Friday, March 12, 2010

WAMP මත WPMU

Fullscreen capture 222010 115626 PM.jpg

WAMP සමඟ WPMU දාන්න මට ඕන උනා. ගොඩක්ම BuddyPress කියන Social Network එක ටිකක් දාලා බලන්න. අන්තර්ජාලයෙ සැරිසරලා බැලුවට ඒ තරම් දෙයක් ලැබුනෙ නෑ. ඊට පස්සෙ අන්තර්ජාලයෙන් හොයාගත්ත දේවල් ටික එකතු කරලා WPMU සමඟ BuddyPress දා ගත්තා.

WPMU දාන එක හිතපු තරම් අමාරු නෑ. වෙනස් කිරීම් දෙකක් කරපුවාම ඇති.
1. Apache හි rewrite මොඩියුලය සක්‍රිය කිරීම
Fullscreen capture 222010 115318 PM.jpg

2. වින්ඩෝස්හි system32\drivers\etc\hosts හි localhost යන්න localhost.localdomain ලෙස වෙනස් කිරීම.
Fullscreen capture 222010 115154 PM.jpg

දැන් කිසි ප්‍රශ්නයක් නැතිව WPMU ගෙදර ඉදන්ම අතිහදා බැලුව හැකියි.හැබැයි BuddyPress වලට නම් වෙනමම සක්ස් කරපු තීම් ටිකක් ඕනා. ඒව ඔවුන්ගේ මවු අඩවියෙන්ම ලබා ගන්න පුළුවන්.

BuddyPress වලට අමරව අපිට නොමිලයේ ලබා ගන්න පුළුවන් Social Network වෙබ් මෘදුකාංග ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් ඒවගේ වෙබ් ලිපිනයන් දාලා යන්න පුළුවන් නම් අගෙයි. :)

Tuesday, March 09, 2010

මගේ බැකප් කිරිල්ල

මම වගේම ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නෙ වින්ඩෝස්. ඒත් සමහර වෙලාවල් වලට හිටපු ගමන්ම වින්ඩෝස් සම්පුර්ණයෙන් අයින් කරල ඒ පාටිෂන් එකමත් ෆෝමැට් කරන්න වෙන අවස්ථා බහුලයි. ඒ වෙලාවට අපේ ගොඩක් ෆයිල් බැකප් කරගන්න වෙනවා. මොකද නිරායාසයෙන්ම My Documents වලටයි Desktop එකටයි අපි අතින් ෆයිල් කොපි වෙන නිසා. ව්න්ඩෝස් වලට යා ගන්නම බැරි වෙලාවට මේ බැකප්කිරිල්ල අලි වදයක් වෙනවා. ඒනිසා දැන් මම නම් කරන්නෙ My Documents, Desktop වගේ ෆෝල්ඩර් වින්ඩෝස් තියෙන් පාටිෂන් එකෙන් අයින් කරලා වෙන පාටිෂන් එකකට දාන එක. එතකොට සදහටම ඒ ෆෝල්ඩර් එහෙමම Organize කරලා තියාගත හැකියි.

ගොඩක් දෙනෙක් මේ වැඩේ දන්නවා නම් ඇති. ඒත් ඉතින් කියන්නම්කො.මේ වැඩේ හරි පසුවෙන් වින්ඩෝස් රෙජිස්ටරේ වෙනස් කරලා කරගත හැකියි. සමහර Tweaking මෘදුකාංග වලිනුත් කරන්න පුළුවන්.

වින්ඩෝස් රෙජිස්ටරේට යන්න දන්නෙ නැත්නම් Win Key + R ඔබල Run එකට ගිහින් regedit කියලා ගහලා Enter කරන්න. කෙලින්ම රෙජිස්ටරේට යයි.(ගියාට ඉතින් එක එක ඒවා වෙනස් කරන්න යන්න එපා)

madhuranga_run.gif

ඊට පස්සෙ මේ Path එකට ගිහින් ඕනා කරන Values වෙනස් කරගත හැකියි. මේ දෙකේම අගයන් වෙනස් කරන්න ඕනා.

  1. HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\User Shell Folders
  2. HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\Shell Folders

madhuranga_reg_backup.gif

ඊට පස්සෙ Restart කරලා බලන්න. වෙනස්කම් සියල්ල වැඩ කරාවි. මම නම් මේ Registry values export කරලා තියන් ඉන්නවා. ෆෝමැට් කලාට පස්සෙ ඒවා කෙලින්ම රෙජිස්ටරේට දාගන්න පුළුවන් එතකොට. ඒ වගේම My photos, My Documents වගේ ඒවා Start menu එකේදි ක්ලික් කලත් යන්නෙ අපි අර වෙනස් කරපු තැනටමයි. Word වලින් එහෙම කෙලින්ම ෆයිල් සේව් කරන්න අහන My Documents ෆෝල්ඩරය විදියට ඇරෙන්නෙත් අපි අර වෙනස් කරපු තැනටමයි.

අවවාදයයි: අනවශ්‍ය ලෙස වින්ඩෝස් රෙජිස්ටරය වෙනස් කිරීමෙන් මෙහෙයුමු පද්ධතියට හානි සිදුවිය හැක. ප්‍රවේසමෙන් පරිහරණය කරන්න!!