්ව වසර" ලෙසද නම්කර ඇත. එනිසාම ලෝකය පුරා ජෛව විවිධත්වය, දේශගුණික විපර්යාස, ජල කලමණාකරණය, පරිසර පද්ධති කලමණාකරණය, හරිත ආර්ථිකය ආදී මාතෘකා උණුසුම් ලෙස කතා බහට ලක්විය. මේ අතර නුවර නගරය අවට පාසල් කේන්ද්‍ර කොටගෙන ඇමරිකානු තානාපති කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම අංශය ඒකාබද්ධව සංවිධානය කල පරිසර දින සැමරුම් කදවුරට සහභාගී වීමට මාහටද අවස්ථාවක් හිමිවිය.

Wednesday, June 09, 2010

How to Enable CD Burning for Limited Users

Windows have the option of creating a limited account and it is the account that we usually see in the offices, school or colleges. The account is called limited as it has only certain features enabled while most of the admin features are disabled.
One of such features is the CD burning option. This option is usually disabled for the limited account users but there are times when we want to burn some CD/DVD disk. For our convenience here is a method to enable the CD/DVD burning feature for the limited account in windows.

Friday, April 23, 2010

Blogger 3 Column Rounder2 theme

කාලයත් සමඟ මාගේ බ්ලොගයෙහි තීමය වෙනස් කිරීමට සිත්විය. මා බොහෝ සේ ඇළුම් කරනුයේ තීරු තුනේ තීමයන්ටය. මීට පෙර ශාවිතා කලේත් ඒ ආකාරයේ Summer Leaves නම් තීමයයි. එය අන්තර්ජාලයේ සෙවීමට තැත් කලද මාගේ සෙවුමට හසු නොවීය. කෙසේ හෝ නව තීමයක් යෙදීමේ අවශ්‍යතාවය තදින් සිතෙහි තිබූ නිසා අන්තර්ජාලයේ සෙවුමක් යෙදීමි. නමුත් එහි වූ එකදු තීමයක්වත් මාගේ සිත ගත්තේ නැත. ඒ අතර ගූගල් බ්ලොගර්හි පෙරනිමියෙන්ම ලබා දෙන Rounder 2 තීමයෙහි තීරු දෙකෙහි තීමය තීරු තුනකට සකස් කරන ආකාරය සහිත ලිපියක් ඇස ගැටින. එයට මාගේ සිත ඇදී ගියෙන් එම තීමය බාගත කොට මාගේ බ්ලොගයට යෙදීමට කටයුතු කෙරින.

rounder2-blogger-theme.png

එම තීමයේ සියළුම අංග හොදින් පැවති මුත් මැද තීරුවේ පලල අඩු වීමත් අනෙක් තීරු වල පලල වැඩිවීමත් නිසා ලිපි සඳහා වන ඉඩ ප්‍රමාණය අවම විය. එනිසා තීමයේ දෙපස තීරු පික්සෙප 210කට අඩු කොට මැද කොටස පික්සෙල 485 සිට 545 දක්වා වැඩි කෙරින. CSS පිලිබද දැනුම අඩු නිසාත් තීමයේ XML ගොනුව දුටු විට හිස බමන්නට වූ නිසාත් පින්තූර වල කොන් සියල්ල නැවත සකස් කරන්නට වූ නිසාත් එම කාර්h මට පහසු නොවුනි. කෙසේ හෝ අවසානයේ තීමය මට අවශ්‍ය පරිදි සකසා ගන්නට හැකි විය. මහන්සි වී තනාගත් නිසා එය අනෙක් අයත් සමඟ බෙදා ගන්නට සිත්විය. පහත සබැඳියෙන් නව තීමයේ XML ගොනුව බාගත කොට ගත හැක.

page_white_put.png DOWNLOAD

Thursday, April 22, 2010

VideoCacheView

videocacheview.png

අප අන්තර්ජාලය තුළින් නරඹන බොහෝ වීඩියෝ පට අපේ පර්ගණක වල කෑෂ් මතකයේ තාවකාලිකව ගබඩා වෙනවා. ඒවා ඕන නම් අපට කෙලින්ම කෑෂ් පරික්ෂා කිරීමෙන්ම ලබා ගන්නත් පුළුවන්. එහෙම තමයි ගොඩක් දෙනෙක් කරන්නෙත්. නමුත් අන්තර්ජාලයේ සැරිසරද්දි මේ මෘදුකාංගය ඇස ගැටුනා. නොමිලයේ ලබා දෙන්නක් නිසා කිසි ගැටළුවක් නෑ. ඒ වගේම බරත් අඩුයි.

