Friday, July 16, 2010

NOKIA චාජරෙන් වෙනත් ෆෝන් චාජ්කරමු

ලගදි දවසක චයිනීස් ෆෝන් එකකට පෝටබල් චාජරයක් (වාහන වලට ගහන එකක්) හදන්න කොන්තරාත්තුවක් හම්බ උනා. මම කිහිප විටක්ම මගෙ නොකියා ෆෝන් වලට චාජර් හදන්න හැදුවා. ඒත් හරිගියෙ නෑ. මට ඕන වෙලා තිබිබෙ බැටරිය බැස්සට පස්සෙ වෝල්ට් 9 බැටරියක් චාජර් සොකට් එකට ගහලා හදිසි කෝල් එහෙම ගන්න පුළුවන් ක්‍රමයක් හදන්න. ඉතින් මම කරේ සෙනර් එකකින් වෝල්ටියතාව ස්ථායි කරලා වොල්ට් 5.3ක් දුන්න එක. සාමාන්‍යයෙන් ෆෝන් එකට දෙන්නෙත් 5~5.7v /500~900mA වගේ ධාරාවක් සහිත සරල ධාරා විදුලියක්. හබැයි මම හදපු සර්කිට් එකෙන් කොච්චර ධාරාවක් එනවද කියල නම් බලන්න විදියක් තිබිබෙ නෑ (මගෙ මල්ටි මීටරේ මල්ටි කීවට මල්ටිමත් නෙමේ. 19xx බර ගනන් වල එකක්). කොහොමහරි මට තේරෙන සෛද්ධාන්තිකව නම් සියල්ල හරියට තිබිබා, නමුත් ෆෝන් එකට ගහපුවාම "Not charging" කියලා වැටෙනවා. (1100 කැඩිච්ච ෆෝන් එකක්) කොහොම හරි ඒ ගැටළුව එහෙමම තියෙන්න ඇරියා. ආයෙත් රෙගියුලේටර IC එකක් පාවිච්චි කරලා වැඩේ කරල බලන්න ඕනා.

කියන්න ආපු කතාව චයිනීස් ෆෝන් එක ගැනනෙ. ඒකෙ ඩේටා කේබල් එහෙම තිබිබා (Etel එකක්). USB කේබල් එක සම්බන්ධ කලාම ෆෝන් එක චාර්ජ් වෙනවා. ඒ කියන්නෙ 5v වලටත් චාජ් වෙනවා කියන එකනෙ. ඊට පස්සෙ මම කල්පනා කලේ නොකියා පෝටබල් චාජර් එකෙන් කෙලින්ම කන්වර්ටර් කේබල් එකක් හදලා මේ ෆෝන් එකට දෙන්න. මොකද නොකියා චාජරයෙත් ආසන්නව 5v තියෙනවනෙ.

car_charger_nokia_eli887.jpgනොකියා පෝටබල් චාජරය

ඔය පින්තූරෙ තියෙන ජාතියෙ චාජරයක් මං ගාව තිබ්බ. ඒක කෙලින්ම වාහනේට සම්බන්ධ කරන්න පුළුවන්. 24v දක්වා වැඩ. ඉතින් මම කලේ වයර් කෑලි ටිකක් අමුණලා කම්පියුටරේ පවර් සප්ලයි එකෙන් 12v අරන් මේ චාජරේට දීලා මේකෙන් ෆෝන් එකට වයර් අමුණලා චාජ් වෙනවද කියල බලපු එක. වැඩේ ගොඩ, හොදට චාජ් වෙනවා. ඒත් පොඩි වෝල්ටියතා වෙනසක් තිබිබා. ෆෝන් එකේ චාජරය 5.2v/700mA. නමුත් නොකියා එක 5.7v/890mA. එහෙම උන එකත් එක අතකින් හොදයි. එතකොට ඉක්මනට චාජ් වෙනවා (බැටරියේ සෞඛ්‍යට ටිකක් හොද මදි උනාට).

----------------------
පෝටබල් චාජර් හදන්නෙ ඉක්මනට බැටරි චාජ් කර ගන්න. මොකද වාහනේ ගොඩ වෙලා ඉන්නෙ නෑනෙ. ඒ නිසා ඒ චාජර් එකෙන් අධි ධාරාවක් දීල ආරෝපණ ක්‍රියාව ඉක්මන් කරනවා.
----------------------

දැන් ඔක්කොම හරි. කරන්න තියෙන්නෙ නොකියා චාජරෙන් කන්වර්ටර් කේබල් එක හදන එක. ඒක හරි පහසුයි ඒකට පහත පින්තූරයේ තියෙන ජාතියෙ නොකියා චාජර් කන්වර්ටර් කේබල් එකකුයි USB‍ කේබල් එකකුයි ඕන.

DSC08675.JPG..11hiLBGLN2L._SL500_AA300_.jpg

ඊට පස්සෙ කපලා පාස්සන එක තමා තියෙන්නෙ. ඒකත් ඉතින් ටිකක් පරිස්සමින්. ඔය කේබල් කපපු ගමන් මෙන්න තියෙනවා නිල් පාට වයරුයි රතුපාට වයරුයි. මම ඉතින් ආයෙයත් හරිද කියලා බැලුවෙ නෑ නිල්-නිල්, රතු-රතු තියලා පෑස්සුවා. මෙන්න බොලේ කරන්ට් එකට ගහපුවාම චාජරේ වැඩ නෑ. ටික වෙලාවකින් "Battery low" කියලා ෆෝන් එක off වෙනවා. බලපුවාම වයර් මාරු වෙලා. ඊට පස්සෙ ආයෙ ගලවලා අර කේබල් හදපු උදවිය මතක් කර කර පෑස්සුවා. ඊට පස්සෙ අපූරුවට වැඩ. මේ තියෙන්නෙ ඒකෙ පින්තූර ටිකක්,

DSC08679.JPG ..DSC08680.JPG

Pin configuration------------------

Fullscreen capture 7162010 14526 PM.jpg .. usb_a_b_female.gif ..usb_a_b_male.gif

2 comments:

Madhawa Habarakada said...

එල එල. මමත් සමහර වෙලාවට මේ වගේ ජිල්මාට් දානව. එක පාරක් චුට්ටිම චුට්ටි ටෝච් එකක් හැදුව, ෆෝන් බැටරියක් දාල. රිචාජ් කරන්නත් පුළුවන්. එළියත් ඇස් කඩාගෙන යනව. :)

Anonymous said...

ela kolla tnx