කාලයත් සමඟ මාගේ බ්ලොගයෙහි තීමය වෙනස් කිරීමට සිත්විය. මා බොහෝ සේ ඇළුම් කරනුයේ තීරු තුනේ තීමයන්ටය. මීට පෙර ශාවිතා කලේත් ඒ ආකාරයේ Summer Leaves නම් තීමයයි. එය අන්තර්ජාලයේ සෙවීමට තැත් කලද මාගේ සෙවුමට හසු නොවීය. කෙසේ හෝ නව තීමයක් යෙදීමේ අවශ්‍යතාවය තදින් සිතෙහි තිබූ නිසා අන්තර්ජාලයේ සෙවුමක් යෙදීමි. නමුත් එහි වූ එකදු තීමයක්වත් මාගේ සිත ගත්තේ නැත. ඒ අතර ගූගල් බ්ලොගර්හි පෙරනිමියෙන්ම ලබා දෙන Rounder 2 තීමයෙහි තීරු දෙකෙහි තීමය තීරු තුනකට සකස් කරන ආකාරය සහිත ලිපියක් ඇස ගැටින. එයට මාගේ සිත ඇදී ගියෙන් එම තීමය බාගත කොට මාගේ බ්ලොගයට යෙදීමට කටයුතු කෙරින.

එම තීමයේ සියළුම අංග හොදින් පැවති මුත් මැද තීරුවේ පලල අඩු වීමත් අනෙක් තීරු වල පලල වැඩිවීමත් නිසා ලිපි සඳහා වන ඉඩ ප්‍රමාණය අවම විය. එනිසා තීමයේ දෙපස තීරු පික්සෙප 210කට අඩු කොට මැද කොටස පික්සෙල 485 සිට 545 දක්වා වැඩි කෙරින. CSS පිලිබද දැනුම අඩු නිසාත් තීමයේ XML ගොනුව දුටු විට හිස බමන්නට වූ නිසාත් පින්තූර වල කොන් සියල්ල නැවත සකස් කරන්නට වූ නිසාත් එම කාර්h මට පහසු නොවුනි. කෙසේ හෝ අවසානයේ තීමය මට අවශ්‍ය පරිදි සකසා ගන්නට හැකි විය. මහන්සි වී තනාගත් නිසා එය අනෙක් අයත් සමඟ බෙදා ගන්නට සිත්විය. පහත සබැඳියෙන් නව තීමයේ XML ගොනුව බාගත කොට ගත හැක.
5 comments:
mඅමත් හැම වෙලේම කැමති තීරු 3නේ තීම් වලට තමා, හැබැයි මෙහෙම දෙපැත්තෙන් තීරු තියෙන ෆෝරම් ස්ටයිල් එකට නම් කැමති නෑ.
මමනම් කැමතියි මේ ස්ටයිල් එකට මගේ එකත් මේ විදියට තමා තිෙයන්නේ
මේ ජාතියේ තීම් තියන තැනක් ගැන මෙතනින් බලාගන්න පුලුවනි
http://chathurangarupasingha.blogspot.com/2010/03/free-blogger-templates.html
ඔව් මාත් කොලම් 3 තමා කැමති මගේ ලග තියෙන පරන තිම් එලටම එඩිටින් කරලා එක එක කාලට ලස්නට හදනවා
http://www.sinhalasindiya.co.cc/
@ Anusha Nadun Ranaweera
ලස්සනට හැදුවට අපිනං දැක්කෙ නෑ
එයාගෙ සයිට් එක ප්‍රමෝට් කරගන්න හොඳ උත්සාහයක්
@Madhawa Habarakada
මට ඔයාගෙ සයිට් ටික දකිද්දිම ඒක තේරුනා ;)
@චතුරංග රූපසිංහ
ලින්ක් එකට ස්තුතියි,
මම ඒ ලින්ක් එක බැලුවා. එච්චර හිතට අල්ලලා ගියපුවා හම්බ වුනේ නෑ. මට තිතට පිරිසිදුව වැඩේ වෙන්න ඕනානෙ. එක අතකට ඒකත් කරදරයක් :P
@Anusha Nadun Ranaweera
හපොයි. ආයෙ නම් තීම් වෙනස් කරන්න යන්නෙ නෑ. මම ඕවා වැඩිය දන්නෙ නෑනෙ. ඒක හින්දා ඒකට ගොඩක් කාලය මිඩංගු කරන එක පාඩුයි :P
Post a Comment