සැලකිය යුතුයි : ඉහත තිර සටහන මා විසින් ලබා ගත්තක් නොවේ.

[ VideoCacheView web page ] [ Download ]

Tuesday, April 20, 2010

උසස් පෙළෙන් පසුව මොකද කරන්නෙ?

ඔබ මෙවර උසස් පෙළ සමත්ද?
සාමාන්‍ය පෙළ ඉග්‍රීසි සඳහා සම්මාන සාමාර්ථයක් ඇත්ද?
එසේනම් ඔබට ජාතික සමාජ සංවර්ධන ආයතනය (National Institute of Social Development) මගින් පවත්වන Bachelor of Social Work Degree Programme සමඟ සම්බන්ධ විය හැක. ඉල්ලුම් පත්‍ර භාරගන්නා අවසාන දිනය අප්‍රේල් මාසයෙන් අවසන් වේ.

ඔබ හෝ ඔබගේ සමීපතමයෙක් මේ සඳහා උනන්දුද?
වැඩිදුර තොරතුරු සඳහා පහත සබැඳිය බලන්න.
[ NISD web site ]
[ Application ]

සැලකිය යුතුයි : මෙය මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් පල කරන ලද්දක් නොව, උසස්පෙළ සමත්ව විශ්ව විද්‍යාල ගතවීමට නොහැකි පිරිසගේ සුභසිද්ධිය තකා පළ කරන ලද්දකි.

User Guides + Drivers

diplodocs.jpgමේ ලඟකදි මට ටිකක් දුර්ලභ ඝනයේ Vioce Recorder එකක් ලැබුන. Sony IC Recorder කියලා තමයි ගහලා තිබ්බෙ. බලන් ගියාම ඇත්තටම සෝනි තමයි ඒක. Sound Quality එකත් හොඳටම හොදයි. Stereo Recording එහෙමත් තියෙනවා. ඒකෙ සිස්ටම් එක සම්පූර්ණ වෙනස්. සාමාන්‍ය ඒවා කම්පියුටරේට ගහපු ගමන් ගත්තට මේක එහෙම නෑ. ලිනක්ස් වලට ගන්නෙත් නෑ. ඒ මදිවට ඒක ඔපරේට් කරන හැටි දන්නෙත් නෑ. ඔය වෙලාවට ඉතින් කාටත් පිහිට වෙන්නෙ අන්තර්ජාලයනෙ. මාත් ගියා අන්තර්ජාලෙට එවෙලෙ මට හරි ෂෝක් වෙබ් අඩවි ද්විත්වයක් හමු වුනා. diplodrivers.jpgඒවගෙ බොහොමයක් නිෂ්පාදන වල User guides සහ Drivers තියෙනවා. ඒ වගේම අපි ගාව තියෙන ඒව Share කර ගන්නත් පුළුවන්. එවෙලෙ මට පිහිට වුන මේ සයිට් දෙක ඔයාලා එක්කත් බෙදා ගන්න හිතුවා.

[ Diplodocs ]- Find your user manual, user guide, instruction manual or owner manual instantly !
[ Diplodrivers ]- Find and download your drivers instantly !

Friday, March 12, 2010

WAMP මත WPMU

Fullscreen capture 222010 115626 PM.jpg

WAMP සමඟ WPMU දාන්න මට ඕන උනා. ගොඩක්ම BuddyPress කියන Social Network එක ටිකක් දාලා බලන්න. අන්තර්ජාලයෙ සැරිසරලා බැලුවට ඒ තරම් දෙයක් ලැබුනෙ නෑ. ඊට පස්සෙ අන්තර්ජාලයෙන් හොයාගත්ත දේවල් ටික එකතු කරලා WPMU සමඟ BuddyPress දා ගත්තා.

