නොකියා series 40 ජංගම දුරකථන වල WAP සැකසුම් නිසිලෙස සැකසුවද අන්තර්ජාලයේ සැරිසැරීම සිදුකල හැක්කේ දුරකථනයේ පෙරනිමි බ්රව්සරයෙන් පමණි. තෙවන පාර්ශවීය ජාවා මෘදුකාංග මගින් අන්තර්ජාලයට පිවිසීමට තැත් කරන විට අන්තර්ජාල සබඳතාවේ දෝශයක් ඇති බව පෙන්වයි.
මෙය මා හට මහත් ගැටළුවක් විය. පසුව ඒ සඳහා අහම්බෙන් මෙන් සැකසුම් සාදාගත හැකි විය. මෙහිදී පහත ලෙස සැකසුම් සාදා ගත යුතුය.
Settings > Configuration > Presonal config. sett වෙත ගොස් එහි Options > Add new වෙත ගොස් වෙනනම Access point එකක් සාදා ගත යුතුය.
Configuration මෙනුව
ඉන්පසු Settings > Configuration > Preferred access pt. වෙත ගොස් පෙර සාදා ගත් Access point එක තේරිය යුතුය. ඉන්පසු සුපුරුදු පරිදි ගැටළුවකින් තොරව ඕනෑම මෘදුකාංගයක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ විය හැක.
Preferred access pt. වෙත පිවිසි පසු දර්ශනය
------------------------------------------------
*222# ඇමතීමෙන් මොබිටෙල් ජාලයෙන් ක්ෂණිකව වැප් සැකසුම් ලබාගත හැක.
1 comments:
ela
Post a Comment