facebook වෙබ් අඩවිය මේ වන විට ලබා ඇති ජනප්‍රියතාව නිසාම විවිද සංගම්, සමාජ, සංසදයන් ආදියද facebook හි group තනාගෙන තම වැඩකටයුතු සිදුකරන අයුරු දැකිය හැකියි. මෙහිදී ඇති ප්‍රධාන වාසිය ලෙස මා දුටුවේ සාමාජිකයන් ක්ෂණිකයකින් එක් කර ගත හැකි වීමත් දුරස්ථව කටයුතු සිදුකර ගත හැකිවීමත් ය. ඒ සඳහා facebook අඩවිය මගින් ලබාදී ඇති ජංගම සේවාද සෘජුවම බලපාන බව මගේ හැගීමයි. කේසේ නමුත් මා හට කීප දිනකට පෙරාතුව, පෙර කී facebook group එකකට, වෙබ් අඩවියක feed ටික ස්වයංක්‍රීයව post වීමට සැලැස්වීමට අවශ්‍යය වුනා. අන්තර්ජාලය තුල බොහෝ වෙලාවක් සෙවූවත් මා හට දක්නට ලැබුනේ මාගේ ප්‍රශ්නයම සහිත වෙබ් අඩවි මිස එයට පිලිතුරක් නොවේ. නමුත් facebook වෙබ් අඩවියේම තිබී අහම්බෙන් මෙන් ඉතා නම්‍යශීලී ලෙස මාගේ අවශ්‍යතාවන් සපුරන facebook application එකක් හමුවිය.
එය නමින් RSS graffiti විය. එමගින් අපගේ facebook wall එකට මෙන්ම facebook group වලද pages වලද අපගේ feed පෙන්විය හැකි වන පරිදි සැකසීම් සිදුකල හැක. පහත තිර සැකසුම් බලන්න.

5 comments:
අනේ මන්දා... මම මේ ලිපි ලියන්න භාෂාව හසුරවන විදිය එච්චර ප්‍රිය මනාප නෑ වගේ නේද?
එල යාලු එල.... හොය හොය හිටියේ..
ඔයත් එක්වන්න...
http://groups.google.com/group/picslk
@ගීත් | Geeth
ස්තුතියි!
මාත් ඒ group එකට එකතු උනා ඔන්න.
මචන් ,
මේකේ ආරක්ෂාව කොහොමද...??
ආරක්ෂාව කීවෙ මොන වගේ දේවල්ද?
මට නම් තාම කිසි අවුලක් දැනිලා නෑ ඒ ගැන.
Post a Comment