මීට ටික කාලයකට පෙර මා හට මිතුරෙකුගේ ජංගම දුරකථනයක තිබී ඉකා අලංකාර තීමයක් ලැබුණි. එහි ඉතා අලංකාර Wallpaper එකක් තිබුණ අතර අනෙක් අංග නම් මා සිත ගත්තේ නැත. එනිසා එම Wallpaperය පමණක් තීමයෙන් ඉවත් කොට ගතිමි. එහි අලංකාරබව නිසා පාඨකයන් සමඟ බෙදා ගන්නට සිත්විය.
එය flash ගොනුවක් වන අතර දවසේ වෙලාව අනුව විවිධ වෙනස් කම් සිදුවේ. මාසය අනුව සම්පූර්ණ පසුබිමම වෙනස් වේ. පහත තිර සටහන බලන්න.

කවුරුන් නමුත් මෙහි නිර්මාපකයාට මාගේ ස්තුතිය!.
-------------------------------------------------------------------
.nth ගොනුව WinRAR වැනි මෘදුකාංගයක් මගින් දිගහැරගත හැකි බව අහම්බෙන් මෙන් මට අත්දකින්නට හැකි විය. එහිදී අදාල ගොනුව හරියටම WinRAR හි address bar එක මතට ඇදගෙන විත් අතෑරිය යුතුය. පහත තිර සටහන බලන්න.

මෙහි ඇති ගොනු වෙනස් කර නැවත Zip කර nth ලෙස rename කරගත් පසු තීමය නියමාකාරයෙන් දුරකථනයේ ක්‍රියා කරන්නේ නම් අපටම Nokia තීම් සාදාගත හැකිවනු ඇත. :D
0 comments:
Post a Comment