
මෙය බොහෝවිට ගුරුවරුන්ට හා විශ්ව විද්‍යාල සිසුනට වැදගත් වේවි. මම ලැබූ මෙම අත්දැකීම අන් අයටත් වැදගත් වේවි යැයි සිතුන නිසා බ්ලොගයේ සටහන් කිරීමට සිතුවෙමි.
මීට දින කීපයකට කලින් මට PDF ලෙස තිබූ eBook කීපයක් මුද්‍රණය කිරීමට අවශ්‍ය විණි. නමුත් එය ඉතා අවම මුදලකින් සිදු කර ගැනීමේ අවශ්‍යතාවක්ද විය. එනිසා ඒ සඳහා සුදුසුම ක්‍රමයක් කල්පනා කරමින් සිටින විට මගේ සිහියට පැමිණියේ පිටු 4ක් තනි A4 කොලයකට ගෙන පොතක් ලෙස මුද්‍රණය කිරීමයි. නමුත් එය මාහට සිතූ තරම් පහසු නොවිණි. එයට හේතුව වූයේ පිටු සැකසීමේ ක්‍රියාවලියයි. සාමාන්‍ය eBook එකක ඇත්තේ පිටු අංක 1,2,3,4,... ආදී ලෙසයි. නමුත් මා සිතූ ආකාරයෙන් මුද්‍රණය කිරීමට නම් A4 කොලය දෙකට නමා ගත් විට (පොතේ පිටු 4ක් ඇතැයි සැලකූ විට) පිටු අංක 1 හා 4 එක් පසෙකද 2 හා 3 අනෙක් පසටද වන්නට මුද්‍රණය කල යුතුය. පහත පින්තූරය එය ඔබට තේරුම් කර දේවි.

මා මුද්‍රණය සිදු කරන ස්ථානයට නිසි ලෙස පිටු සකසා ගෙන යා යුතුය. නැතහොත් ඔවුන් සියල්ල අවුල් ජාලයක් කරන බව මා අත්දැකීමෙන්ම දනී. එනිසා මා අනවශ්‍ය සියළු මකා ඉවත් කර පෙර කී ලෙස පිටු සකසා එය නැවත PDF ගොනුවකට ගැනීමේ ක්‍රමයක් සෙවීමි. අවාසනාවකට අන්තර්ජාලය පිරික්සීමේදී පහසුම ක්‍රමය මට මඟහැරී තිබිණි.
මා සිදුකලේ Adobe Acrobat මගින් අනවශ්‍ය සියළුම පිටු මකා ඉවත් කර www.bookletcreator.com ට මාගේ PDF ගොනුව ලබාදී එමගින් පෙර කී ලෙස පිටු සකසා ගැනීමයි. එවිට පහත පරිදි පිටු සැකසුම ලැබේ.

පිටු සියල්ල සිරස් අතටම තබා ඇත්තේ මා මුද්‍රණය සිදුකරන තැන ඇති ෆොටෝකොපි සහ ප්‍රින්ටරයක් ලෙස දෙආකාරයෙන්ම ක්‍රියා කරන යන්ත්‍රයට ලබා දිය හැක්කේ සිරස් අතට ඇති පිටු පමණක් නිසාය. මා කෙසේ හෝ පිටු 250ක පමණ පොතක් රුපියල් 500කට පමණ මුද්‍රණය කර ගතිමි.
නමුත් මෙය සිදුකර ගැනීමට ඉතා පහසු ක්‍රමයක් පවතී. එනම් සෘජුවම මෙය Adobe Reader මගින් සිදුකර ගත හැක. පහත රූපය දැකීමෙන් ඔබට එය වටහාගත හැකි වේවි.

එනම් Adobe Reader හි සෘජුවම Booklet Printing සහාය ලබා දී ඇත. එසේම සමහර ප්රින්ටරද ඒ සඳහා සහාය දක්වයි. කෙසේ නමුත් මා දැන් සිදු කරන්නේ මෙසේ Adobe Reader මගින් නැවතත් Booklet Printing සදහා පිටු සැකසූ ගොනුව PDF ලෙසම මුද්‍රණය කර (DoPDF හෝ Acrobat) මුද්‍රණ යන්ත්‍රයෙන් මුද්‍රණය කිරීමට ගෙනයාමයි. එවිට මුද්‍රණය සිදු කරන තැනදී සාමාන්‍ය A4ලෙස මුද්‍රණය සිදු කරගත හැකියි. විදුලිය ඇනහිටීමකදී සිදුවන බාධා හා පැටලිලි අවම කර ගත හැක. නැතහොත් පිටු දෙසිය ගණනක අංක පැටලී මහා විකාරක් වනු ඇත.
මුද්‍රණය අවසන් වූ පසු පොත් බදින ස්ථානයකට හෝ මුද්‍රණාලයකට ගෙනගොස් A4 හරි මැදින් කපා ඔවුන් සතුව ඇති අති විශාල ස්ටෙප්ලර් මැෂිමෙන් කටු කීපයක්ද ගසාගෙන (ආ.. ඊට කලින් හොද ෆයිල් එකක් පිටකොලේට තියලම ඉස්ටෙප්ලර් කරන්න) අපේ පොතේ වැඩ අවසන් කරගත හැකියි.
මේ තියෙන්නෙ මම එහෙම ගත්ත එකක්.
කෙසේ නමුත් හොඳ අත්දැකීමක්!
4 comments:
ස්තුතියි මිත්‍රයා අපිටත් විස්තරේ කිව්වාට :)
You ar mostly welcome :D
ඔයාගෙ බ්ලොග් මරු. මාත් ගොඩක් කියවලා Feed Reader එකට එකතු කරගත්තා.
සෑහෙන්න වටින ඔත්තුවක්... Thanks Lots
@යූත්මැක්ස්
හ්ම් හ්ම්... විශේෂයෙන් ඔයාට :)
Post a Comment