WPMU දාන එක හිතපු තරම් අමාරු නෑ. වෙනස් කිරීම් දෙකක් කරපුවාම ඇති.
1. Apache හි rewrite මොඩියුලය සක්‍රිය කිරීම
Fullscreen capture 222010 115318 PM.jpg

2. වින්ඩෝස්හි system32\drivers\etc\hosts හි localhost යන්න localhost.localdomain ලෙස වෙනස් කිරීම.
Fullscreen capture 222010 115154 PM.jpg

දැන් කිසි ප්‍රශ්නයක් නැතිව WPMU ගෙදර ඉදන්ම අතිහදා බැලුව හැකියි.හැබැයි BuddyPress වලට නම් වෙනමම සක්ස් කරපු තීම් ටිකක් ඕනා. ඒව ඔවුන්ගේ මවු අඩවියෙන්ම ලබා ගන්න පුළුවන්.

BuddyPress වලට අමරව අපිට නොමිලයේ ලබා ගන්න පුළුවන් Social Network වෙබ් මෘදුකාංග ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් ඒවගේ වෙබ් ලිපිනයන් දාලා යන්න පුළුවන් නම් අගෙයි. :)

Tuesday, March 09, 2010

මගේ බැකප් කිරිල්ල

මම වගේම ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නෙ වින්ඩෝස්. ඒත් සමහර වෙලාවල් වලට හිටපු ගමන්ම වින්ඩෝස් සම්පුර්ණයෙන් අයින් කරල ඒ පාටිෂන් එකමත් ෆෝමැට් කරන්න වෙන අවස්ථා බහුලයි. ඒ වෙලාවට අපේ ගොඩක් ෆයිල් බැකප් කරගන්න වෙනවා. මොකද නිරායාසයෙන්ම My Documents වලටයි Desktop එකටයි අපි අතින් ෆයිල් කොපි වෙන නිසා. ව්න්ඩෝස් වලට යා ගන්නම බැරි වෙලාවට මේ බැකප්කිරිල්ල අලි වදයක් වෙනවා. ඒනිසා දැන් මම නම් කරන්නෙ My Documents, Desktop වගේ ෆෝල්ඩර් වින්ඩෝස් තියෙන් පාටිෂන් එකෙන් අයින් කරලා වෙන පාටිෂන් එකකට දාන එක. එතකොට සදහටම ඒ ෆෝල්ඩර් එහෙමම Organize කරලා තියාගත හැකියි.

ගොඩක් දෙනෙක් මේ වැඩේ දන්නවා නම් ඇති. ඒත් ඉතින් කියන්නම්කො.මේ වැඩේ හරි පසුවෙන් වින්ඩෝස් රෙජිස්ටරේ වෙනස් කරලා කරගත හැකියි. සමහර Tweaking මෘදුකාංග වලිනුත් කරන්න පුළුවන්.

වින්ඩෝස් රෙජිස්ටරේට යන්න දන්නෙ නැත්නම් Win Key + R ඔබල Run එකට ගිහින් regedit කියලා ගහලා Enter කරන්න. කෙලින්ම රෙජිස්ටරේට යයි.(ගියාට ඉතින් එක එක ඒවා වෙනස් කරන්න යන්න එපා)

madhuranga_run.gif

ඊට පස්සෙ මේ Path එකට ගිහින් ඕනා කරන Values වෙනස් කරගත හැකියි. මේ දෙකේම අගයන් වෙනස් කරන්න ඕනා.

  1. HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\User Shell Folders
  2. HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\Shell Folders

madhuranga_reg_backup.gif

ඊට පස්සෙ Restart කරලා බලන්න. වෙනස්කම් සියල්ල වැඩ කරාවි. මම නම් මේ Registry values export කරලා තියන් ඉන්නවා. ෆෝමැට් කලාට පස්සෙ ඒවා කෙලින්ම රෙජිස්ටරේට දාගන්න පුළුවන් එතකොට. ඒ වගේම My photos, My Documents වගේ ඒවා Start menu එකේදි ක්ලික් කලත් යන්නෙ අපි අර වෙනස් කරපු තැනටමයි. Word වලින් එහෙම කෙලින්ම ෆයිල් සේව් කරන්න අහන My Documents ෆෝල්ඩරය විදියට ඇරෙන්නෙත් අපි අර වෙනස් කරපු තැනටමයි.

අවවාදයයි: අනවශ්‍ය ලෙස වින්ඩෝස් රෙජිස්ටරය වෙනස් කිරීමෙන් මෙහෙයුමු පද්ධතියට හානි සිදුවිය හැක. ප්‍රවේසමෙන් පරිහරණය කරන්න!!

