
මේ ලඟකදී Screenshots ගැනීම සම්බන්දව ඇති වුන සංවාදයක් නිසා මේක ලියන්න හිතුනා. ගූගල් පිකාසා කියන්නෙ බොහොම ප්‍රසිද්ධ නොමිලයේ ලබාගත හැකි ලිනක්ස් මත ද ක්‍රියාත්මක වන බොහොම වටින (මට නම්) මෘදුකාංගයක්. මම නම් ගොඩක්ම කැමති ඉතා පහසුවෙන් අපට අවශ්‍ය දේවල් ක්ෂණිකව සිදු කරගත හැකි නිසා.
මේ ලගකදි මම පිකාසා විවෘත කරලා තියෙද්දිම වෙන උවමනාවකට Print Screen බොත්තම එබුවා. (සාමාන්‍යයෙන් මම Screenshots ගන්නෙ MS Paint වලට කොපි කරලා.) මරු වැඩක් එතකොට උනේ. ස්වංක්‍රීයවම අර Screenshot එක Save උනා. ඇත්තටම ඒක නම් හරිම පහසුවක්.
ඒ වගේම පිකාසා වල මම ආසා කරන අංග ගොඩක් තියෙනවා. ටික ටික කියන්නම්කො...

පිකාසා වලින් පුළුවන් Gift CD හදන්න. ඒ කියන්නෙ අපේ තියෙන ෆොටෝ ඇල්බම් ටිකක් වෙන කෙනෙකුට දෙද්දි ඒක Auto run වෙන Slide show එකක් විදියට හැදුව හැකියි. ඒ වගේ Slide show හදන මෘදුකාංගයක් මම මීට කලිනුත් ගොඩක් හෙව්වා. වැඩියක්ම තිබ්බෙ HTML සහ Fash ගැලරි මෘදුකාංග. ඒවා ඉතින් ආයෙ Exe කරන්න ඕන. බැරිවෙලාවත් Fash Player එක නොතිබ්බොත් වැඩ කරන්නෙ නෑ.Fash Player එක install කරගෙන ඒ වගේ වෙලාවට හදා ගන්න බැරි පිරිසකුත් ඉන්නවන. ඒ ගැනත් හිතන්න ඕනනෙ ඕවා බෙදා හරිද්දි... පිකාසා වලදි නම් කෙලින්ම එයාම Exe එක හදලා වැඩේ ගානට කරනවා.
අනික් දේ තමයි Picture Collages හදන්න පුළුවන් එක. අවශ්‍ය පින්තූර ටික තෝරලා දුන්නාම හරි ඉක්මනට අපිට අවශ්‍ය පින්තූර එකතුව ගන්න පුළුවන්. පෙර නිමියෙන් ආපු රටා ගොඩකුත් තියෙනවා. ෆොටෝ ෂොප් වලින් එහෙම මේ වැඩේ කරන්න සාපේෂව ගොඩක් වැඩි වෙලාවක් යනවා.
ඒ වගේම තමයි පිකාසා වලින් අදාල ෆොටෝ වල විස්තර හා පසු සකස්කිරීම් දත්ත ඒ ෆොටෝඑක ඇති ෆෝල්ඩරයෙම තියා ගන්න නිසා වෙන පරිගණකයකදි වුනත් ඒ වෙනස්කිරීම් ඒ විදියටම දකින්න පුළුවන්...
තවත් වැඩ නම් ගොඩක් තියෙනවා... පාවිච්චි කරලා නැත්නම් පාවිච්චි කරලම බලන්නකො...
[Picasa - Win] [Picasa -Linux]
4 comments:
පිකාසා ගැන බලල. ආයෙක් කොමෙන්ටි කරන්නම්.
බොහොම ස්තූතියි Screenshots ගැන කිව්වට.....
gif ඇනිමේශන් ඉමේජ බලන්න බැහැ නේද?
ඇයි මේ හැංගි හැංගි...??
gif ඇනිමේශන් ඉමේජ නම් පෙන්නන් නෑ. නමුත් අනික් gif ඉමේජත් පෙරනිමියෙන්ම පෙන්නන් නෑ. Tools>Option>File Types වලට ගිහින් සක්‍රිය කරගන්න ඕන.
@බුද්ධි කොහොමද හොදයිද?? ;)
Post a Comment