
මෙය ඉතා පහසුවෙන් වලකා ගත හැක. සිදුකල යුත්තේ Blind carbon copy පහසුකම භාවිතා කිරීම පමණි. පහත තිර සටහන බලන්න.

එය e mail එකක් forward කරන්නට ගිය මොහොතක ලබා ගත් එකක්. එහි To, Cc සහ Bcc ලෙස තීරු 3ක් අඩංගුවේ.
- To යන්නෙන් ලිපිය ලබන්නාගේ ලිපිනය ද
- Cc යන්නෙන් එම ලිපියේම පිටපතක් / Carbon copy යැවිය යුත්තාගේ ලිපිනය ද (දෘශ්‍යමානව)
- Bcc යන්නෙන් එම ලිපියේම පිටපතක් / Blind carbon copy (අදෘශ්‍යමානව) යැවිය යුත්තාගේ ලිපිනය ද අඩංගු කල හැකි වේ.
මෙමගින් ඔබට යම්තාක් දුරට spam වලින් ගැලවී සිටීමටද අන්තර්ජාලය තුල අතවර වලට ලක්නොවී සිටීමටද හැකියාව ලැබේ.
[read what wikipedia says]
------------------------------------------
අන්තර්ජාලයේ සැරිසරන විට නිතරම සිහියෙන් කටයුතු කිරීමෙන් ඔබ ලක්වන අපහසුතා බොහෝසෙයින් වලකා ගත හැක. විශේෂයෙන්ම සමාජ ජාල වෙබ් අඩවි තුලදී ඉතා හොද සිහියෙන් කටයුතු කල යුතුය. ඔබ එවැනි සමාජ ජාල වෙබ් අඩවි වලට නවකයෙක් නම් තතු දන්නා පුත්ගලයෙක්ගෙන් අවශ්‍ය ආරක්ෂණ උපක්‍රම ඉගෙන ගන්න. එසේ නැතිව විහින් අමාරුවේ වැටී එම වෙබ් අඩවි වලට දොස් තබමින් සිටියාට වන සෙතක් නැත. එවිට වීමට ඇති දේ වී හමාරය. ඊට කලින් ඔබ ආරක්ෂා වී සිටීම නුවනට හුරුය. (වාහන එලවන්න දන්නෙ නැතිව වාහන එලවන්න ගිහින් හැප්පිලා ඇට කටු කුඩු කරගෙන වාහනේට බනින්න එපා ඕං)
4 comments:
Bcc හි ලිපින පහක් අඩංගු කලේ නම් ලිපිය ලැබෙන පස්දෙනාටම පෙනෙන්නේ එය තමන්ට පමණක් ලැබුණ එකක් විදියටය.
නැත.
ඒ පස්දෙනාටම පෙනෙන්නේ ලිපියේ To හි අඩංගු ලිපින වලට යොමු වූ ලිපියක් ලෙසයි. නමුත් Bcc හි අඩංගු කිසිදු ලිපිනයක් වෙනත් කිසිවෙකුට නොපෙනෙයි.
* To/ Cc වල ලිපින සඳහන් අයට Bcc ලිපින පෙනෙන්නෙ නෑ.
* Bcc වල සඳහන් යම් ලිපිනයක් Bcc වල සදහන් වෙනත් ලිපිනයක අයිතිකරුවෙකුට පෙනෙන්නෙ නැහැ.
* Bcc අයට To/ Cc වල සඳහන් ලිපින බලන්න පුළුවන්.
* Reply All යොදාගෙන reply කළොත් ප්‍රතිචාර ලිපිය යන්නෙ මුල් ලිපිය එවූ කෙනා සහ To/ Cc අය වෙත පමණයි.
Bcc ලිපිනයක් යොමු වුණු කෙනා තරමක් දුරට හොරෙන් සවන්දෙන්නෙක්.
@ශාකුන්තල
සැබෑව සැබෑව. මටත් ඔතන පොඩි පටලැවිල්ලක් තිබුනා. ඊට පස්සෙ මම ඒක ප්‍රායෝගිකව කරලත් බැලුවා.
දොස් නිදොස් කලාට තුති!
වදගත් ලිපියක්...හුගක් දෙනා මේ ගැන සැළකිලිමත් වෙන්නේ නැහැ....විනයානුකූලව කටයුතු කිරීම සැමගේ යුතුකමක්..සමහර මේල් තුළ විශාල විදිහට ලිපිනයන් අඩංගු වෙනවා...බොහෝ දෙනා මෙය සුළු කොටයි තකන්නේ
Gmail වල නම් හැම ඊමේල් එකකම BCC එක වලට පමණක් address list එක දමා යවන්න පුළුවන්..ඒත් links වලින් ෆොටෝ full open වෙලා පේන ඊමේල් වලට නම් එක addreess එකක් To: වලට දානම ඕනේ...නැත්නම් ඒ යවපු සේරම bounce වෙනවා.....ඒත් Yahoo වල නම් To: වලට address එකක් දාන්නේ නැතුව BCC වලට විතරක් දාලා යවන්න බෑ To:වලට එකක් දාන්නම ඕනේ නේද.
Post a Comment