Monday, February 01, 2010

Google Picasa | ගූගල් පිකාසා

Fullscreen capture 212010 71315 PM.jpg

මේ ලඟකදී Screenshots ගැනීම සම්බන්දව ඇති වුන සංවාදයක් නිසා මේක ලියන්න හිතුනා. ගූගල් පිකාසා කියන්නෙ බොහොම ප්‍රසිද්ධ නොමිලයේ ලබාගත හැකි ලිනක්ස් මත ද ක්‍රියාත්මක වන බොහොම වටින (මට නම්) මෘදුකාංගයක්. මම නම් ගොඩක්ම කැමති ඉතා පහසුවෙන් අපට අවශ්‍ය දේවල් ක්ෂණිකව සිදු කරගත හැකි නිසා.

මේ ලගකදි මම පිකාසා විවෘත කරලා තියෙද්දිම වෙන උවමනාවකට Print Screen බොත්තම එබුවා. (සාමාන්‍යයෙන් මම Screenshots ගන්නෙ MS Paint වලට කොපි කරලා.) මරු වැඩක් එතකොට උනේ. ස්වංක්‍රීයවම අර Screenshot එක Save උනා. ඇත්තටම ඒක නම් හරිම පහසුවක්.

ඒ වගේම පිකාසා වල මම ආසා කරන අංග ගොඩක් තියෙනවා. ටික ටික කියන්නම්කො...

Fullscreen capture 212010 75349 PM.jpg

පිකාසා වලින් පුළුවන් Gift CD හදන්න. ඒ කියන්නෙ අපේ තියෙන ෆොටෝ ඇල්බම් ටිකක් වෙන කෙනෙකුට දෙද්දි ඒක Auto run වෙන Slide show එකක් විදියට හැදුව හැකියි. ඒ වගේ Slide show හදන මෘදුකාංගයක් මම මීට කලිනුත් ගොඩක් හෙව්වා. වැඩියක්ම තිබ්බෙ HTML සහ Fash ගැලරි මෘදුකාංග. ඒවා ඉතින් ආයෙ Exe කරන්න ඕන. බැරිවෙලාවත් Fash Player එක නොතිබ්බොත් වැඩ කරන්නෙ නෑ.Fash Player එක install කරගෙන ඒ වගේ වෙලාවට හදා ගන්න බැරි පිරිසකුත් ඉන්නවන. ඒ ගැනත් හිතන්න ඕනනෙ ඕවා බෙදා හරිද්දි... පිකාසා වලදි නම් කෙලින්ම එයාම Exe එක හදලා වැඩේ ගානට කරනවා.

අනික් දේ තමයි Picture Collages හදන්න පුළුවන් එක. අවශ්‍ය පින්තූර ටික තෝරලා දුන්නාම හරි ඉක්මනට අපිට අවශ්‍ය පින්තූර එකතුව ගන්න පුළුවන්. පෙර නිමියෙන් ආපු රටා ගොඩකුත් තියෙනවා. ෆොටෝ ෂොප් වලින් එහෙම මේ වැඩේ කරන්න සාපේෂව ගොඩක් වැඩි වෙලාවක් යනවා.

ඒ වගේම තමයි පිකාසා වලින් අදාල ෆොටෝ වල විස්තර හා පසු සකස්කිරීම් දත්ත ඒ ෆොටෝඑක ඇති ෆෝල්ඩරයෙම තියා ගන්න නිසා වෙන පරිගණකයකදි වුනත් ඒ වෙනස්කිරීම් ඒ විදියටම දකින්න පුළුවන්...

තවත් වැඩ නම් ගොඩක් තියෙනවා... පාවිච්චි කරලා නැත්නම් පාවිච්චි කරලම බලන්නකො...
[Picasa - Win] [Picasa -Linux]

Monday, January 25, 2010

Dafizilla ViewSourceWith | ??

madhuranga-blogpost-60-1.jpgමේක බොහොම ප්‍රසිද්ධ ෆයර් ෆොක්ස් ඇඩෝනයක්. වෙබ් අඩවි සංවර්ධන කටයුතු කරන අය නම් මේක දැනටමත් භාවිතා කරනවා ඇති. කෙසේ හෝ මෙම ඇඩෝනය මගින් ඔබ බ්‍රව්සරය මත දිස්වන ඕනෑම වෙබ් අඩවියක CSS කේතයන් JAVA Script මෙන්ම ප්‍රධාන HTML කේතයන්ද අප කැමති Text Editor එකක විවෘත කරගත හැකියි. (මම නම් කැමතිම එක NotePad++) උදාහරණයක් විදියට යට පින්තූරය බලන්න.madhuranga-blogpost-60-2.jpg ඒකෙ ඇරලා තියෙන්නෙ අපේ සින්ඩියෙ ගොනු ටික. WordPress වල තියෙන තනි CSS ගොනුව (Style.css) එහෙම්මම බලන්න පුළුවන්. වෙබ් වැඩිදියුණුකිරීම් කරන ආධුනිකයන්ට මේක ලොකු පහසුවක් වෙයි. ;)

