Monday, May 07, 2012

Ibus, an alternative for KeyMan?

සිංහල යතුරු ලියනය කිරීමට (යුනිකේත නොවන) වින්ඩෝස් මත දී නම් පහසුකම් ඇත. ඒ සඳහා KeyMan නම් වානිජ මෘදුකාංගය බොහෝ පිරිස් අතර භාවිතා වේ. නමුත් ලිනක්ස් මතදී සිංහල යතුරු ලියනය කිරීම සඳහා මේතාක්කල් පහසු ක‍්‍රමයක් නොතිබුණි. පුද්ගලිකව මා කිහිප විටක්ම පුර්ණ ලෙස ලිනක්ස් වෙත මාරුවීමට තැත්කලද ලිනක්ස්හි තිබූ විවිධ අඬුලූහුඩුකම් නිසා ඒ උත්සාහයන් අසාර්ථක විය. FMAbhaya වැනි සිංහල අකුරු පහසුවෙන් යතුරු ලියනය කිරීමට නොහැකි වීම ඒ අතර ප‍්‍රධාන ගැටළුවක් විය.

මා මීට වසර කීපයකට ප‍්‍රථම වින්ඩෝස් සඳහා යතුරු ලියන ආකාර කිහිපයක් වැඩිදියුණු කළ අතර මාගේ උසස් පෙළ ව්‍යාපෘතියත් එයම විය. ඒ දිනවල සිටම ලිනක්ස් සදහා යතුරු ලියන ආකාරයක් වැඩිදියුණු කිරීමේ අදහස සිතේ තිබුණත් එය සඵල කරගැනීමට හැකිවූයේ මීට දින කීපයකට පෙරාතුවය.

මෙම ක‍්‍රමය Ibus සඳහා නිමවූවකි. එනිසා ප‍්‍රථමයෙන් ලිනක්ස් මත Ibus ස්ථාපනය කොට ගත යුතුය.

Read the rest

6 comments:

යූත්මැක්ස් said...

ඒ කියන්නේ ලිනක්ස් වල ඉඳලා FMAbhaya වැනි ෆොන්ට් පාවිච්චි කරන්න පුළුවන්ද? නැතිනම් මේකත් යුනිකෝඩ් වලට විතරත් සහාය දක්වන එකක් ද?

ෂදීශ් ගේ සටහන said...

කාලේකින් මෙක ලියන්න ගත්ත එකම ලොකු දෙයක්...සුභපැතුම් ..

Madhuranga Rathnayake said...

@අජිත් අයිය,
යුනිකෝඩ් නෙවෙයි, FMAbhaya වලටම හදපු එකක්... :D

Madhuranga Rathnayake said...

@ෂදීශ් ගේ සටහන
හ්ම්... කැම්පස් ආවත් හරි මේ ලීවමද කොහෙද :(

අචින්ත කේ. සුරංජය said...

කෝ එතකොට සොෆෙට්යවෙයාර් එකක...?

Madhuranga Rathnayake said...

Hello Achintha,
This just an extra addition to ibus. Downloads are all expired I guess. If you need it I can email. And at the moment I'm developing much convenient cross-platform software. will publish it soon (only the documentation is remaining, lazy to do that part :P)