Friday, March 12, 2010

WAMP මත WPMU

Fullscreen capture 222010 115626 PM.jpg

WAMP සමඟ WPMU දාන්න මට ඕන උනා. ගොඩක්ම BuddyPress කියන Social Network එක ටිකක් දාලා බලන්න. අන්තර්ජාලයෙ සැරිසරලා බැලුවට ඒ තරම් දෙයක් ලැබුනෙ නෑ. ඊට පස්සෙ අන්තර්ජාලයෙන් හොයාගත්ත දේවල් ටික එකතු කරලා WPMU සමඟ BuddyPress දා ගත්තා.

WPMU දාන එක හිතපු තරම් අමාරු නෑ. වෙනස් කිරීම් දෙකක් කරපුවාම ඇති.
1. Apache හි rewrite මොඩියුලය සක්‍රිය කිරීම
Fullscreen capture 222010 115318 PM.jpg

2. වින්ඩෝස්හි system32\drivers\etc\hosts හි localhost යන්න localhost.localdomain ලෙස වෙනස් කිරීම.
Fullscreen capture 222010 115154 PM.jpg

දැන් කිසි ප්‍රශ්නයක් නැතිව WPMU ගෙදර ඉදන්ම අතිහදා බැලුව හැකියි.හැබැයි BuddyPress වලට නම් වෙනමම සක්ස් කරපු තීම් ටිකක් ඕනා. ඒව ඔවුන්ගේ මවු අඩවියෙන්ම ලබා ගන්න පුළුවන්.

BuddyPress වලට අමරව අපිට නොමිලයේ ලබා ගන්න පුළුවන් Social Network වෙබ් මෘදුකාංග ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් ඒවගේ වෙබ් ලිපිනයන් දාලා යන්න පුළුවන් නම් අගෙයි. :)

3 comments:

budhajeewa said...

BuddyPress වලට තීම් හෙව්වාම මට හම්බවුනේ අතේ ඇඟිලි ගාණටත් අඩු තීම් ප්‍රමාණයක්. BuddyPress අඩවියේ තිබෙන ඒවා ටික විතරයි.

මම නම් හිතන්නේ WordPress කණ්ඩායමෙන් BuddyPress වෙත මීට වඩා ලොකු අවධානයක් දෙන්න ඕන.

හරියට සංවර්ධනය කරනවා නම්, එක් ආයතනයක් සඳහා සීමා වූ සමාජ ජාල සඳහා හොඳ මෘදුකාංගයක් තමා BuddyPress.

budhajeewa said...

තවත් එකක්, Google වැනි ආයතනයක වැඩ කරන කෙනෙක් ඔය වගේ අදහසක් සමග ඉදිරියට ආව නම්, ඔහුට ආයතනයෙන් හොඳ සහයෝගයක් දෙනවා. ඒත් WordPress තුළ එහෙම නොවෙන බවයි පේන්නේ.

Madhuranga Rathnayake said...

@budhajeewa
ඒ කථාව නම් ඇත්ත. ගූගල්ලට තාම හිතිලා නැද්ද දන්නෙ නෑ CMS ටිකක් එහෙම හදන්න or මේක සල්ලි දීලා ගන්න හරි ;)