[Dafizilla ViewSourceWith]

My Photo Blog | ඡායාරූප එකතුව

madhurangas_photo_blog.jpg

ඔන්න ගොඩ කාලෙක ඉදලා මගෙ හිතේ තිබිබ දෙයක් මේ ලගකදි ක්‍රියාත්මක කරා. ඒ මගේ ඡායාරූප බ්ලොගය පටන් ගත්තු එක. ඉතින් හැමෝමට ආරාධනා කරනවා බලන්න එන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම ඡායාරූපවල තාක්ෂණික දුර්වලතා වගේ ඒවා මට කියලා දෙන්න කියලත් නිහතමානීව ආරාධනා කරනවා. මොකද මම මේ ක්‍ෂෙත්‍රයට ඉතාමත් ලාබාල පුද්ගලයෙක්.

ගිහිල්ලම බලන්නකො මොනවද තියෙන්නෙ කියලා,
[Madhurangas Photo Blog]

Wednesday, January 20, 2010

How to protect files in Portable Devices

දැන් දැන් ඕනෑම කෙනෙක් ගාව පෙන් ඩ්‍රයිව් වැනි ජංගම උපාංග තියෙනවා. මොකද ඒවා පරිහරණය ඉතා පහසුයි. එනිසාම බොහෝපිරිසක් තමන් එදිනෙදා භාවිතා කරන බොහෝ ලිපි, මෘදුකාංග, වගේම රහස්‍ය පද ආදියද රැගෙන යනවා. යම් විදියකින් පෙන් ඩ්‍රයිව් එක තෙවන පාර්ශවයක් වෙත ලැබුනොත් ඇතිවන ගැටළුකාරී තත්වය අමුතුවෙන් පහදා දෙන්න ඕන නෑනෙ. ඒ වගේ සිද්ධි අන්නතවත් සිදුවෙලත් තියෙනවා.

මේවගේ දේවල් වලින් මිදෙන්න විවිධ පුද්ගලන් විවිධ ක්‍රම භාවිතා කරනවා. සමහරු හකුලලා රහස්‍ය පද දානවා. තව සමහරු විවිධ මෘදුකාංග භාවිතා කරනවා. ඔය අතරින් මගෙ හිත ගත්තෙ නම් FreeOTFE කියන මෘදුකාංගය. නමේ තියෙනවා වගේම මෙය නොමිලේ බෙදාහරින මෘදුකාංගයක්. මෙය මගින් අපගේ ගොනු තනි වෙළුමක් ලෙස ගෙන එයට රහස්‍ය පදයක් එක් කළ හැකියි. ඉන් පසු අවශ්‍ය ඕනෑම වේලාවක දෘඩ තැටියක්, ජංගම වෙළුමක් හෝ සංයුක්ත තැටියක් ලෙස අපගේ පරිගණකයට සම්බන්ධ කොට / මවුන්ට් කොට භාවිතා කල හැකියි.

හොදම දේ නම් මෙය ජංගම මෘදුකාංගයක් ලෙස ක්‍රියා කිරීමත් අදාල සුරක්ෂිත වෙළුම ලිනක්ස් වලදීත් පීඩීඒ වලදීත් භාවිතා කළ හැකි වීමයි.

ඔබත් අත්හදා බලන්න,
[Download]
[Home page]

Friday, January 15, 2010

කලකට පස්සේ෴

විවිධ හේතු නිසා බොහෝ කාලයකට ලිපියක් ලියන්න වුනේ නෑ. නමුත් දැන් නම් කොහොම හරි වෙලාව ලැබෙන විදියට ලිපි ලියන්නයි බලාපොරොත්තුව. ආරාධනා කරනවා හැමෝටම මේ පැත්තටත් ගොඩ වැදිලා යන්න෴