Sunday, May 20, 2012

ලිනක්ස් මත FMAbhaya (සහ වෙනත් යුනිකේත නොවන) සිංහල අකුරු යතුරුලියනය කිරීම.

ශ්‍රී ලංකාවේ මුද්‍රණ තුළ තවමත් භාවිතා වන්නේ FMAbhaya, Amalee, Nidahasa, Ranasuru වැනි අක්ෂර රටාවනුයි. එම අක්ෂර හා ඉංග්‍රීසි අක්ෂර අතර එක් අතකට අසමානකමක් නැති තරම්ය. සෑම අක්ෂරයක් සඳහාම ඉඩක් ඇති අතර අක්ෂරයේ පිහිටීම (යතුරුලියනයෙන් පසුව) පෙරනිමියෙන් තීරණය කර ඇත. අක්ෂර පිහිටා ඇති ස්ථානද නිර්මාපකයාගේ අවශ්‍යතාව අනුව වෙනස් වේ. එනිසා අදාල අක්ෂර යතුරුලියනයේදී මහත් අපහසුතාවකට පත්වේ.



Monday, May 07, 2012

Ibus, an alternative for KeyMan?

සිංහල යතුරු ලියනය කිරීමට (යුනිකේත නොවන) වින්ඩෝස් මත දී නම් පහසුකම් ඇත. ඒ සඳහා KeyMan නම් වානිජ මෘදුකාංගය බොහෝ පිරිස් අතර භාවිතා වේ. නමුත් ලිනක්ස් මතදී සිංහල යතුරු ලියනය කිරීම සඳහා මේතාක්කල් පහසු ක‍්‍රමයක් නොතිබුණි. පුද්ගලිකව මා කිහිප විටක්ම පුර්ණ ලෙස ලිනක්ස් වෙත මාරුවීමට තැත්කලද ලිනක්ස්හි තිබූ විවිධ අඬුලූහුඩුකම් නිසා ඒ උත්සාහයන් අසාර්ථක විය. FMAbhaya වැනි සිංහල අකුරු පහසුවෙන් යතුරු ලියනය කිරීමට නොහැකි වීම ඒ අතර ප‍්‍රධාන ගැටළුවක් විය.

මා මීට වසර කීපයකට ප‍්‍රථම වින්ඩෝස් සඳහා යතුරු ලියන ආකාර කිහිපයක් වැඩිදියුණු කළ අතර මාගේ උසස් පෙළ ව්‍යාපෘතියත් එයම විය. ඒ දිනවල සිටම ලිනක්ස් සදහා යතුරු ලියන ආකාරයක් වැඩිදියුණු කිරීමේ අදහස සිතේ තිබුණත් එය සඵල කරගැනීමට හැකිවූයේ මීට දින කීපයකට පෙරාතුවය.

මෙම ක‍්‍රමය Ibus සඳහා නිමවූවකි. එනිසා ප‍්‍රථමයෙන් ලිනක්ස් මත Ibus ස්ථාපනය කොට ගත යුතුය.

Read the rest