මම වගේම ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නෙ වින්ඩෝස්. ඒත් සමහර වෙලාවල් වලට හිටපු ගමන්ම වින්ඩෝස් සම්පුර්ණයෙන් අයින් කරල ඒ පාටිෂන් එකමත් ෆෝමැට් කරන්න වෙන අවස්ථා බහුලයි. ඒ වෙලාවට අපේ ගොඩක් ෆයිල් බැකප් කරගන්න වෙනවා. මොකද නිරායාසයෙන්ම My Documents වලටයි Desktop එකටයි අපි අතින් ෆයිල් කොපි වෙන නිසා. ව්න්ඩෝස් වලට යා ගන්නම බැරි වෙලාවට මේ බැකප්කිරිල්ල අලි වදයක් වෙනවා. ඒනිසා දැන් මම නම් කරන්නෙ My Documents, Desktop වගේ ෆෝල්ඩර් වින්ඩෝස් තියෙන් පාටිෂන් එකෙන් අයින් කරලා වෙන පාටිෂන් එකකට දාන එක. එතකොට සදහටම ඒ ෆෝල්ඩර් එහෙමම Organize කරලා තියාගත හැකියි.
ගොඩක් දෙනෙක් මේ වැඩේ දන්නවා නම් ඇති. ඒත් ඉතින් කියන්නම්කො.මේ වැඩේ හරි පසුවෙන් වින්ඩෝස් රෙජිස්ටරේ වෙනස් කරලා කරගත හැකියි. සමහර Tweaking මෘදුකාංග වලිනුත් කරන්න පුළුවන්.
වින්ඩෝස් රෙජිස්ටරේට යන්න දන්නෙ නැත්නම් Win Key + R ඔබල Run එකට ගිහින් regedit කියලා ගහලා Enter කරන්න. කෙලින්ම රෙජිස්ටරේට යයි.(ගියාට ඉතින් එක එක ඒවා වෙනස් කරන්න යන්න එපා)

ඊට පස්සෙ මේ Path එකට ගිහින් ඕනා කරන Values වෙනස් කරගත හැකියි. මේ දෙකේම අගයන් වෙනස් කරන්න ඕනා.
- HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\User Shell Folders
- HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\Shell Folders
ඊට පස්සෙ Restart කරලා බලන්න. වෙනස්කම් සියල්ල වැඩ කරාවි. මම නම් මේ Registry values export කරලා තියන් ඉන්නවා. ෆෝමැට් කලාට පස්සෙ ඒවා කෙලින්ම රෙජිස්ටරේට දාගන්න පුළුවන් එතකොට. ඒ වගේම My photos, My Documents වගේ ඒවා Start menu එකේදි ක්ලික් කලත් යන්නෙ අපි අර වෙනස් කරපු තැනටමයි. Word වලින් එහෙම කෙලින්ම ෆයිල් සේව් කරන්න අහන My Documents ෆෝල්ඩරය විදියට ඇරෙන්නෙත් අපි අර වෙනස් කරපු තැනටමයි.
අවවාදයයි: අනවශ්‍ය ලෙස වින්ඩෝස් රෙජිස්ටරය වෙනස් කිරීමෙන් මෙහෙයුමු පද්ධතියට හානි සිදුවිය හැක. ප්‍රවේසමෙන් පරිහරණය කරන්න!!
4 comments:
මමත් ඔය වැඩේ කරල තියෙන්නෙ. මගෙ my documents ෆෝල්ඩර් එක තියෙන්නෙ වෙනම ඩ්‍රයිව් එකක. (ඒක නම් වෙනස් කරන්න පුලුවන්නෙ, my documents right click කරල destination path එක වෙනස් කරල)
@Madhawa
ඔය right click සිද්ධිය මම දැන්නෙ දන්නෙ.
මම බාවිතා කරන්නෙ Ubuntu 8.10 උබලගෙ පොඩි පාටිසන් 1 කට Uබුන්ටු ලිනක්ස් දාගෙන බලපන්
මම දන්නෙ පාටීසන් ක්රන්නය් ඉන්ස්ටොල් ක්රන්නය් විත්රයි
වය්රස් ඇටක් නෑ
මාත් මින්ට් පාවිච්චි කරනවා. ඒත් පොටෝෂොප්, ඔෆිස් 2007 වලට පුරුදු වෙලා දාල යන්න බැරුව ඉන්නෙ. හදිස්සියක් උන ගමන් ආපහු වින්ඩෝස් වලට ඇවිත් තමයි නවතින්නෙ:p
Post a Comment